News
News
The speech made by Eng. Ranjith Ganganath Rubasinghe, Secretary of the Ministry of Transport and Highways,who assumed duties on 01.01.2024
New Year Speech
"අපේ රටේ ප්‍රවාහන ඉතිහාසයේ ගමන්මග වෙනස් කිරීම සඳහා, තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා වන ජාතික උත්සාහයට හවුල් වීමේ අභිමානය විද්‍යුත් සංචරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත සඳහා පාර්ශවකරුවන්ගේ අදහස් ලබා ගැනීමේ වැඩමුළුවට දායක වන සියලු දෙනාට හිමිවනවා."
විද්‍යුත් සංචරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත සඳහා පාර්ශවකරුවන්ගේ අදහස් ලබා ගැනීමේ වැඩමුළුව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්විණි.
වැඩසටහනේ ආරාධිත සම්පත් දායකයින්ලෙස UNESCAP ආයතනයේ ප්‍රවාහන අංශය නියෝජනය කරමින් මාදාන් බන්දු රේග්මි( Madan BandhuRegmi ) මහතා, ඉන්දියාවේ තිරසර නගර හා ප්‍රවාහනය පිළිබඳ උපදේශක කවුෂ්ටුබ් ගෝෂාවී මහතා, පිලිපීනයේ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ජොයිෂ් රිවෙරා මෙනෙවිය, මහාචාර්ය අමල් කුමාරගේ මහතා, ඇතුළු දෙස් විදෙස් ආරාධිතයින් රැසක් එක්විය.
සමුළුවේ විශේෂ දේශනය පවත්වමින් අදහස් දැක් වූ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,
"ශ්‍රී ලංකාව මේ වන විටෆොසිල ඉන්ධන මත පදනම් වූ ප්‍රවාහනයෙන්, බලශක්තිය පදනම් වූ ප්‍රවාහන පද්ධතියකට හුවමාරු වීමේ හැකියාවක් පිළිබඳව කරුණු ගවේෂණය කරමින් පවතින අතර ඒ සඳහා වන ශක්‍යතාව තීරණය කිරීම සඳහා අධ්‍යයනයන් සහ පර්යේෂණ සමඟ ප්‍රතිපත්ති සහ උපාය මාර්ග පිලිබඳ අවධානය යොමු කර තිබේ.
මේ වන විටත් ශ්‍රී ලංකාව තුල විද්‍යුත් වාහන ලියාපදිංචි කිරීම, විද්‍යුත් වාහන නිෂ්පාදනය සහ එකලස් කිරීම සඳහා වන ප්රමිතීන් සැකසීම, ආරෝපණය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු සැලසුම් රැසක් ක්‍රියාත්මක වේ.ඒ උදෙසා දිගුකාලීන දැක්මකින් යුතුව කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවයක් වේ.
මැනිලා නුවර පැවැති ජාත්‍යන්තර සමුළුවකදී සිදුවූ හමුවක් අතර තුර මෙහි සිටින UNESCAP ආයතනයේ මදන් රෙග්මි මහතා මහතාගෙන් ශ්‍රී ලංකාව සඳහා ප්‍රතිපත්ති රාමුවක් කෙටුම්පත් කිරීමේදී සහාය වන ලෙස මා විසින් කළ ආරාධනය පිළිගැනීමෙන් අනතුරුව මෙම සුවිශේෂී වැඩසටහන සඳහා පසුබිම සකස් විය.
2024 වසර ශ්‍රී ලංකාවේ විද්‍යුත් සංචාරණ (E-mobility) වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කිරීමට මේ වන විට කටයුතු කිරීමෙන් පවතී.
මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ අදියර කරා රැගෙන යාමට අදාළ සියලු අමාත්‍යාංශවල සහ පෞද්ගලික අංශයේ සියලු පාර්ශ්වකරුවන්ගේ සහාය විශේෂයෙන් අපේක්ෂා කරන අතර පවතින තත්වයේ වෙනසක් සිදු කිරීමටසියලු දෙනාම සහයෝගය හා දායකත්වය අත්‍යවශ්‍ය වේ.
2024 මාර්තු මාසයේදී විදුලි හා විද්‍යුත් ප්‍රවාහනය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් සහ සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතී. විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්රයේ සහයෝගීතාවය, ජාත්‍යන්තර වශයෙන් අදහස් හුවමාරු කර ගැනීම, ආයෝජකයින් සඳහා වන අවස්ථා පුළුල් කිරීම ඇතුළු අරමුණු රැසක් සාක්ෂාත් කරගැනීමඑහි ප්‍රධාන ඉලක්කයයි.
ප්රවාහනයේදීපුද්ගලික වාහන භාවිතය අවම කිරීම, මාර්ග තදබදය අවම කිරීම සහ ප්‍රවාහනයේ පාරිසරික බලපෑම මැඩපැවැත්වීම ඇතුළු අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහාප්රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කිරීමට UNESCAP ආයතනයේ සහ මෙහි සිටින සියලු දෙනාගේ සහයෝගය ඉදිරියේදී ද හිමිවනු ඇති බව මාගේ විශ්වාසයයි.
විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය දිශානතිය නිර්මාණය කිරීම සඳහා ප්‍රතිපත්ති රාමුවක්, මාර්ගෝපදේශනයක් සහ උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති අතර, මෙම සමුළුවට එක්වන සියලු දෙනාගේම අදහස් ද ඇතුලත් කරමෙම ප්‍රතිපත්ති රාමුව සකස් වනු ඇත. ඒ සියලු යෝජනාද ඇතුලත් කර කැබිනට් පත්‍රිකාවක් ලෙස කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත හැකි වුවහොත් අපේ රටේ ප්‍රවාහන ඉතිහාසයේ ගමන්මග වෙනස් කිරීම සඳහා, තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා වන ජාතික උත්සාහයට හවුල් වීමේ අභිමානය මීට දායක වන සියලු දෙනාට හිමිවනවා."
UNESCAP ආයතනයේ දායකත්වයෙන්, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය විසින් සංවිධානය කළ මෙම වැඩමුළුව සඳහා UNESCAP ආයතනයේ ප්‍රවාහන අංශය නියෝජනය කරමින් මාදාන් බන්දු රේග්මි( MadanBandhuRegmi ) මහතා, අමාත්‍යංශ ලේකම් එම්. එම්. පී. කේ.මායාදුන්නේ මහතා, ජනාධිපති කාර්යාලය,අගමැති කාර්යාලය, දුම්රිය දෙපාර්තමේන්තුව, ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව,ලංකා ගමනාගමන මණ්ඩලය, මෝටරථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව,මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ඇතුළු රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන් සහ නිලධාරීන්, විදුලි හා විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්රයට අදාලව්යවසයකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා ආරාධිතයින් ලෙස එක්ව සිටියහ.
Latest News
- ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියට නව නැම්මක්....
- Seamless travel from the Makumbura Multimodal Centre with Uber
- Government Urges Public Caution to Reduce Road Accidents and Firework Incidents During the New Year Season
- කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ සියවස් පූර්ණය අද බදුල්ලේදී උත්කර්ෂවත් ලෙස .... "දුන්හිඳ ඔඩිසි" සමගින් "කැලිප්සෝ" සහ "වයිස්රෝයි" සියවස් සමරු උළෙලට එක්වෙයි.
- Transforming Urban Mobility
- Driver's Licenses for Foreigners at the Airport...
- Awareness of Traffic Rules for School... Student Forums on Road Safety in Every School
- A new mechanism to prevent bus accidents.... Ministry of Transport and Highways and National Transport Commission Seek Public Support.