දැක්ම

ශ්‍රී ලංකාව කලාපය තුල ප්‍රමුඛතම මහජන කේන්ද්‍රීය ප්‍රවාහන පද්ධතිය සහිත රට බවට පත්කිරීම

මෙහෙවර

"ජනතාවගේ ජීවන තත්වයන් නගා සිටුවීම උදෙසා නව්‍යතම තාක්ෂණික ක්‍රමෝපායන් භාවිතා කරමින් ඉතා උසස් ප්‍රවාහන යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීම, සංවර්ධනය සහ තිරසාරව පවත්වාගෙන යාම"

විෂයපථය

මගී හා භාණ්ඩ ප්‍රවාහනය, සංචාරක මගී පහසුකම්, අදාල යටිතල පහසුකම්, සේවා ප්‍රමිතීන්, මාර්ග තදබද හා අනතුරු වලක්වා ගැනීමේ සමස්ථ ප්‍රවාහන සේවය පොදු කාලසටහනකට ක්‍රියාත්මක වන ජනතා විශ්වාසය තහවුරු වන ප්‍රවාහන සේවයක් පවත්වා ගැනීම, ආයතනික ව්‍යුහය ශක්තිමත් කිරීම හා මහා මාර්ග හා දුම්රිය මාර්ග පදනම් කරගත් පරිසර හිතකාමී මෙන්ම මහජන හිතකාමී ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම.

කාර්යයන් හා කර්තව්‍යයන්

රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ප්‍රතිපත්තීන් මත පිහිටා “කාර්යක්ෂම හා පරිසර හිතකාමී පොදු ප්‍රවාහන පද්ධතියක් සඳහා ප්‍රවාහන ජාලය සංවර්ධනය කිරීම” සඳහා නියමිත නීති සහ අණපනත්වලට අනුකූලව ප්‍රවාහන විෂයයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය, ජාතික අයවැය, රාජ්‍ය ආයෝජන හා ජාතික සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, අමාත්‍යාංශ විෂය පථයට අයත්වන මහජන සේවාවන් කාර්යක්ෂමව හා මහජන හිතකාමී අයුරින් ලබා දීම, නාස්තිය හා දුෂණය පිටු දකිමින් අමාත්‍යාංශයේ කාර්යභාරය ඉටු කිරීම සහතික කිරීමට ඉවහල් වන ආකාරයට නවීන කළමනාකරණ ක්‍රම හා තාක්ෂනය යොදා ගනිමින් සියලු ක්‍රම සහ විධි ප්‍රතිසංස්කරණය කිරීම සහ පහත දැක්වෙන දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යාවස්ථාපිත ආයතනයන්හි විෂයයන් හා කාර්යයන් හා ඊට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම.

 

සුවිශේෂී ප්‍රමුඛතා

  • ආරක්ෂාකාරී සහ විශ්වාසනීය මගී ප්‍රවාහන සේවාවක් සැපයීම

  • පරිසර හිතකාමී ප්‍රවාහන පද්ධතියක් හඳුන්වාදීම

  • වාහන තදබදය අවම කිරීම සඳහා වාහන අංගන පිහිටුවීම

  • සෞද්ගලික ප්‍රවාහන සේවාවන් නියාමනය කිරීම

  • බස්රථ නිෂ්පාදන හා ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාල දේශීය කර්මාන්ත පද්ධතිය ගොඩනැගීම

  • නව දුම්රිය මාර්ග ඉදිකිරීම, පවතින දුම්රිය මාර්ග නඩත්තු කිරීම‍, පුළුල් කිරීම සහ ඊට අදාළව ඉඩම් පවරා ගැනීම සහ යටිතල පහසුකම් සංවර්ධනය ඇතුලු සියලු කටයුතු

  • වරායන් වෙත දුම්රිය මඟින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට අවශ්‍ය පහසුකම් ස්ථාපිත කිරීම හා පුළුල් තිරිම

  • මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර නිකුත් කිරීම

  • රියදුරු බලපත්‍ර නිකුත් කිරීම

  • මෝටර් රථ වාහනවලට අදාළ නීතිරීති සහ මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ නියාමනය කිරීම

  • හරිතාගාර වායු විමෝචනයන් අවම කිරීම සඳහා ප්‍රවාහන ක්ෂේත්‍රයේ දායකත්වය උදෙසා උපායමාර්ගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

 

නවතම පුවත්