ශ්‍රී ලංකා ගමනාමන මණ්ඩලය
ශ්‍රී ලංගම දුරගමන් සේවා බස්රථ ධාවන කාලසටහන් පිළිබඳ විස්තර දැනගන්නේ කේසේද?
ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයේ දුරකථන අංක +94 117 555 555 අමතා තොරතුරු දැනගත හැකිය.
ශ්‍රී ලංගම බස් රථයකදී සිදුවන අපහසුතා දැන්විය යුත්තේ කාහටද?
මගියාට ශ්‍රී ලංගම බස් රථයක් තුලදී රියදුරු තනතුරක්, කොන්දොස්තර තනතුරක් හෝ බස් රථයේ අඩුපාඩුවක් මත යම් අපහසුතාවයක් ඇතිවන්නේ නම් ශ්‍රී ලංගම ක්ෂණික ඇමතුම් අංකය වන +94 117 555 555 අංකය මගින් ශ්‍රී ලංගම ප්‍රධාන විධායක හෝ නියොඡ්‍ය සාමාන්‍යධිකාරී (ධාවන) හෝ පැමිණිලි බාර ගැනීමේ අංශයට දැනුම් දිය හැකීය.
ශ්‍රී ලංගම බස් රථයන් හී තම ගමන් මල්ලක් අමතක වී යාමේදි ගතයුතු ක්‍රියාමාර්ගය කුමක්ද?
මෙහිදී අදාල ටිකට්පත ලගතබා ගනිමින් ශ්‍රී ලංගම ක්ෂණික ඇමතුම් අංකය වන +94 117 555 555 හෝ අදාල බස් රථය අයත් ඩිපෝ අධිකාරී තැන අමතන්න. ඔබට අපගේ පහසුකම් සැලසීමේ කටයුතු ක්‍රියාත්මක වේ. අමතන්න ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය සහ ඩිපෝ කාර්යාල
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව
මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
අප දෙපාර්තමේන්තුව විසින් ලබා දෙනු ලබන සේවාවන්
අප දෙපාර්තමේන්තුව විසින් ලබා දෙනු ලබන සේවාවන් අතුරින් ප්‍රධාන වශයෙන් වාහන ලියා පදිංචි කිරීම, හිමිකමි පැවරීම හා රියදුරු බලපත්‍ර නිකුත් කිරීම දැක්විය හැක.
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ මූලික කටයුතු වේරහැර කාර්යාලය මඟින් ද වාහන ලියා පදිංචිය පැවරීම ඇතුළු අනෙකුත් කාර්යයන් නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මඟින් ද සිදුවන අතර සේවාලාභී මහජනතාව ඒ ඒ කාර්යයන් පිළිබඳ අවශ්‍ය දැනුවත් වීම් සඳහා පැන නඟින ගැටළු වලට අවශ්‍ය විසඳුම් අදාල ශාඛාවේ පොදු දුරකථන අංක මඟින් හෝ සෘජුව මාණ්ඩලික නිළධාරී මාර්ගයෙන් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය
ජාතික ගමනාගමන කොමිෂන් සභාව
අර්ධ සුබෝපභෝගී සේවාවේ වැඩි (බස්) ගාස්තුවක් අයකිරීම හැර එම සේවාවත් සාමාන්‍ය සේවාවත් අතර වෙනස කුමක්ද?
"අර්ධ සුබෝපභෝගී" සේවාවේ බස් රථ වල ප්‍රවාහනය කරනු ලබන්නේ ආසනගත මගීන් පමණක් වන අතර නැවැත්විය හැක්කේ නැවතුම් පල සිමීත සංඛ්‍යාවක පමණක් බැවින් සාමාන්‍ය සේවා බස් රථයකට වඩා අඩු කාලයක් තුළ ගමනාන්තයට ළඟා විය හැකිය.
බස් රථයට ගොඩවීමට ප්‍රථම එය "අර්ධ සුබෝපභෝගී" සේවාවට අයත් එකක් යයි හඳුනාගන්නේ කේසේද?
"අර්ධ සුබෝපභෝගී" සේවාවට අයත් බස් රථ වල ඉදිරිපස, පිටුපස හා ගොඩවන පැත්තෙහි ගමනාන්ත දැක්වෙන ස්ට්කර් නිල් පැහැ වන අතර එම ස්ටිකරයෙහි ඉංග්‍රීසී එස් (s) අක්ෂරය සටහන් කර ඇත.
යම් කිසි මාර්ගයක් සඳහා බස් රථ සේවාවක් ලබා ගන්නේ කෙසේද?
නව බස් රථ සේවාවක් ආරම්භ කිරීම සඳහා ඉල්ලීම ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත ලැබුණු පසු අදාල මාර්ගයෙහි පවතින මගී ඉල්ලුම ඇතුළු තවත් සාධක කිහිපයක් සම්බන්ධයෙන් සමීක්ෂණයක් කර දත්ත එක් රැස් කර වාර්තාවක් සකස් කරනු ලබයි. ඉන්පසු එම වාර්තාවෙහි තොරතුරු මත කොමිෂන් සභාව සෑහීමකට පත් වන්නේ නම් සුදුසු ධාවකයෙකු තොරා ගැනීම, විවෘත ටෙන්ඩර් පරිපාටියක් ඔස්සේ සිදු කරනු ලබයි.
මහජන පැමිණිලි සිදු කරන තැනැත්තා / තැනැත්තිය අදාල පැමිණිලි විභාගය සඳහා අනිවාර්යයෙන් සහභාගි විය යුතුද?
ඔව්. පැමිණිලිකරුගේ සාක්ෂි නොමැතිව නියම විසඳුමක් ලබා දිය නොහැකි අතර චූදිත පාර්ශවය ඉදිරිපත් කරනු ලබන කරුණු පිළිගැනීමට සිදුවීම මත අවසන් තීන්දුව ලබා දීමට සිදුවේ. එම නිසා දෙපාර්ශවයේම සහභාගිත්වය අනිවර්ය වේ.