දැක්ම
“ප්‍රවීණ සහ විශ්වසනීය නියාමකයෙකු වීම තුලින් සැමට සුරැකි අහසක් සහතික කිරීම“
මෙහෙවර
“ක්‍රමෝපායික සැලසුම්කරණය හා ඵලදායී නියාමනය තුළින්, ජාත්‍යන්තර ප්රමිතීන් සහ නිර්දේශිත පරිචයන්ටද, ජාතික නීති කාරක අවශතාවයන්ටද, අනුකූලවන්නාවූ නිරුපද්‍රිත, සුරක්ෂිත, කාර්යක්ෂම, විධිමත් සහ පරිසර හිතකාමී ජාතික සිවිල් ගුවන් සේවා පද්ධතියක් මෙහෙයවීම”
හැඳින්වීම
ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ මූලික කාර්යභාරය වනුයේ 2002 අංක 34 දරණ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය පනතේ සහ 2010 අංක 14 දරණ සිවිල් ගුවන්සේවා පනතෙහි ඇතුළත් ව්‍යවස්ථාමය ප්‍රතිපාදන යටතේ කටයුතු කරමින් ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (ICAO) විසින් සම්මතකරන ලද අදාල ජාත්‍යන්තර ප්‍රමිති සහ නිර්දේශිත පරිචයන්ට අනුකූලව සිවිල් ගුවන්සේවාවේ නිරුපද්‍රිතතාව, සුරක්ෂිතතාව, කාර්යක්ෂමතාව සහ ක්රමවත්භාවයත් සිවිල් ගුවන්සේවාවෙන් පරිසරයට ඇති වන බලපෑමත් නියාමනය කිරීම සහ ඒ සමගම ශ්‍රී ලංකික පුරවැසියන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවමින් ශ්‍රී ලංකාවේ ගුවන්සේවා අංශය ජාතික ආර්ථික වර්ධනයෙහි දායක අංශයක් වශයෙන් ඉදිරියට ගෙන යාමය.
ආදර්ශ පාඨය
“සැමට සුරැකි සහ කාර්යක්ෂම අහසක්”
දර්ශනය
අපට ඉහළින් ඇති ගුවන් අවකාශය, සමාජ, ආර්ථික සංවර්ධනය සඳහා වන අති විශාල විභවයක් සහිත අප රටේ ප්රගමනය සහ සෞභාග්‍යය උදෙසාත්, ජාතියේ සෞභාග්‍යය උදෙසාත් කළමනාකරණය කළ යුතු පොදු වස්තුවකි.
අරමුණු
- නිරුපද්‍රිතතා හා සුරක්ෂිතතා ප්‍රතිඵල ලබා ගැනීම සඳහා කලින් නියම කළ ඉලක්ක මුදුන් පමුණුවා ගැනීම හෝ ඒවා අභිබවා යෑම
- වෘත්තීයභාවයට සහ නිපුණත්වයට පත් වීම
- පුළුල් විශ්වාසනීයත්වයක් සහ පිළිගැනීමක් ලබා ගැනීම
- අධිකාරියේ කාර්යසාධනය තිරසාර ලෙස පවත්වා ගැනීම හා වැඩි දියුණු කිරීම
- සෑම ක්‍රියාවක්ම ඉහළම මට්ටමේ ඵලදායිතාවයකින් යුක්තව ඉටු කිරීම
- ජාත්‍යන්තර ප්‍රමිති හා නිර්දේශිත පරිචයන් සඳහා ඉහළම මට්ටමේ අනුකූලතාවයක් දැක්වීම
- සිවිල් ගුවන්සේවා කටයුතු සැලසුම්කරණය හා සංවිධානය කිරීම සඳහා ශක්තිමත් පහසුකම් සපයන්නෙකු වීම
ක්‍රමෝපාය
- අදාළ ජාත්‍යන්තර ප්‍රමිති හා නිර්දේශිත පරිචයන්ට අනුකූල වන පරිදි ව්‍යවස්ථාපිත කටයුතු වැඩි දියුණු කළ ස්ථාවර මට්ටමකින් ක්‍රියාත්මක කිරීම හා සමාජ වගකීම සපුරාලීම
- සුවිශේෂී ගුවන් සේවා ගැටළු සඳහා විසඳුම් හඳුනා ගැනීම සහ එම විසඳුම් ක්‍රියාත්මක කිරීම
- සංස්කෘතිකමය වෙනස්කම් සිදු කිරීම සඳහා සුවිශේෂී සමාරම්භක හඳුන්වා දීම
- ගුවන්සේවා කර්මාන්තය සමඟ සම්බන්ධීකරණය සහ හවුල්කාරීත්වය ඇති කර ගනිමින් කටයුතු කිරීම
- පාරදෘශ්‍ය හා ස්ථාවර අන්දමින් මෙහෙයුම් කටයුතු සිදු කිරීම සහ බාහිර හා අභ්‍යන්තර යන ද්විත්ව ආකාරවලින්ම ඵලදායී අන්දමින් සන්නිවේදන කටයුතුවල නිරත වීම.
- සියළුම ලේඛන, ද්‍රව්‍ය හා අභ්‍යන්තර ක්‍රියාපටිපාටිවල සඵලදායී බව හා ස්ථාවරබව පවත්වා ගැනීම.