නවතම පුවත්

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියට නව නැම්මක්....

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග ජාලය කළමනාකරණය කිරීම සඳහා පිහිටුවන ලදීම සහස්යා ඉන්වේස්ට්මන්ට් ආයතනයේ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ල කොස්වත්ත පිහිටි මග නැගුම පරිශ්‍රයේ හත්වැනි මහලේ ස්ථාපිත...

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ පළමු සහ අවසන් ගමනාන්ත සම්බන්ධතාව වැඩිදියුණු කිරීම.

දිනපතා කොට්ටාව- මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය 12,000 ක පමණ මගීන් ප්‍රමාණයකට සේවාව සපයයි. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය, ස්ථාපිත කිරීමේ මුලික අරමුණු සාක්ෂාත් කිරීම සඳහා ප්‍රවාහන ක්ෂේත්‍රයන් ඒකාබද්ධ කරමින් මගීන්ට වඩාත් වේගවත්,...

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත් වන්න...

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත් වන්න....රජය ජනතාවගෙන් ඉල්ලයි * 2024 වසරේදී අධිවේගී මාර්ගවල මාරක අනතුරු ඉහළට* මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන්...

කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ සියවස් පූර්ණය අද බදුල්ලේදී උත්කර්ෂවත් ලෙස .... "දුන්හිඳ ඔඩිසි" සමගින්...

කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ ශත වර්ෂ පූර්ණය සමරණුවස්, " දුන්හිඳ ඔඩිසි"  නව දුම්රිය 2024-04-05  පෙරවරුවේ  ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන්...

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියට නව නැම්මක්....

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග ජාලය කළමනාකරණය කිරීම සඳහා පිහිටුවන ලදීම සහස්යා ඉන්වේස්ට්මන්ට් ආයතනයේ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ල කොස්වත්ත පිහිටි මග නැගුම පරිශ්‍රයේ හත්වැනි මහලේ ස්ථාපිත...

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ පළමු සහ අවසන් ගමනාන්ත සම්බන්ධතාව වැඩිදියුණු කිරීම.

දිනපතා කොට්ටාව- මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය 12,000 ක පමණ මගීන් ප්‍රමාණයකට සේවාව සපයයි. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය, ස්ථාපිත කිරීමේ මුලික අරමුණු සාක්ෂාත් කිරීම සඳහා ප්‍රවාහන ක්ෂේත්‍රයන් ඒකාබද්ධ කරමින් මගීන්ට වඩාත් වේගවත්,...

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර...

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත් වන්න....රජය ජනතාවගෙන් ඉල්ලයි * 2024 වසරේදී අධිවේගී මාර්ගවල මාරක අනතුරු ඉහළට* මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන්...

කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ සියවස් පූර්ණය අද බදුල්ලේදී උත්කර්ෂවත් ලෙස .......

කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ ශත වර්ෂ පූර්ණය සමරණුවස්, " දුන්හිඳ ඔඩිසි"  නව දුම්රිය 2024-04-05  පෙරවරුවේ  ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන්...

නාගරික ගමනාගමනයෙහි නව්‍යතාවයක්

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආකෘතිය හරහා කොම්පඤ්ඤවීදිය කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල සහ ගල්කිස්ස යන ප්‍රධාන දුම්රිය ස්ථාන හය සංවර්ධනය කිරීම තුළින් නාගරික ප්‍රදේශයන් වෙත නව මුහුණුවරක් ලබාදීමේ පෙර නොවූ අවස්ථාවක් සඳහා...

විදේශිකයන්ට මෙරට රියදුරු බලපත්‍ර ගුවන් තොටුපොළේදීම ...

ශ්‍රී ලංකාව තුල පරිහරණය කළහැකි මෙරට රියදුරු බලපත් අවශ්‍ය විදේශිකයන් හට,ඔවුන් මෙරටට පැමිණෙන අවස්ථාවේදීම ඉතා කඩිනමින් එම අවශ්‍යතාව ඉටුකරදීමට නව ක්‍රමවේදයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබේ. අ‍ප්‍රේල්...

පාසලටත් මාර්ග නීති ..... සෑම පාසලකම මාර්ග ආරක්ෂාව පිළිබඳ ශිෂ්‍ය සංසද…

වර්ථමානය වනවිට ශ්‍රී ලංකාව තුළ රිය අනතුරු විශාල වශයෙන් වර්ධනය වී ඇති අතර, රිය අනතුරු මගින් දිනකට අර්ධ බෙලහීන මෙන්ම පූර්ණ බෙලහීනත්වයට පත්වන ප්‍රමාණය දිනෙන් දින වර්ධනය වී තිබේ. එමෙන්ම ...

බස් අනතුරු වළක්වාගන්න නව ක්‍රමවේදයක්..... ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ ජාතික ගමනාගමන...

  ශ්‍රී ලංකාව තුල දෛනිකව සිදුවන්නාවූ මරණ වලින් විශාල ප්‍රතිශතයක් මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන අතර රියදුරන්ගේ නොසැලකිලිමත් බව මෙන්ම අපරික්ෂාකාරි බව මේ සඳහා මූලිකම හේතු ලෙස දැක්විය හැක. මෙසේ සිදුවන්නාවූ...

දැක්ම

“කලාපයේ විශිෂ්ටතම මගී ප්‍රවාහකයා.”

මෙහෙවර

“මහජනතාවට ආරක්ෂිත, විශ්වාසදායි, සුවපහසු මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවයක් සාධාරණ ගාස්තු ක්‍රමයක් යටතේ සේවයට කැපවූ ඵලදායී කාර්ය මණ්ඩලයක් මඟින් ආයතනයේ සියලුම සම්පත් උපරිම ප්‍රයෝජනයට ගනිමින් ආර්ථිකමය වශයෙන් තුලනාත්මකව පවත්වාගෙන යාම.”

හැඳින්වීම

ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන සේවාව තුළ රාජ්‍ය අංශයේ දායකත්වය ප්‍රමුඛව ලබාදෙන ආයතනය වන ශ්‍රී ලංගම වසරේ සෑම දිනකම ජනතාවට සේවය කරනු ලබන රාජ්‍ය ආයතන අතර ප්‍රමුඛ ස්ථානයක් ගනී.

 

 

දැක්ම

සෑම සුක්කානමක් පිටුපසම නිරෝගිමත් රියදුරකු හිඳුවීම.

මෙහෙවර

ශ්‍රී ලංකාව තුළ ප්‍රවාහන වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වෙමින් සියළුම රියදුරු බලපත්‍ර අපේක්ෂකයන්ට අධ්‍යාත්මික හා ගුණාත්මක වෛද්‍ය පරීක්ෂණ සිදුකර ශාරීරික හා මානසික යෝග්‍යතාවය පිළිබඳ සහතික කිරීම.

හැඳින්වීම

සීමාසහිත සවුත් වෙස්ටර්න් බස් සමාගමට අයත්ව, එහි සේවක සේවිකාවන් හට වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙස රත්මලාන ඩිපෝ පරිශ්‍රයේ පිහිටුවා තිබූ මෙම ආයතනය 1958 බස් සමාගම් ජනසතු කිරීමත් සමඟම ලංකා ගමනාගමන මණ්ඩලය සතු විය. බස් ජන සතුවෙන් පසුව “ලංගම වෛද්‍ය කොට්ඨාශය” නමින් මෙය හඳුන්වන ලදි. සේවා පුළුල් කිරීමේ අරමුණින් රත්මලාන ඩිපෝ පරිශ්‍රය තුළ පිහිටුවා තිබූ වෛද්‍ය මධ්‍යස්ථානය, 1970 වර්ෂයේදී ලංගම සතුව තිබූ නුගේගොඩ, හයිලෙවල් පාර, අංක : 170 දරණ ස්ථානයට ගෙන එන ලද අතර, වර්තමානයේ “ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය” යන නමින් ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ස්වයං ආදායම් උත්පාදන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතනයක් වශයෙන් 1997 අංක 25 දරණ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන පනත අනුව ක්‍රියාත්මක වේ. ආයතනයේ මූලික අරමුණු ඉටුකර ගැනීම උදෙසා, ප්‍රධාන කාර්යාලය හා ශාඛා කාර්යාල විසිපහක් (25) දිවයින පුරා ස්ථාපිත කර ඇත.

ආයතනයේ ඉදිරි දැක්මට අනුගත වෙමින් ශ්‍රී ලංකාව තුළ සිටින බර වාහන මෙන්ම සැහැල්ලු වාහන රියදුරන්ගේ සෞඛ්‍යමය තත්ත්වය පිළිබඳව උසස් හා ගුණාත්මක වෛද්‍ය පරීක්ෂණයක් සිදුකර, ඒ අනුව වෛද්‍ය සහතික නිකුත් කිරීම සඳහා ප්‍රධාන කාර්යාලය හා ශාඛා කාර්යාල මගින් අවශ්‍ය සේවා සම්පාදනය කර, ආයතනයේ ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරමින් සිටී.

පරමාර්ථ

  • සියළුම රියදුරු බලපත්‍ර අයදුම්කරුවන්ගේ ශාරීරික සහ මානසික යෝග්‍යතාවය පරීක්ෂා කර බැලීම.
  • නිකුත් කරනු ලබන වෛද්‍ය සහතිකයේ ගුණාත්මක බව හා ආරක්ෂක උපක්‍රම ‍වර්ධනය කිරීම.
  • මනා මානව සම්පත් කළමනාකරණය තුළින් සේවාවේ ගුණාත්මක බව ළඟා කර ගැනීම.

ආයතනයේ කාර්යයන්

  • බරවාහන ඇතුළු සියළු වර්ගවල මෝටර් වාහන පදවන හෝ ධාවනය කරන රියදුරන්ට සහ ධාවකයන්ට වෛද්‍ය සේවා සැලසීම.
  • බරවාහන ඇතුළු සියළු වර්ගවල මෝටර් වාහනවල රියදුරන් හා ධාවකයන් පරීක්ෂා කර ඒ රියදුරන්ට හා ධාවකයන්ට ශාරීරික හා මානසික යෝග්‍යතාව පිළිබඳ සහතික ලබාදීම.
  • බරවාහන ඇතුළු සියළු වර්ගවල වාහනවල රියදුරන් හා ධාවකයන් වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කර ඔවුන්ගේ සුදුසුකම සහ යෝග්‍යතාව පිළිබඳ නිර්දේශ ලබාදීම.
  • කවර හෝ වර්ගයක මෝටර් වාහනවලට අදාළ අනතුරු හා සම්බන්ධ අවස්ථාවලදී වෛද්‍ය සේවා සැලසීම.
  • සියළු වර්ගවලට අයත් මෝටර් වාහන, ශාරීරිකව හා මානසික යෝග්‍ය හා ප්‍රවීණ තැනැත්තන් විසින් පමණක් ධාවනය කරනු ලබන හෝ පදවනු ලබන බවට, ආයතනය විසින්ම හෝ වෙනත් නියෝජිත ආයතන වලින් විමසා කටයුතු කිරීමට වගබලා ගැනීම.
  • කාර්මික ස්වස්ථතාව සහ කාර්මික අනතුරු පිළිබඳව වෛද්‍ය උපදෙස් හා නිර්දේශ ලබාදීම.
  • අදාළ ක්‍රියාත්මක කිරීමේ බලධරයන් විසින් පිළිගත යුතු හා ක්‍රියාත්මක කළ යුතු ප්‍රවාහන වෛද්‍ය කටයුතුවලට ප්‍රමිති සකස් කිරීම හා සීමා නියම කිරීම.

 

 

දැක්ම

“ශ්‍රී ලංකා වාසී ජනතාවට හොඳ ආකර්ශණීය ප්‍රවාහන සේවයක් සඳහා දායක වීම.”

මෙහෙවර

“ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හා පුද්ගලික බස් හිමියන්ගේ අබලන්වන මගී බස් රථ සහනදායී මිලකට උසස් තත්ත්වයෙන් අලුත්වැඩියා කොට ධාවනයට එක් කිරීම.”

හැඳින්වීම

මෙම ආයතනයේ මූලික පරමාර්ථය වන්නේ ශ්‍රී ලංගම බස් රථ අඩු වියදමකින් උසස් ප්‍රමිතියක් යටතේ අලුත්වැඩියා කොට පොදු ජන සේවයට එකතු කිරීමයි.

දැක්ම

"සැමට සුරක්ෂිත මාර්ග පද්ධතියක්"

මෙහෙවර

"තිරසර සංවර්ධනය උදෙසා මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහි කිරීම"

හැඳින්වීම

1998 අංක 05 දරණ මෝටර් වාහන සංශෝධන පනත මඟින් ස්ථාපිත කර ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ක්‍රියාත්මක වේ. සැමට සුරක්ෂිත මාර්ග පද්ධතියක් ඇති කිරීම යන තේමාව යටතේ ක්‍රියාත්මක වන එකම රාජ්‍ය ආයතනය වන්නේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවයි. මෙම සභාව සභාපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආයතන 16 ක් සහ රාජ්‍ය නොවන ආයතනයක නියෝජිතයකුගෙන් සමන්විත වන අතර, මෝටර් රථ වාහන පනතේ 213 “අ” වගන්තියෙන් මෙම සභාවේ කාර්ය භාරය දක්වා ඇති අතර, එම සභාවට අරමුදල් සැපයීම සඳහා මාර්ග ආරක්ෂණ අරමුදල පිහිටුවා ඇත. මෙම අරමුදල සඳහා තුන්වන පාර්ශවයේ සියලුම රථ වාහන රක්ෂණ මුදලින් 1% ක මාර්ග ආරක්ෂණ බද්දක් අයකරන අතර එම අයකරන බදු මුදල මාසිකව මෙම අරමුදලට අදාල රක්ෂණ ආයතනය විසින් බැර කෙරේ.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ අරමුණු

  • විනය ගරුක හා නීති ගරුක රියදුරන් බිහි කිරීම තුළින් ඉහළ ගුණාත්මක රියදුරු සේවාවක් බිහි කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම.
  • හප්පා පලා යෑම නිසා වින්දිත වූ පවුල් සඳහා මූල්‍යාධාර ලබා දීම සහ එවැනි අනතුරු අවම කිරීමට ක්‍රියා කිරීම.
  • මාර්ගය සහ එය භාවිතාකරන වාහන හා ගමන් ගන්නා මගීන් ඇතුළු පදිකයින්ගේ ආරක්ෂාව සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හදුනා ගැනීම සහ ක්‍රියාත්මක කිරිම.
  • මාර්ග ආරක්ෂාව පිළිබඳ දත්ත එක් රැස් කිරීම, සමීක්ෂණ හා පර්යේෂණ පැවැත්වීම සහ අන්තර් ජාතික සම්බන්ධීකරණය වර්ධනය කර ගැනීම.
  • රාජ්‍ය අංශය‚ රාජ්‍ය නොවන සංවිධාන හා පෞද්ගලික ආයතන සමඟ එක්ව ජාතික මාර්ග ආරක්ෂණ ප්‍ර‍තිපත්ති ක්‍රියාවට නැංවීම හා පැන නැගෙන දුර්වලතා අවම කර ගැනීම.
  • මාර්ග අනතුරු නිසා ආබාධිත තත්ත්වයට පත්වන පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය කටයුතු කිරීම.
  • ආර්ථික තාක්ෂණික සහ සමාජීය වශයෙන් ක්‍රියාත්මක කලහැකි ක්‍රියාකාරකම් සහ පරිසර හිතකාමී ආරක්ෂිත පියවරවල් අනුගමනය කිරීම සඳහා මූල්‍යාධාර සහ උපදෙස් ලබාදීම.
  • ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තිය සැකසීමට හා එහි ක්‍රියාකාරීත්වයට දායකත්වය ලබා දීම.
  • මාර්ග ආරක්ෂාවට අදාළ නීති සැකසිම සංශෝධනය වැනි ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය දායකත්වය ලබා දීම.

 

නම සහ තනතුර දුරකතන අංකය ෆැක්ස් අංකය ඊමේල් ලිපිනය

මලිත් ජයතිලක මයා

සභාපති

+94 113 168 501 +94 112 680 163

ncrstransport[at]gmail.com

 ආර්. ඒ. කේ. රේණුකා මිය

ලේකම්

+94 112 687 435 +94 112 681 403 -

 

 
 
 
 

ප්‍රවාහන අමාත්‍යාංශය වෙත සාදරයෙන් පිළිගනිමු

ප්‍රවාහන  අමාත්‍යාංශය ප්‍රවාහනය සඳහා වගකිව යුතු ශ්‍රී ලංකා මධ්‍යම රජයේ අමාත්‍යාංශයයි.ප්‍රවාහන අමාත්‍යාංශය හා එහි විෂය පථයට අයත් අනෙකුත් විෂයයන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශය වගකිව යුතුය. රටේ දුම්රිය සහ පොදු බස් රථ ප්‍රවාහන පද්ධතිය අමාත්‍යාංශය විසින් පාලනය කරයි.

Video Gallery