කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා නව දුම්රිය මාර්ගය ඉදිකිරීම

 

Presentation1

පසුබිම

ශ්‍රී ලංකාවේ උතුරු හා උතුරු මැද පළාත්වල දුම්රිය මාර්ග ප්‍රවාහන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සදහා'2006 - 2016 මහින්ද  චින්තනය' සංවර්ධන රාමුවෙහි, ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීම හඳුනාගෙන ඇති අතර, එමගින් කලාපයේ ජනතාවගේ ආර්ථික හා සමාජීය අභිවෘද්ධියට දායකත්වයක් සැපයේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2016 මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

නව දුම්රිය මාර්ගය:

අමාත්‍යාංශයේ විෂය පථය යටතේ, ව්‍යාපෘති කළමණාකරණ ඒකකය සහ උපදේශකවරුන් (CECB) එක්ව කුරුණෑගල, මාතලේ, අනුරාධපුර සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්ක හරහා ගමන් කරන කුරුණෑගල දඹුල්ල හරහා හබරණ දක්වා පුළුල් දුම්රියමාර්ගයක් සැලසුම් කිරීම මේ වන විට අවසන් කර ඇත. යෝජිත දුම්රිය මාර්ගයෙහි මුළු දුර කිලෝමීටර්88.170 ක්වන අතර,දැනට භාවිතා වන පලුගස්වැව සිට හබරණ දක්වා ත්‍රිකුණාමලය / මඩකලපු දුම්රිය මාර්ගයට සම්බන්ධ වන ලෙස කිලෝමීටර් 3.5 ක දිගකින් යුත් සම්බන්ධිත මාර්ගයක්ද එයට ඇතුළත් වේ. ප්‍රධාන දුම්රිය ස්ථාන ඉබ්බාගමුව, මැල්සිරිපුර, ගලේවෙල, දඹුල්ල, ඉනාමළුව සහ හබරණ පිහිටුවීමට යෝජිත අතර, උප දුම්රිය ස්ථාන තෝරයාය, ගොකරැල්ල, බෙලිගමුව සහ තලකිරියාගම පිහිටුවීමට යෝජිතය. මීට අමතරව, යටි උමංමාර්ග (Underpasses)21 ක්, උඩින් දිවෙන මාර්ග (Overpasses) 21 ක්, පාලම් 19 ක්, දුම්රිය හරස් මාර්ග 41 ක්, බෝක්කු 251 ක් සහ මීටර් 1620, මීටර් 232, මීටර 138 කින් යුත් උමං මාර්ග 03 ක් ද ඉදි කිරීමට නියමිතය. ධාවන පථය පැයට කිලෝමීටර්120 ක වේගයකින් නිර්මාණය කිරීමට යෝජිත අතර,අනුමත වේගය පැයට කිලෝමීටර්100 කි.

දුම්රිය මාර්ග පථයේ පළල මීටර් 40 ක් වන අතර, පරිපාලන දිස්ත්‍රික්ක 04ක්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 08 ක්, ග්‍රාම නිලධාරි කොට්ඨාශ 57ක් පුරා ව්‍යාප්තවඇති මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුළු භූමි ප්‍රමාණය දළ වශයෙන් හෙක්ටයාර් 350 ක් පමණ වේ. ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 946 ක් වන අතර,ණය අරමුදල් සපයන ආයතනය චීනයේ එක්සිම් බැංකුව වේ. ඉඩම් අත්පත් කර ගැනීමේ පිරිවැය රුපියල්මිලියන 7500 ක් වන අතරමූල්‍ය කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කළ දින සිට වසර 04 කින් ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

ප්‍රතිලාභ:

දැනට භාවිත දුම්රිය මාර්ගයවන කුරුණෑගල සිටමහව හරහා හබරණ දක්වා ගමන් කිරීමේදී කිලෝමීටර් 115 ක දුරක් ඇති අතර, යෝජිත කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දුම්රිය මාර්ගයේ  දුර කිලෝමීටර් 84.5ක් වීමෙන්, කිලෝමීටර්30.5 ක දුරක් අඩුවීම සහ දුම්රිය පරිපාලන කටයුතු සහ දුර අඩුවීම හේතුවෙන් ගමන් කාලයපැය 01 මිනිත්තු 48 ක් ඉතිරි වෙයි.එය වර්තමාන ප්‍රවාහන අවශ්‍යතා සැලකිල්ලට ගැනීමේදී විශාල වාසියකි. මගීන්ට වැඩි වේගයකින් සහ ආරක්ෂාවකින් කොළඹ සහ ත්‍රිකුණාමල වරායන් සහ කලාපයේ අනෙකුත් ප්‍රධාන නගර අතර අතිරේක මගී හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනය කිරීමට ඉඩ සැලසෙන අතර, පළාත්වල ආගමික, ‍ඓතිහාසික හා විනෝදාත්මක ස්ථානවලට පහසුවෙන් සහ සෘජුව පිවිසිය හැකිය. මෙම නව ධාවන පථය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම, දේශීය නිෂ්පාදන ප්‍රවාහනය කිරීම සහ කලාපයේ ප්‍රදේශවල සමාජ හා ආර්ථික සංවර්ධනය වැඩි දියුණු කිරීමට දායක වනු ඇත.

ප්‍රගතිය:

මූලික සමීක්ෂණ, භූ විද්‍යාත්මක හා ජල විද්‍යාත්මක අධ්‍යයන, සැලසුම් කටයුතු, පාරිසරික බලපෑම් තක්සේරුකරණ වාර්තාව සදහා අනුමැතිය ලබා ගැනීමෙන් පසුචයිනා එස්ටේට් ඉංජිනේරිං කෝපරේෂන් සමාගම (CSCB) සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව වාණිජ ගිවිසුම අමාත්‍යාංශය සහ සමාගම අතර 17.10.2018 දින අත්සන් කරන ලදී.ණය ගිවිසුම සහ අවසන් කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කිරීමට අපේක්ෂිතය. කුරුණගල සිට දඹුල්ල දක්වා ප්‍රදේශයේ,2 වන වගන්තියේ මැනුම් කටයුතු සහ ඉඩම්වල භුක්තිය භාර ගැනීමේ කටයුතු අවසන් කර ඇති අතර, වන්දි ගෙවීමට නියමිතය.

 

නවතම පුවත්