• ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය (1997 අංක 25 දරණ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන පනත)
    • ස්ථාපිත කළ දිනය : 01.1999

    දැක්ම
    සෑම සුක්කානමක් පිටුපසම නිරෝගිමත් රියදුරෙකු හිඳුවීම

    l

ආයතනය මගින් සපයනු ලබන සේවාවන්

  • සියළුම බර වාහන රියදුරු බලපත්‍ර අපේක්ෂකයන් සඳහාම අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීම.
  • රියදුරු බලපත්‍ර අළුත් කරන්නන් සඳහා අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීම.
  • මාර්ග බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන අපේක්ෂකයන් සඳහා වෛද්‍ය සහතික නිකුත් කිරීම.
  • සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර අපේක්ෂකයන් සඳහා අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීම.
  • නව බඳවා ගැනීම හා සේවය ස්ථිර කිරීමේදී අවශ්‍ය වන වෛද්‍ය සහතික නිකුත් කිරීම.
  • දිවයින පුරා පිහිටි පොලිස් හා උසාවි මගින් යොමු කරන මාරක හා බරපතල අනතුරු සිදුකරන රියදුරන් සම්බන්ධයෙන් වෛද්‍ය සහතික නිකුත් කිරීම.
  • ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පාලනය වන ආයතන සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම.
  • එක්ස්-රේ / ඊ.සී.ජී පහසුකම් සැපයීම.
  • ඩිපෝ මගින් යොමු කරන අවුරුදු 40 ට වැඩි රියදුරන්, තවදුරටත් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ශරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීම.
  • යම්කිසි විනය හේතුවක් මත සේවය තහනම් කළ ඩිපෝවල සේවක මහත්ම මහත්මීන් නැවත සේවයේ යෙදවීමේදී අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීම.
  • අවශ්‍ය අවස්ථාවන්හිදී විවිධ රසායනාගාර පරීක්ෂණයන් සිදු කිරීම.