1. මාතර -කතරගම නව දුම්රිය මාර්ගය
අදියර දුර ප්‍රමාණය කි.මී.

I.මාතර සිට බෙලිඅත්ත දක්වා

27

(දැනට 95.1% ක වැඩ අවසන් කොට ඇත.)

II.බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා

48

(ඉදිකිරීම,ධාවනය,ආපසු භාරදීම පදනම මත ඉදිකිරීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී  ඇත.)

III.හම්බන්තොට සිට කතරගම දක්වා

40

(මේ දක්වා තීරණයක් ගෙන නැත)

  • දුම්රිය මාර්ගය ඉදිකිරිම මඟින් ලැබෙන සමාජීය හා ආර්ථික ප්‍රතිලාභ 
  • මාතර කතරගම නව දුම්රිය මාර්ගය ඉදිකිරිම මඟින් දිවයිනේ දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇති වන වර්ධනය තුළින් කොළඹ,ගාල්ල,මාතර වැනි නාගරික ප්‍රදේශ සමඟ ඉක්මනින් සම්බන්ධ වීමේ හැකියාව, හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට සහන ලැබීම හා එමඟින් එම ප්‍රදේශවල කඩිනම් ආර්ථික වර්ධනයක් ලඟා කරවීම.
  • පැයට සැතපුම් 120 වේගයකින් යුත් අධිවේගී දුම්රිය මාර්ගයක් ඉදිකිරිමට අපේක්ෂිත හෙයින් මෙමඟින් නාගරික හා ග්‍රාමීය ප්‍රදේශ අතර සෘජු හා ඉක්මන් සම්බන්ධතාවයක් ඇතිවීම.
  • කෟෂිකාර්මික ප්‍රදේශයන් වන හම්බන්තොට,මොණරාගලවැනි දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි මෙම දුම්රිය මාර්ගය එම ප්‍රදේශයන්හි කෘෂි,ධීවර හා කිරි නිෂ්පාදන ඉතා පහසුවෙන් කොළඔ,ගාල්ල,මාතර වැනි නාගරික ප්‍රදේශවලටප්‍රවාහනය කිරිමේ හා නාගරික ප්‍රදේශවල සිට මාතර,  හම්බන්තොට,මොණරාගල ප්‍රදේශවලට පහසුවෙන් යන්ත්‍ර සුත්‍ර,පොහොර හා ඛණිජ තෙල් ප්‍රවාහනය කිරීමේ මාධ්‍යයක් වීම.
  • අනෙකුත් ප්‍රවාහන මාධ්‍යයන් හා සැසදීමේදී, දුම්රිය මඟින් ඉන්ධන පිරිමැස්ම සහිතපරිසර හිතකාමි මෙන්ම ඉතාමත් අඩු පිරිවැයක් යටතේ ප්‍රවාහන සේවයක් ජනතාවට ලබාදීමට හැකිවේ.එමඟින් පාරිභෝගික භාණ්ඩවල මිල වැඩිවීම නිසා ඇතිවන ගැටලුවලට පිළියමක් යෙදිය හැකිවීම.
  • හම්බන්තොට වරාය, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, හම්බන්තොට තෙල් පිරි පහදු මධ්‍යස්ථානය, ජාත්‍යන්තර කන්ටේනර් බහාලුම් මධ්‍යස්ථානය,මිරිජ්ජවිල කර්මාන්ත නගරය සහ හම්බන්තොට පරිපාලන සංකීර්ණයට දුම්රිය ප්‍රවාහන පහසුකම් සැපයීම තුළින් ප්‍රදේශයේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ කේන්ද්‍රිය ප්‍රවාහන ජාලය බවට දුම්රිය ප්‍රවාහනය පත්වීම.
  • පුජනීය ස්ථාන,වනෝද්‍යාන,සංචාරක ස්ථාන විශාල ප්‍රමාණයක් ස්ථාපිත වී ඇති මෙම ප්‍රදේශ කරා දෙස් විදෙස් සංචාරකයින්ට දුම්රිය ප්‍රවාහන පහසුකම් මඟින් ඉක්මනින් ළගාවීමට හැකිවීම නිසා ප්‍රදේශවල කර්මාන්ත නංවාලීමට හැකිවීම.
  • ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය
  • පළමු අදියර ලෙස මාතර සිට බෙලි අත්ත දක්වා කොටස ඉදිකිරිම සඳහා චීන සමාගමක් සමඟ ගිවිසුම අත්සන් කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය මුදල් චීන එක්සීම් බැංකුවෙන් වරණිය ණය ක්‍රමයක් යටතේ ලබා ගෙන ඒ අනුව ඉදිකිරිම් කටයුතු සිදු කරයි.පළමු අදියරට(මාතර සිට බෙලිඅත්ත දක්වා) අදාළ ඉඩම් සියල්ල පවරාගෙන ඇති අතර වන්දි ගෙවීමේ කටයුතු ද අවසන් කර ඇත.
  • දුම්රිය මාර්ගයේ දිග - කි.මි.26.75 (මාතර සිට බෙලිඅත්ත දක්වා)
  • කොන්ත්‍රාත්කරු - සී.එම්.සී.සමාගම - චීනය
  • උපදේශන සේවාව - මධ්‍යම ඉංජිනේරු සේවා උපදේශන කාර්යාංශය
  • ව්‍යාපෘති කාලය       - 2013.08.01 සිට 2018.12.31
  • ව්‍යාපෘතියේ මුළු වියදම - ඩොලර් මිලියන 278.2
  • දුම්රිය ස්ථාන -කැකණදුර,බඹරැන්ද,වැවුරුකන්නල,බෙලිඅත්ත
  • උප දුම්රිය ස්ථාන -පිලදුව,වෙහෙරහේන
  • පාලම් සම්පුර්ණ දිග -මීටර් 3,754
  • පෙට්ටි බෝක්කු ගණන -49
  • බිම් ගෙවල් -02 (මී.616 සහ මී.268)

 ව්‍යාපෘතිය යටතේ කොන්ත්‍රාත් සමාගම විසින් දැනට අවසන් කර ඇති වැඩ කටයුතු

            මේ වන විට සම්පුර්ණ වැඩවලින් 95.1% ක් අවසන් කර ඇති අතර,සංඥා හා විදුලි සංදේශ පද්ධතියද ඇතුළුව මුළු ව්‍යාපෘති කටයුතු 2019 වසරේ මාර්තු මස අවසන් වන විට අවසන් කිරිමට නියමිතය.

  • දේශීය අරමුදල්වලින්ව්‍යාපෘතියතුළ සිදුකල වැඩ කටයුතු

           2018 වර්ෂය සඳහා වෙන් කළ මුදල රු. මි.550කි.

  1. පවරාගත් ඉඩම්වලින් 100% ක් වන්දි ගෙවා අවසන්කර ඇත.
  2. වන්දි සඳහා දැනට ගෙවා ඇති මුළු මුදල රු. මි. 991 කි.
  3. මාතර නිල්වලා ගඟ හරහා මීටර් 100 ක දිගින් යුතු පාලම ඉදිකර අවසන් කර ඇත.
  4. පළමු අදියරේ පවරා ගත් ඉඩම්වල භුක්තිය භාර ගැනිම අවසන් කර ඇත.
  5. විකල්ප පදිංචි කිරීම් හා ඉඩම් සංවර්ධනය කිරීම් අවසන් කර ඇත.
  6. මේ වන විට ඉදිකිරීම් කටයුතු 1% ක් අවසන් කර ඇත

1.4 මුල්‍ය ප්‍රගතිය

මෙම ව්‍යාපෘතිය සඳහා 2018 වර්ෂයේ වෙන් කර ඇති විදේශීය මුදල් ප්‍රමාණය රු.මි.5,000.00 කි. දේශීය වශයෙන් වෙන් කර ඇති ප්‍රමාණය රු මි. 550.00 කි. 2018.12.31 වන විට විදේශීය වශයෙන් වෙන් කර ඇති මුදලින් රු.මි. 2,680.4 ක් වියදම් වි ඇති අතර එය විදේශීය වෙන් කිරීම් වලින් 53.61% ක් පමණ වේ.වෙන් කරන ලද දේශීය මුදල් වලින් 2018.12.31 වන විට වියදම් කර ඇති මුදල රු.මි.201.00 කි. එය ප්‍රතිශතයක් වශයෙන් 64.35% කි.

 

නවතම පුවත්