image 1

දකුණු ආසියාවේ විශාලතම ජාතික  දුම්රිය කෞතුකාගාරය මෙම වසර තුළ විවෘත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

මරදානේ දුම්රිය දෙපාර්තමේන්තුවට ආසන්න ඉඩමක දැනට ඉදි කිරීම් කටයුතු අවසන් වෙමින් තිබෙන එම දුම්රිය කෞතුකාගාරය පසුගියදා අමාත්‍යවරයා විසින් නිරීක්ෂණයට ලක් කළේය.

ජාතික දුම්රිය කෞතුකාගාරයේ ඉදි කිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමෙන් අනතුරුව එය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට බාර දීමට නියමිතය. එමෙන්ම දැනට කඩුගන්නාවේ  එක් ප්‍රදේශයක ඉදි කර තිබෙන දුම්රිය කෞතුකාගාරයේ අඩංගු වන අංශ ද මෙම කෞතුකාගාරයට ගෙන ඒමට  අවශ්‍ය නම් ඒ් සඳහා සුදුසු පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දුන්නේය. 

මෙම ජාතික දුම්රිය කෞතුකාගාරය මෙම වසරේ අවසන් කාර්තුව වනවිට විවෘත කිරීමට හැකියාව ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට  දැනුම් දුන්නේය.

 

 

002

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සේවා අංශයට සම්බන්ධව ක්‍රියාත්මක වන සියළුම ආයතන සම්බන්ධීකරණය තුලින් ප්‍රවාහන සේවා කටයුතු මනාව සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම,මෙහෙයවීම හා බලාත්මක කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම සදහා ප්‍රවාහන සේවා කළමනාකරණ ගරු අමාත්‍යතුමා විසින් මෙම කමිටුව ස්ථාපිත කරන ලදී. විශේශයෙන්ම කොවිඩ් - 19 වසංගත තත්වය පාලන තත්වයේ සිට මැඩ පැවැත්වීමේ කාලය දක්වා තුළ රටේ ආර්ථික හා සමාජ කටයුතු සාමාන්‍ය තත්වයට ගෙන ඒමේ දී ප්‍රවාහන අංශය ප්‍රමුඛතම අංශයක් ලෙස ඉතා වැදගත් වන බැවින් එකී අංශය ක්‍රමිකව ඉතා කඩිනමින් යථා තත්වයට පත්කරලීමේ මෙහෙයුම් යාන්ත්‍රනය ස්ථාපිත කිරීම මෙම කමිටුවේ ප්‍රධානතම කර්තව්‍ය වනු ඇත. එහිදී සෞඛ්‍ය සේවා බලධාරීන්ගේ උපදෙස් හා බලාත්මක නීතිරීති වලට යටත්ව අදිරයයන් වශයෙන් මෙම කර්තව්‍ය සැලසුම් කිරීමත්, මෙහෙයවීමත් එමඟින් අපේක්ෂා කෙරේ. ඒ අනුව මෙම කමිටුවේ ප්‍රධාන කාර්යයභාරය වනුයේ,

  1. කොවිඩ් වසංගතය පාලන තත්වයට ගෙන ඒමත් සමඟ සෞඛ්‍ය සේවා බලධාරීන්ගේ මාර්ගෝපදේශ වලට යටත්ව ප්‍රවාහන සේවා යථා තත්වයට පත් කිරීමේ අදිරයයන් (දිස්ත්‍රික්ක තුල/පලාත් අතර) අනුව ගමනාගමන ක්‍රමෝපාය සැලසුම් කිරීම
  2. ප්‍රවාහන සේවාවන්ට අඳාල සියළුම පාර්ශවකාර ආයතන සම්බන්ධිකරණය තුලින් පලාත් මට්ටමෙන් ඒකාබද්ධ ප්‍රවාහන සැලසුම් කිරීම
  3. සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන්නන් විසින් පිලිපැදිය යුතු මාර්ගෝපදේශ සකස් කිරීම.
  4. මගී ජනතාව විසින් පිලිපැදිය යුතු නීතිරීති හා මාර්ගෝපදේශ සකස් කිරීම හා දැනුවත් කිරීම සඳහා කටයුතු සම්පාදනය කිරීම.
  5. එදිනෙදා ප්‍රවාහන සේවා කටයුතු පසුවිපරම් කිරීමට හා වැඩිදියුණු කිරීමේ විධිවිදාන යෙදීම.

මෙම කමිටුවේ සංයුතිය පහත සඳහන් පරිදි වේ.

ප්‍රවාහන සේවා කළමනාකරණ කාර්යය සාධක බලකාය

සභාපති

1.එච්.එම් ගාමිණි සෙනෙවිරත්න මහතා

ලේකම්, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය

ලේකම්

2.ජේ.එම් තිලකරත්න බණ්ඩා මහතා

අතිරේක ලේකම්(සැලසුම්), ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය

 අනෙකුත් සාමාජිකයින්

3. එල්.එච් තිලකරත්න මහතා

අතිරේක ලේකම් (පාලන), ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය

4. වෛද්‍ය එල්.ටී. ගම්ලත්

නියෝජ්‍ය  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පරිසර, වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතාව)

5. පොලිස්පති විසින් නම් කරනු ලබන නියොජ්‍ය පොලිස්පතිවරයෙකු

6. බුද්ධික ඉද්දමල්ගොඩ මහතා

ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය

7. ආචාර්ය දිමන්ත ද සිල්වා

 ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය -සිවිල් ඉංජිනේරු පීඨය - මොරටුව  විශ්ව විද්‍යාලය

8. ආචාර්ය එච්. ආර් පසිඳු

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය -සිවිල් ඉංජිනේරු පීඨය - මොරටුව  විශ්ව විද්‍යාලය

9. එම්.ජේ ඩිලන්ත ප්‍රනාන්දු මහතා

සාමාන්‍යධීකාරී, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

10. කිංස්ලි රණවක මහතා,

සභාපති,ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය

11. ශෂී වෙල්ගම මහතා,

සභාපති, ජාතික ගමනාගමන කොමිෂන් සභාව

12. ඕ. ඩබ්ලිව්. ප්‍රසන්න සංජීව මහතා

සභාපති-  බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය

13. ක්‍රිෂාලි මුතුකුමාරණ මහතා

සභාපති-  දකුණු පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය

14. රම්‍යකුමාර වීරසිංහ මහතා

සභාපති-  සබරගමුව පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය

15. චාමර නිලංක මහතා

සභාපති-  නැගෙනහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය

16. සම්පත් දේශාන් මහතා

සභාපති- වයඹ පළාත පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය

17. ඩිලන්ත ඒකනායක මහතා

සභාපති-  උතුරු මැද පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය

18. සභාපති-මධ්‍යම පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය

19. සභාපති-ඌව පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය

20. සභාපති-උතුරු පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය

21. කේ.ඒ.එච් ලක්ධරණි මෙය

 සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය

22. පී.ඒ.ඩී.එම් පතිරාජ මහතා

රාජ්‍ය කළමනාකාර සේවා නිලධාරි,ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය

23. ජේ.එස්.ප්‍රියන්ත මහතා

සංවර්ධන නිලධාරි,ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය

 

 

 

state pt

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් සඳහාම ප්‍රවාහන ගැටළු පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශයට වග කියන සම්බන්ධිකරණ උපාධිදාරී නිළධාරීයෙකු පත් කිරීමට ප්‍රවාහන සේවා කළමණාකරණ රාඡ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මැතිතුමා විසින් කටයුතු කෙරේ.

ඒ අනුව 2020-02-28 දින දිස්ත්‍රික්ක 19ක් සඳහා උපාධිධාරී සම්බන්ධිකරණ නිළධාරී 19 දෙනෙකු සඳහා පත්වීම් ලබා දීම ප්‍රවාහන සේවා කළමණාකරණ රාඡ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මැතිතුමා විසින් ප්‍රවාහන සේවා කළමණාකරණ රාඡ්‍ය අමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරිණ.ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, ජාතික ගමනාගමන කොමිසන් සභාව, මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා පුද්ගලික ප්‍රවාහන සේවා සම්බන්ධීකරණය කරමින් ජනතාවට ප්‍රවාහන කටයුතු සම්බන්ධව පවතින ගැටළු පිළිබඳව සොයා බලා වාර්තා සකස් කොට කඩිනමින් අමාත්‍යංශ වෙත යොමු කිරීමටත්, කඩිනම් පියවර ගැනීමටත් මෙම නිළධාරීන්ට පැවරේ.

විශේෂයෙන් නගර ආශ්‍රිතව ඇති වාහන තදබදය පිළිබඳව, වාහන ගාල් කිරීම පිළිබඳව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන රියදුරු බලපත් ලබා ගැනීම, වෛද්‍ය සහතික ලබා ගැනීම, රියදුරු බලපත් අළුත් කර ගැනීම සම්බන්ධව මහජනතාවට ඇති ගැටළුද ජාතික ගමනාගමන කොමිසන් සභාව සම්බන්ධ වීමෙන් පෞද්ගලික බස් රථ පිළිබඳව මහජනතාවට ඇති ගැටළු ආදිය සොයා බලමින් ජනතාව වෙත සහනයක් ලබා දීමේ අරමුණෙන් මේ පිළිබඳව විමර්ශනය කරමින් අමාත්‍යංශ දැනුවත් කිරීම මෙම නිළධාරීන්ගේ වගකීමයි.

එමෙන්ම අනෙකුත් දිස්ත්‍රික්ක සඳහාද උපාධිධාරීන් මෙම කටයුත්ත සඳහා කඩිනමින් යොදා ගැනීමට කටයුතු කරන බවද ප්‍රවාහන සේවා කළමණාකරණ රාඡ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 

නවතම පුවත්