පුවත්
පුවත්
සීඝ්රයෙන් ඉහළ යන අනතුරු සඳහා වැඩි වශයෙන් මුහුණ දෙන පාර්ශ්වකරුවන් ලෙස හඳුනාගෙන ඇති යතුරුපැදි ධාවකයන් ඉලක්ක කර ගනිමින් යතුරුපැදි ධාවනය කළ යුතු ආකාරය සහ යතුරුපැදි ධාවනයේ දී ප්‍රමිතියෙන් යුත් හිස් ආවරණ භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එක්ව දීප ව්‍යාප්ත ව ක්‍රියාත්මක කරනු ලබයි.
දිවයින පුරා පිහිටි සෑම දිස්ත්‍රික්කය ම පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල මගින් යතුරුපැදිකරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2021.03.05 දින පෙ.ව. 09.00ට ජගත් පාරිභෝගික අයිතිවාසිකම් දිනය නිමිති කර ගනිමින් ආරම්භ කළ අතර, එහි සමාරම්භක උත්සවය ප්‍රවාහන අමාත්‍ය ගරු ගාමිණි ලොකුගේ මැතිතුමා, සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාාරිභෝගික ආරක්ෂණ ගරු අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා, අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග, මාර්ග ආරක්ෂාව පිළබද ජාතික සභාවේ සභාපති ආර්.එල්.ඇන්ටන් ද මෙන්ස්, රථවාහන නියෝජ්‍ය පොලිස්පති (රථවාහන) සුමිත් නිශ්ශංක හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ (අධ්යක්ෂ- රථවාහන හා මාර්ග ආරක්ෂාව ශ්‍රී ලංකා රථවාහන පොලිස් මූලස්ථානය) යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පෙ.ව.09.00ට ගාලු මුවදොර පිටියෙන් ආරම්භ විය.
මෙහි දී ශ්‍රී ලංකා පොලීසිය, ජාතික රෝහල, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් සමග යතුරුපැදිකරුවන්ට ප්‍රමිතියෙන් යුතු ආරක්ෂිත හිස් වැස්මක් මිලදී ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව දැනුම්වත් කිරීම අමාත්‍යවරුන් දෙදෙනාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.
විශේෂයෙන් ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින්, යතුරුපැදිකරුවන් පළඳින ආරක්ෂිත හිස් වැසුම් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුව, නිකුත් කරනු ලබන SLS භාණ්ඩ සහතික ලාංඡනය දැරීම අනිවාර්ය කර තිබෙන අතර හිස් වැස්මක් මිලදී ගැනීමේ දී මේ පිළිබඳ ව සැලකිලිමත් වන ලෙස මහජනතාව දැනුම්වත් කර සිටී.
පසුගිය වසර 05 තුළ මාරක රිය අනතුරු හේතුවෙන් යතුරුපැදිකරුවන් මියගිය සංඛ්‍යාව සහ අනතුරු පිළිබඳ දත්තයන් ( මුලාශ්‍ර - මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව)
01. පසුගිය වසර පහ තුළ දිවයිනේ සිදු වූ රිය අනතුරු ප්‍රමාණය-
වර්ෂය | මාරක | එකතුව | මියගිය |
2106 | 2838 | 39200 | 3020 |
2017 | 2965 | 37599 | 3154 |
2018 | 2994 | 35845 | 3151 |
2018 | 2688 | 30476 | 2851 |
2019 | 2040 | 23415 | 2141 |
එකතුව | 13525 | 166535 | 14317 |
02. පසුගිය වසර 05 කාලය තුළ මාරක රිය අනතුරු හේතුවෙන් යතුරුපැදිකරුවන් මිය ගිය සංඛ්‍යාව
2016 | 2017 | 2018 | 2019 | 2020 | එකතුව | අවු:05ක මුළු අනතුරු සංඛ්‍යාවෙන් % | |
යතුරුපැදිකරුවන් | 1155 | 1219 | 1255 | 1098 | 950 | 5677 | 39% |
පදිකයින් | 883 | 959 | 952 | 889 | 538 | 4221 | 30% |
පාපැදිකරුවන් | 246 | 295 | 256 | 229 | 159 | 1185 | 08% |
03. වසර 05ක කාලය තුළ මාරක රිය අනතුරුවලට යතුරුපැදිකරුවන් වගකිව යුතු ප්‍රමාණය-
වගකිව යුතු වාහනය | වසර 05ක කාලය තුළ යතුරුපැදිකරුවන් වගකිව යුතු අනතුරු සංඛ්‍යාව | අනතුරුවලට වගකිව යුතු වාහනය % |
යතුරුපැදි | 5592 | 42.48% |
ලොරිරථ | 1687 | 12.81% |
ත්‍රීරෝදරථ | 1625 | 12.35% |
පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ පාර්ශව හා ආයතන නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවක් 2021.03.09 දින බත්තරමුල්ල ප්‍රවාහන අමාත්‍යාංශයේ දී ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මේ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය, ලංකා ක්ලියර් ආයතනය, මහජන බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුව, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය යන ආයතනවල ප්‍රධානීන් හා පෞද්ගලික මගී ප්‍රවාහන සේවා සංගම්වල නියෝජිතයෝ ද සහභාගී වූහ.
පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී හා ක්‍රියාත්මක කිරීමෙන් පසුව මතුවන ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර මේ වන විට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ වැඩ කටයුතු රාශියක් සිදු කොට අවසන් වී ඇති අතර නුදුරේදී ම නියමු ව්‍යාපෘතියක් ලෙස අදියර කිහිපයකින් මෙම පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මහනුවර නව ශාඛාව විවෘත කිරීම ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමන්ගේ සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2021-03-02 දින මහනුවර දී සිදුකෙරිණි .
මෙම අවස්ථාවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් අල්විස් ,ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය ශවේන්ද්‍ර ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ .
2021-03-05 දිනයට යෙදි තිබු ජාත්‍යන්තර ප්‍රවාහන දිනය වෙනුවෙන් වැඩ සටහන් රැසක් ක්‍රියාවට නැගීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කරනු ලැබීය.
මේ යටතේ ප්‍රවාහන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය,ජාතික ගමනා ගමන කොමිෂන් සභාව, 3k ව්‍යාපෘතිය, කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය (බස්නාහිර පළාත) යන ආයතනය සහ ව්‍යාපෘතින්ගේ දායකත්වයෙන් පහත ක්‍රියාකාරකම් සිදු කරනු ලැබීය.
01. ජාත්‍යන්තර ප්‍රවාහන දිනය සැමරිම සඳහා “බසයට පැලයක්‘ ‘වාහනයට පැලයක්” වන තේමාව පෙරදැරිව පරිසර දූෂණය අවම කිරිම සඳහා දායකත්වය ලබා දීම.
■ගරු අමාත්‍යතුමා සහ ආයතන ප්‍රධානීන් විසින් රුක් රෝපණය සිදු කිරිම
■මාකුඹුර බහුවිධ ප්‍රවාහන පරිශ්‍රයේ සිට ආරම්භ වන බස්රථයක් වෙනුවෙන් පැළයක් අදාල බස්රථ නියමුවන් විසින්ම සිදු කිරිම
■ලංකා ගමනා ගමන මණ්ඩලය මගින් ගමනා ගමන මණ්ඩලයේ බස්රථයක් වෙනුවෙන් දිවයින පුරා ඩිපෝ පරිශ්‍රවල පැලයක් රෝපණය කිරිම
■ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සියලුම දුම්රිය ස්ථාන ආවරණය වන පරිදි පැල සිටුවිම
02. පෙ.ව. 10.00 සිට 10.02 දක්වා ලංකාවේ සියලුම රථවාහන වල නාලා ශබ්ද නොකර සිටිම සඳහා වන දැනුවත් කිරිම
03. කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය මගින් කැළණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධනය හේතුවෙන් නැවත පදිංචි කරවන පවුල් 15ක් සඳහා යතුරු භාරදීම
04. වාහන දිනය සංකේතවත් කරමින් බැනර් 300ක් ප්‍රදර්ශනය කිරිම
05. ප්‍රවාහන ක්ෂේත්රයට සම්බන්ධ විශේෂ සේවාවන් සැපයු 17 දෙනෙකු වෙනුවෙන් (එම පුද්ගලයින් තෝරා ගැනීම එම ආයතන විසින්ම සිදු කරමින්) තිළිණ ප්රදානය.
06. සියලුම ප්‍රවාහන ආයතනවල ක්‍රියාකාරිත්වය දැක්වෙන ප්‍රදර්ශන පුවරු මාකුඹුර බිහු විධ ප්‍රවාහන මධයස්ථාන පරිශ්‍රයේ පැවැත්වීම
07. දුම්රිය සේවායේ ඉතිහාසය සඳහන් ප්‍රදර්ශන ඒකකයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පරිශ්‍රයේ ආරම්භ කිරිම
08. ප්‍රවාහන ක්ක්ෂේත්රයේ ආයතන මගින් සිදු කරනු ලබන සේවවන් දැක්වෙන වීඩියෝ දර්ශණයන් ප්‍රදර්ශනය කිරීම
09. ගමනා ගමන මණ්ඩලය මගින් City Bus සේවාව සඳහා භාවිතා කරනු ලබන බස්රථ උපයෝගිකොට ගෙන රිය පෙරහරක් 2021-03-06 වන දින සිදු කිරිම
10. ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව හඳුන්වාදෙන නවීන තාක්ෂණික ක්‍රමවේදය මගින් NSC තාක්ෂණය සහිත ඉලෙක්ට්‍රෝනික කාඩ්පත ආරම්භ කිරිම
11. ප්‍රවාහන ක්ෂේත්රයට සම්න්ධ විශිෂ්ට සේවාවන් සපයන සේවක මහතුන් වෙනුවෙන් තිළිණපත් ප්‍රධානය
මෙම අවස්ථාවේ පැවති උත්සව සභාව ඇමතු ප්‍රවාහන අමාත්‍ය ලොකුගේ මහතා ප්‍රකාශ කර සිටියේ විශේෂයෙන්ම රථවාහන මගින් පිටවන දුමාරය හේතුවෙන් වායු දුෂණයක් සිදු වන බැවින් එම තත්වය අවම කර ගැනීම සඳහා මෙලෙස පැල පන් දහසක් රෝපණය කිරිමේ ව්‍යාපෘතියක් ප්‍රවාහන අමාත්‍යාංශය මුලිකත්වයෙන් ආරම්භ කල බවයි.
එමෙන්ම ජාත්‍යන්තර ප්‍රවාහන දිනයට සමගාමීව අද දින අප විසින් ආරම්භ කරන වැඩසටහන් අදින් පසුව අවසන් නොකර ඉදිරියට ක්‍රියාත්මක කිරිමට සියළු දෙනාම වග බලා ගත යුතු බවයි.
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට වර්තමානයේ ක්‍රියාත්මක වන (Park & Ride) (පාර්ක් ඇන්ඩ් රයිඩ්) City Bus (සිටි බස්) සේවාව (නියමු ව්‍යාපෘතිය) මේ වන විට ලබා ඇති ප්‍රගතිය හා ඒ පිළිබඳව ප්‍රගති සමාලෝචනය කිරිම සඳහා, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021-02-22 වන දින බත්තරමුල්ල ප්‍රවාහන අමාත්‍යාංශයේදි පැවැත්විණි.
මෙහිදි Park & Ride (city bus) සේවාව ක්‍රියාත්මක කිරිමේදි හඳුනාගත් අඩුපාඩු පිළිබඳව සාකච්ඡා වු අතර නුදුරේදීම එම සේවාව හඳුනාගත් ප්‍රවාහන කොරිඩො කීහිපයක් සදහා ව්‍යාප්ත කිරිමට අවශ්‍ය පියවර ගැනීමට ද මෙහිදි තීරණය විය.
ඒ අනුව නුදුරේදිම එම සේවාව පිළියන්දල ප්‍රධාන බස් නැවතුමේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය වු අතර ඒ සදහා නවතම මගී ප්‍රවාහන බස්රථ යෙදවීමටත් ඉදිරියේදි කටයුතු කරනු ඇත.
ඒ අනුව ඒ සඳහා විධිමත් මගී ප්‍රවාහන කාල සටහනක් සැකසීමටත් Park & Ride (city bus) සේවාවේ දැනට පවතින දුර්වලතා මග හරවාගෙන එම සේවය තව දුරටත් කාර්යක්ෂමව ව්‍යාප්ත කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් අමාත්‍යවරයා විසින් නිළධාරින්ට උපදෙස් ලබා දිම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ද අල්විස් ,ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම, මොරටුව නගර සභාවේ සභාපති සමන් ලාල් ප්‍රනාන්දු, කැස්බෑව නගර සභාවේ සභාපති ලක්ෂ්මන් පෙරේරා, ප්‍රවාහන අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් හිටපු පළාත් සභා මන්ත්‍රී තුෂාර පෙරේරා යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් ද සහභාගී වූහ.
නවතම පුවත්
- ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියට නව නැම්මක්....
- මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ පළමු සහ අවසන් ගමනාන්ත සම්බන්ධතාව වැඩිදියුණු කිරීම.
- සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත් වන්න ....රජය ජනතාවගෙන් ඉල්ලයි
- කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ සියවස් පූර්ණය අද බදුල්ලේදී උත්කර්ෂවත් ලෙස .... "දුන්හිඳ ඔඩිසි" සමගින් "කැලිප්සෝ" සහ "වයිස්රෝයි" සියවස් සමරු උළෙලට එක්වෙයි.
- නාගරික ගමනාගමනයෙහි නව්‍යතාවයක්
- විදේශිකයන්ට මෙරට රියදුරු බලපත්‍ර ගුවන් තොටුපොළේදීම ...
- පාසලටත් මාර්ග නීති ..... සෑම පාසලකම මාර්ග ආරක්ෂාව පිළිබඳ ශිෂ්‍ය සංසද…
- බස් අනතුරු වළක්වාගන්න නව ක්‍රමවේදයක්..... ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව ජනතා සහාය පතයි.