IMG 20240430 WA0006

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග ජාලය කළමනාකරණය කිරීම සඳහා පිහිටුවන ලදීම සහස්යා ඉන්වේස්ට්මන්ට් ආයතනයේ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ල කොස්වත්ත පිහිටි මග නැගුම පරිශ්‍රයේ හත්වැනි මහලේ ස්ථාපිත කර විවෘත කිරීම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකරන ලදී.

මහාමාර්ග අධිකාරිය සතු අධිවේගී මාර්ග පද්ධතිය සහ එහි වත්කම් සියල්ල සහස්යා ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කළමනාකාරිත්වය යටතට පවරා ඇති අතර මින් ඉදිරියට (2024 අප්‍රේල් පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි) එම සමාගම පූර්ණ රාජ්‍ය ආයතනයක් ලෙස සිය මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරනු ලබයි.

පවතින අධිවේගී මාර්ග පද්ධතිය පවත්වාගෙන යෑම, තවදුරටත් සංවර්ධනය සඳහා වන උපායමාර්ගික ක්‍රමවේද තීරණය කිරීම, පිරිවැය අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණ ක්‍රමවේදයන් උපයෝගී කර ගැනීම හා ඒ තුළින් ඵලදායි සහ කාර්යක්ෂම අධිවේගී මාර්ග පද්ධතියක් කරා රට යොමු කිරීම සහස්යා සමාගම සතු මූලික කාර්යයන් හා අරමුණු වශයෙන් දැක්විය හැකියි.

100% රජය සතු. මුදල් අමාත්‍යංශ යටතේ ක්ෂණිකව ව්‍යාපාරික තීන්දු තීරණවලට එළඹීමේ ශක්‍යාතාවෙන් යුතු සමාගමක් වන මෙහි සභාපතිවරයා වශයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ මහතා කටයුතු කරනු ලබයි.

සහස්යා ඉන්වෙස්මන්ට් සමාගම ස්ථාපිත කිරීමේ සමාරම්භක අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම්, රංජිත් ගංගානත් රූබසිංහ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජේයෂ්ඨ ඉංජිනේරු කේ.ඩබ්. කණ්ඩම්බි ප්‍රධාන මූල්‍ය නිලධාරී ආර්. බී. සුමංගලී, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුලුවගේ යන මහත්ම මහත්මීන් ඇතුළු සහසියා ඉන්වේස්ට්මන්ට් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩක සාමාජිකයන්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයන්හි ප්‍රධානීන් විශාල පිරිසක් සහභාගී වූහ.