3A5A5810

Mr. Dilum Amunugama has assumed duties as state minister of Vehicle Regulation, Bus Transport Services and Train Compartments and Motor Car Industry of the new government in the morning on 17-08-2020 at the Ministry of Vehicle Regulation, Bus Transport Services and Train Compartments and Motor Car Industry at Sethsiripaya, Battaramulla.

The Hon. Minister of Transport Mr. Gamini Lokuge, the new Secretary to the Ministry of Transport Mr. Monti Ranatunga and a large number of officials presented for this occasion.

 

3A5A5428 copy 1

Mr. Gamini Lokuge assumed duties as the new Hon. Minister of Transport on 14-08-2020 at the Ministry of Transport, Sethsiripaya, Battaramulla.

He stated that he assumed the duties of the Minister of Transport with the blessings of the HE President Gotabhaya Rajapaksa and Hon. Mahinda Rajapaksa, and accordingly, he stated that actions will be taken to strengthen passenger transport services in due course; especially he meant to run new buses to give a quality bus service to passenger community.

This event was graced by many officers including new Secretary of the Transport Ministry Mr. Monti Ranatunga and many others.

 

3A5A0584

ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශය විසින් ලංගම සහ පුද්ගලික බස්රථ මෙන්ම දුම්රිය සඳහා ද හඳුන්වාදීමට යෝජිත ගමන් කාඩ්පත සම්බන්ධයෙන් සාකච්ඡාවක් 2020-06-16 දින ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එම අවස්ථාවට ජාතික ගමනාගමන කොමිසම, ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව, මහජන බැංකුව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක නියෝජිතයෝ සහභාගී වී සිටියහ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා මුදල් පරිහරණය අවම කිරීම සෞඛ්‍ය අංශ විසින් දී ඇති මාර්ගෝපදේශන වලදී අනිවාර්යය කර තිබේ. එම නිසාත් විශේෂයෙන්ම ප්‍රවාහන සේවා සඳහා පෙර ගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීමට දීර්ඝ කාලයක් තිස්සේ උත්සහා දරා ඇති නමුත් එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වී නැත.

එම කරුණු සැලකිල්ලට ගනිමින් පෙර ගෙවුම් කාඩ්පතක් ප්‍රවාහන ක්ෂේත්‍රයට හඳුන්වාදීමට වර්තමානයේ සුදුසුම අවස්ථාව උදා වී ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා අගෝස්තු මාසයට පෙර මෙම පෙර ගෙවුම් ගමන් කාඩ්පත ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නැයි ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දෙනු ලැබීය. මේ සඳහා ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ උපරිම සහයෝගය පලවී ඇති අතර මෙම කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

මුදල් මුද්‍රණ ක්‍රියාවලියේ සිට භාවිතය දක්වා සමස්ත ක්‍රියාවලිය උදෙසා වාර්ෂිකව ජාතික ආදායමින් සියයට 1.5 ක් වැයවන බවත්, අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා රජය විසින් වාර්ෂිකව ජාතික ආදායමින් සියයට 2.1 ක් වැය කරන අතර මුදල් මුද්‍රණ ක්‍රියාවලිය සඳහා වැය කරන මුදල ඊට ආසන්න බවත් මෙම සාකච්ඡාවට සහභාගී වූ මුදල් අමාත්‍යාංශයේ නිළධාරීන් පෙන්වා දුන්නේය. එම නිසා මෙවැනි පෙර ගෙවුම් කාඩ්පත් මගින් මුදල් භාවිතය අවම කරලීම සඳහාත්, මුදල් භාවිතය සඳහා වැයවන පිරිවැය අවම කරගැනීම මගින් ජාතික ආදායමින් ඒ සඳහා වැයවන මුදල පාලනය කර ගත හැකි බවද ඔවුන් පෙන්වා දෙනු ලැබීය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් ගාමිණි සෙනෙවිරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

3A5A5243 1

Mr. N.B. Monti Ranatunga assumed duties as the Secretary of the Ministry of Transport on 14-08-2020 at the Ministry of Transport, Sethsiripaya, Battaramulla. Mr. N.B. Monti Rantunga has held various positions as the Secretary of the Ministry of Small and Medium Enterprises Development, as a Director General of the Ministry of Fisheries, and in the Ministry of Finance and Economic Development before becoming the Secretary of the Ministry of Transport.

 

SHAN7731

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබු පාසැල් පද්ධතිය ලබන මස සිට නැවතත් සක්‍රීය කිරීමට පියවර ගෙන ඇත. 2020 ජුලි 06 දින සිට අධියර කිහිපයක් යටතේ පාසල් යළිත් ආරම්භ වන බැවින් පාසැල් සිසුන් ප්‍රවාහනය කිරීමේදි අවධානය යොමු කළ යුතු කාරණා පිළිබදව 2020-06-16 පස්වරුවේදි අධ්‍යාපන අමාත්‍යංශයේදි සාකච්ඡාවක් පැවත්විණි.

ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර සහ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට පාසැල් සිසුන් ප්‍රවාහනය කරන සියළුම ප්‍රවාහන සංගම් නියෝජිත්යන් සහභාගී වුහ.

විශේෂයෙන්ම ප්‍රවාහන සේවා  සැලසීමේදි සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් අනුව සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, ආසන ගණනට පමණක් දරුවන් ප්‍රවාහනය කිරිම, පාසැල් සිසුන් ප්‍රවාහනය කරන  වාහන විෂබිජානුහරණය කිරිම සෑම පාසැල් දරුවෙක්ම මුඛ ආවරණ පැළැද සිටීම වැනි සෞඛ්‍ය ආරක්ෂණ පියවර ගත යුතු බව අමාත්‍යවරු දෙපල අවධාරණය කර සිටියේය.

එමෙන්ම පාසැල් දරුවන් ප්‍රවාහනය කරන බස්රථ  ඇතුළු වාහන වල අයිතිකරුවන් මුහුණ දී තිබෙන ගැටළු පිළිබදවත් මෙහිදි අවධාරණය යොමු වු අතර ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද ගැටලු ගණනාවකට විසදුම් ලබාදීමට තීරණය  විය.

කෙසේ වුවද 2020 ජුලි 20 දින සියළුම පාසල් නැවත ආරම්භ වීමට නියමිත බැවින් ප්‍රවාහන සේවා කාලසීමාවේදි වඩාත් සංකීර්ණ තත්වයක්ට මුහුණදීමට සිදුවනු ඇතැයිද මෙහිදි මහින්ද අමරවීර ඇමතිතුමා පෙන්වා දුන්නේය. එම නිසා ප්‍රවාහන සේවාවන්  සැලසීමේදි කොවිඩ් 19 වෛරසයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට  ගත හැකි සියළුම ක්‍රියාමාර්ග දෙමාපියන්ගේ සේ සිතා කටයුතු කල යුතු බවත් අමාත්‍යවරයා සදහන් කලේය.

මෙහිදි අදහස් පලකල අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ අධියර කිහිපයක් ඔස්සේ පාසැල් ආරම්භ කරන බැවින් පාසැල් සිසුන් ප්‍රවාහනය කරන එම සංගම් සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ බලධාරින් ගෙන් ඉදිරි ක්‍රියා මාර්ග පිළිබදව සැලසුම් දැන ගැනීම සදහා  මෙම සාකච්ඡාව  පැවැත්වු බවයි. ඒ අනුව ඒ ඒ අංශ  විසින් ලබාදෙන අදහස් හා යෝජනා අනුව ඉදිරි පියවර ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.