Picture1

අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම 2020-12-31 පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී සිදු විය. දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා මේ බස් රථ යොදා ගනු ලැබේ. ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ උපදේශකත්වයෙන් වාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍යඅමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ අදහසක් අනුව වැඩසටහන ක්‍රියාවට නැංවිණ.

බිඳ වැටී තිබූ ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා නව රජය බලයට පත්වීමෙන් පසු වාහන ආනයනය සීමා කරනු ලැබීය. ඒ නිසා මගී ප්‍රවාහනය සදහා අවශ්‍ය බස් රථ හිඟයක් ඇති විය. ඊට පිළියමක් ලෙස ආරම්භ කළ මේ ව්‍යාපෘතිය මගින් බස් රථ ආනයනය සඳහා වැයවන විනිමය ඉතිරි කර ගැනීමට හැකි වෙයි.

දිවයින පුරා ඇති ඩිපෝ107ක සම්පූර්ණයෙන්ම ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 273ක් අලුත්වැඩියා කර ඇති අතර වැය කළ මුදල රුපියල් මිලියන 115කි.

ශ්‍රී ලංකා පොදු ප්‍රවාහන සේවක සමිතියේ පූර්ණ සහය ඇතිව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝ හා ලක්දිව ඉංජිනේරු සමාගම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මකය.බස් රථවල ගුණාත්මක ප්‍රමිතිය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවයකයන් සමග සුහද කථා බහක නිරත වෙමින් ඔවුන් දිරිමත් කළේය.

 

Picture2

 

මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානය තුළ මගී  ප්‍රවාහන සේවා සපයන්නන් වෙනුවෙන් ඉදිකළ වාහන නැවැත්වීමේ ඉඩකඩ සහ ඔවුන්ගේ පොදු පහසුකම් රැසක් 2020-12-30 ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ  මැතිතුමන් අතින් විවෘත කෙරිණ . බස්රථ සෝදා ගැනීම සඳහා අවශ්‍ය ජල නල පහසුකම් ,නවීන වැසිකිළි කැසිකිළි පහසුකම් ,විවේකාගාර,නාන කාමර ,විද්‍යුත් දැන්වීම් පුවරු ,හා සන්නිවේදන ආදී පහසුකම් රැසක් මගී ප්‍රවාහන සේවා සපයන අයවලුන් හට මේ යටතේ ලැබේ .මේ තුළින් මගී ප්‍රවාහන  සේවාවේ ගුණාත්මකභාවය හා කාර්යක්ෂම භාවය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ .

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ  ලේකම් මොන්ටි රණතුංග ,දුම්රිය සාමාන්‍යාධිකාරිඩිලන්ත ප්‍රනාන්දු ,මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයේ ව්‍යාපෘති කළමනාකරු නාලක දිසානායක ,යන මහත්වරුන් ද ,ආරක්ෂක අංශ ප්‍රධානීන් හා මගී ප්‍රවාහන සේවා සපයන සේවක මහත්ම මහත්මීන් ද සහභාගි වූහ .

 

Picture4

අතිගරු ජනාධිපති තුමාගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ රාජ්‍ය සේවය මගින් කාර්යක්ෂම මහජන සේවාවක් ලබාදීමේ සංකල්පයේ එක් මාර්ගයක් ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා රියදුරු බලපත් මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය 2021 ජනවාරි මස පළමුවෙනි දින සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත පැවරීමට

 කැබිනට් මණ්ඩලය විසින් 2020 ජූලි මස පළමුවන දින තීරණයක් ගන්නා ලදී .ශ්‍රී ලංකා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේ පවතින අකාර්යක්ෂම තාවයන් හා විෂමාචාරයන්මගහරවා ශ්‍රී ලාංකීය මහජනතාවට කාර්යක්ෂම හා ඵලදායි ජන හිතවාදී වන ආකාරයෙන් ශ්‍රී ලංකාවේ රියදුරු  බල පත්‍රය ලබා දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ .

මේ යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් යුද හමුදා තොරතුරු තාක්ෂණ විසඳුම් මධ්‍යස්ථානය (Army Information Technolgy Solutions  center -AITSC)ලෙස නව ආයතනයක් ද වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ ස්ථාපනය කරන ලදී .

මෙම ව්‍යාපෘතිය තුළ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා විසින් සිදු කරනුයේ රියදුරු බලපත්‍ර අයදුම්කරුවන්ගේ අයදුම්පත් ජීව දත්ත තොරතුරු ඉතා ක්‍රමානුකූල ක්‍රියාවලියක් මගින් පරිගණක ගත කිරීමෙන් අනතුරුව රියදුරු බලපත්‍රය විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයක් තුළ මුද්‍රණය කිරීම හා ඒ සඳහා වන ඉතා විශාල සංයුක්ත පරිගණක පද්ධතියේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීම සහ එම පද්ධතියේ නඩත්තුව පූර්ණ කාලීන  සිදු කිරීමයි . මෙම සංයුක්ත පරිගණක පද්ධතිය තුළ දිස්ත්‍රික්ක 9 ක  හැඳුනුම්පත් කාර්යාල දුරස්ථව (Remotely)සහ මාර්ගගතව (Online)සම්බන්ධ කිරීමයි .

දශක එකහමාරකට අධික කාලයක් ශ්‍රී ලාංකික පෞද්ගලික අංශයේ ආයතනයක්  හා විදේශීය ආයතනයක් සමග එක්ව පිහිටුවා තිබූ සමාගමක් මගින් සිදුකරන ලද මෙම සේවාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදු කිරීම මගින් ඒ සඳහා විදේශයකට ඇදී යන මෙරට මුදල් ඉතිරි කර ගැනීමේ හැකියාව ලැබෙන අතර ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීව දත්ත තොරතුරු දත්තයන් ලෙස විදේශයකට නිරාවරණය වීම  වැළකේ . ශ්‍රී ලාංකීය ආර්ථිකය වෙත  යහපතක් ඇති කිරීමටද ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අනන්‍යතාවය  සුරැකීමට ද මෙමගින් හැකි වනු ඇත .

 

Picture3

2021 ලැබුවා වූ නව වසරේ ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමා විසින් සිය අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතා ප්‍රමුඛ සියලුම නිලධාරීන් හමුවී ඔවුන් හට සිය සුභාශිංසන පළ කළ අතර මේ වසර තුළ අතිගරු ජනාධිපතිතුමන් හා අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ රජය විසින් ආරම්භ කොට ක්‍රියාත්මක කරනු ලබන ජනතාවාදී ව්‍යාපෘතීන් සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනාගේම සහාය අපේක්ෂා කරන බව පැවසීය

 

1 copy

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය රක්ෂිත ඉඩම්වල අනවසරයෙන් පදිංචි වී සිටින දුම්රිය සේවකයන් සම්බන්ධදයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ කටයුතු කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමාගේ සභාපතීත්ව‍යෙන් යුතු අමාතය මණ්ඩල අනුකාරක කමිටුලක් පත් කෙරේ.මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ රාජ්‍ය සේවා පලාත් සභා හා පළාත් පාලන අමාතය ජ්‍නක බණ්ඩාර තෙන්නකෝන්, ඉඩම් අමාතය එස්.එම්.චන්ද්‍රසේන,ප්‍රාග්ධන වෙලළ පොල හා රාජ්‍ය ව්‍යසාය ප්‍රතිසංස්කරන රාජ්‍ය අමාතය අජිත් නිවාඩ් කබ්රාල් යන අමාතයවරුන්ය.

මෙම අමාතය මණ්ඩල අනුකාරක කමිටුව 2020 -12- 10 දින ප්‍රථම වරට බත්තරමුල්ල ප්‍රවාහන අමාත්‍යාංශයේ රැස් වී රාජකාරි ආරම්භ කළහ.

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් 152 ක් පමන මේ වනවිට දුම්රිය රක්ෂිතවල අනවසරයෙන් පදිංචි වී සිටින බවට හඳුනගෙන ඇති බල දුම්රිය සාමානයාධිකාරී විසින් අමාතය අනුකමිටුවලට දැනුම් දෙන ලදී .

මෙයට අමතරව තවත් මෙලෙස දුම්රිය රක්ෂිත වල අනවසරයෙන් පදිංචි වී සිටින දුම්රිය සේවකයින් සිටී නම් ඔවුන් පිළිබඳවද ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද සොයාබලා මසක් ඇතුලත වාර්ථාවක් අමාතය මණ්ඩල අනුකාරක කමිටුව වෙතට ඉදිරිපත් කරන ලෙසට මෙහිඳි නිළධාරීන්ට නියෝග කෙරිණි.ඒ අනුල එම වාර්ථව 2021 -01- 19 දින නැවත රැස්වන අමාතය අනුකමිටුව වෙත ඉදරිපත් කිරීමට තීරණය කෙරිනි.මේ අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතා ,දුම්රිය සාමානයාධිකාකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා,ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ මහතා ප්‍රමුඛව අදාල රාජ්‍ය ආයතනවල ඉහල පෙලේ නිලධාරින් සහභාගී වූහ.

නවතම පුවත්