3A5A1977

ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා හා ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික අංශ ප්‍රධානී සූසන් එෆ්. වෝක් (Susan.F.walke) මහත්මිය අතර හමුවක් ප්‍රවාහන අමාත්‍යංශයේ දී 2021.07.30 පැවැත්විණි.

මගී හා භාණ්ඩ ප්‍රවාහන‍ ක්ෂේත්‍රයට බලපාන කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා වූ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම ව්‍යාපාර ඇතුලත් Fortune 500 දර්ශකයට අයත් ප්‍රමුඛතම සමාගම් වල සහාය ලබාගෙන ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයේ ගුණාත්මක භාවය ඉහල නැංවීම සදහා ලබා දිය හැකි සහාය පිලිබදව දීර්ඝ වශයෙන් සාකච්ජා විය.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යංයේ ලේකම් මොන්ටි රණතුංග, ඇමරිකානු තානාපති කාර්යාලයේ වාණිජ නිලධාරි ලුයිස්. ජී .සලාස් (Luis.G.Salas) හා ප්‍රවාහන අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් තුෂාර වජිර පෙරේරා යන මහත්වරුන් ද සහභාගී වූහ.

 

 

 

2දුම්රිය ලිපිකරු සේවක සංගම් වල වෘත්තීය ගැටලු නිරාකරණය කිරිම සඳහා ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමන්ගේ හා අමාත්‍යංශ ලේකම් මොන්ටි රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් 2021-07-28 දින ප්‍රවාහන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ .

මේ අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර,ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ජේ.එම්.තිලකරත්න යන මහත්වරු ඇතුළු ,දුම්රිය දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානීන් ,දුම්රිය ලිපිකරු වෘත්තිය සමිති නියෝජිතයින් ,දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් ද ඇතුළු පිරිසක් සහභාගි වූහ .

WhatsApp Image 2021 03 24 at 13.08.46

දිනෙන් දින රිය අනතුරුවලින් මිය යන හා ආබාධිත වන සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින අතර,ඉහල යන අනතුරු සංඛ්‍යාව අවම කරලීම සඳහා පාසල් ළමුන් දැනුවත් කිරීමේ ‘මාර්ග ආරක්ෂණ කලාප’ පිළිබඳ ජාතික වැඩසටහන 2021-03-24 දින කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදි ගරු ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවේදි අදහස් දැක් වු ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමා :- අද අපි වැදගත් කටයුත්තක් ආරම්භ කරන මොහොත තමුන්නාන්සෙලා විවිධ මාධ්‍ය මගින් දැනුවත් වෙන්න ඇති පසුගිය කාලය තුළ, විශේෂයෙන්ම ගත වු සතිය තුල සිදු වු මාරක රිය අනතුරු මගින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වු බවත්, විශාල පිරිසක් විවිධ ආබාධ වලට ලක් වෙලා ඇති බවත්.
පසුගිය දා පස්සර ලුණුගල මාර්ගයේදි රියදුරන්ගේ නොසැලකිල්ල හා වෙනත් බාහිර හේතු සාධක නිසා මගී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්වීමෙන් වටිනා ජීවිත 14ක් අවාසනාවන්ත ලෙස අපට අහිමි වුනා. ඒකෙන් ඇත්තටම අපට කරුණු දෙකක් අවබෝධ කර ගන්න පුළුවන්ග එනම්, මාර්ගයේ අනතුරුදායක තැනක් නිසා වාහන දෙකම පැදවු රියදුරන් මීට වඩා සැලකිල්ලකින් රිය ධාවනය කලා නම් අපට ඒ ජීවිත අහිමිවීම වල්ක්වා ගන්න තිබුණා. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින් මීට මාස ගණනාවකට කලින් ගත්ත තීන්දුවකට අනුව රටේ මාර්ග නීතිරීති පිළිබඳව රටේ ජනතාවත් විශේෂයෙන්ම පාසල් දරුවන් හා රියදුරන්වත් දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කරන්න අවශ්‍යයි කියලා.

අද තරුණ පරම්පරාව විශාල වශයෙන් යතුරුපැදි ධාවනයට යොමු වී තිබෙනවා යතුරුපැදි මගින් විශාල රිය අනතුරු ප්‍රමාණයක් සිදුවෙන බව දත්ත මගින් පැහැදිලි වෙලා තියෙනවා. එම නිසා මෙම තරුණ දරුවන් යතුරුපැදි හෝ වෙනත් ඕනෑම වාහනයක් ධාවනයේදි මාර්ග නීති රීති පිළිපැදීම හා විනයගරුක වීම ඉතාම වැදගත් වන බව අපගේ හැඟීමයි.

එම නිසා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින් දිවයින පුරා ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාවට නගා නිරන්තයෙන් මහජනතාව මාර්ගයේ නීති රීති පිළිපැදීම හා විනයගරුක ලෙස රිය පැදවීම,මාර්ගයේ ගමන් ගන්නාවිට මාර්ග නීති පිළිපැදීම වැනි කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරවීමට කටයුතු කිරීමට අවශ්‍ය වැඩසටහන් සංවිධානය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ යටතේ තමයි අද දිනයේ කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් ඒ සම්බන්ධව දැනුමක් ලබාදීමට අවශ්‍ය අධ්‍යාපනික වැඩසටහන් සහ ප්‍රායෝගික දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාවට නගා තිබෙන්නේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජතික සභාව මගින් මෙම විද්‍යාල භූමිය තුලත් විවිධ මාර්ග සංඥා පුවරු පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව. මම එහි සභාපතිතුමාට යෝජනා කරනවා එවැනි පුවරු මහජනයා ගැවසෙන ස්ථානවලත් ප්‍රදර්ශනය කර ඒ පිළිබඳව මහජනතාවගේ අවධානය යොමු කරවීමට කටයුතු යොදන ලෙසට.මෙම වැඩසටහන් සංවිධානය කිරිමේදි පාසල්වලට බරක් නොවන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය මගින් එම කටයුතු සංවිධානය කිරිමට කටයුතු යොදා තියෙනවා. මේ ආකාරයට දීපව්‍යාප්තව අඛණ්ඩව මෙම දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය උපදෙස් ලබාදීලා තියෙනවා.
මෙම අවස්ථාවට කැස්බෑව නගර සභාවේ නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා, නාගරික මන්ත්‍රී සුමන විවියන් රණවීර,ප්‍රවාහන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්.එච්. තිලකරත්න,මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාවේ සභාපති ආර්.එන්.ඇන්ටන් ද මෙන්ස්, කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි තක්ෂිලා කළ්‍යාණි මැතිණිය ඇතුලු ගුරුභවතුන් හා සිසු දැරියන් ද සහභාගි වු අතර කොළඹ ජාතික රෝහලේ හෙද නිළධාරිනියන් පුහුණු කිරිමේ නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයියා මෙනෙවිය, මාර්ග අනතුරු පිළිබඳව විශේෂ දේශනයක්ද පැවැත්වූවාය.

IMG 3091

ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීම සඳහා වන නවමු පියවරක් වශයෙන්, ශ්‍රී ලංකා පෙරගෙවුම් කාඩ්පත හඳුන්වා දීම සඳහා සිව් පාර්ශවීය ගිවිසුමක් අත්සන් කිරීමට ප්‍රධාන පාර්ශවකරුවන් මෙහෙයවමින්, ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළහ. මෙම පෙරගෙවුම් කාඩ්පත් ව්‍යාපෘතිය වසර කිහිපයක් තිස්සේ යෝජිතව පැවති අතර අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ශ්‍රී ලංකාව සඳහා එක් ප්‍රවාහන විද්‍යුත් ප්‍රවේශ පත්‍ර ක්‍රමයක් හඳුන්වාදීම සඳහා ඇතුළත්වූ යෝජනාව අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.

ශ්‍රී ලංකා පෙරගෙවුම් කාඩ්පත ක්‍රියාත්මක කිරීම සඳහා වන සිව් පාර්ශවීය ගිවිසුමට, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, මහජන බැංකුව සහ ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම විසින් 2021 අප්‍රේල් මස 22 වැනි දින ප්‍රවාහන අමාත්‍යාංශයේදී අත්සන් තබන ලද අතර ප්‍රවාහන අමාත්‍ය ගරු ගාමිණී ලොකුගේ මැතිතුමා සහ වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා එම අමාත්‍යාංශ ලේකම්වරු හා නිලධාරීන්ගේ මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එය සිදු කෙරිණ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා, ලංකා ක්ලියර් පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිළධාරී චන්න ද සිල්වා මහතා සහ මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ.බී. රාජපක්ෂ මහතා අදාල ආයතන නියෝජනය කරමින් මෙම ඓතිහාසික ගිවිසුමට අත්සන් කළහ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියෙන් යුතුව සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ සහාය මත ලංකා ක්ලියර් සමාගම විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා පෙරගෙවුම් කාඩ්පත ක්‍රියාත්මක කිරීමේ යෝජනාව සඳහා 2021 පෙබරවාරි මාසයේදී කැබිනට් අනුමැතිය ලැබුණි. ලංකා ක්ලියර් සමාගම විසින් පහසුකම් සපයනු ලබන ජාතික කාඩ්පත් යෝජනා ක්‍රමය (NCS) යටතේ, සියලුම බලයලත් මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකා පෙරගෙවුම් කාඩ්පත නිකුත් කරනු ලැබේ. ඩෙබිට්/ක්‍රෙඩිට් පහසුකමට අමතරව ගබඩා කළ වටිනාකම් පහසුකම එකම චිප් පතකට ඇතුළත් කරමින්, ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන ප්‍රථම ද්වි කාර්ය කාඩ්පත බවට ශ්‍රී ලංකා පෙරගෙවුම් කාඩ්පත පත්වනු ඇත. මෙය ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM), POS යන්ත්‍ර හා සියලුම ප්‍රවාහන සේවා සඳහා එකම කාඩ්පතක් උපයෝගී කරගැනීමට හැකිවන සුවිශේෂි පහසුකමක් වන අතර එමගින් විවිධ මාදිලියේ ගනුදෙනු සඳහා එක් කාඩ්පතක් භාවිතා කිරීමේ පහසුව ජනතාවට හිමිවේ. එමෙන්ම, එය ප්‍රවාහනය සේවා සඳහා පමණක් භාවිතා කළ හැකි කාඩ්පතක් වශයෙන් ක්‍රියාත්මක කරනු ලැබූයේ නම්, කාඩ්පත් මුද්‍රණය හා බෙදාහැරීම සඳහා රජයට දැරීමට සිදුවන අතිවිශාල වියදමක් ද මෙමගින් ඉතිරි වනු ඇත.

නියමු අදියරේදී, ප්‍රවාහන අමාත්‍යාංශය විසින් හඳුනාගනු ලබන, තෝරාගත් මාර්ගවල රාජ්‍ය හා පෞද්ගලික බස්රථවල ශ්‍රී ලංකා පෙරගෙවුම් කාඩ්පත භාවිතා කළ හැකිවනු ඇති අතර එය ක්‍රමයෙන් වෙනත් මාර්ග හා ශ්‍රී ලංකා දුම්රිය සේවාව දක්වා ව්‍යාප්ත කෙරේ. මෙම ජාතික ව්‍යාපෘතියට ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව නිසි සහයෝගය දැක්වූ අතර මාස දෙකක කාලයක් තුළ දියත් කිරීමට යෝජිත මෙම ශ්‍රී ලංකා පෙරගෙවුම් කාඩ්පත නිකුත් කිරීමේ ප්‍රථම බැංකුව වශයෙන් මහජන බැංකුව ඊට ඉදිරිපත් විය. ලංකා බැංකුව සහ සෙසු රාජ්‍ය බැංකු ද මාස කිහිපයක් තුළ ලංකා පෙරගෙවුම් කාඩ්පත නිකුත් කිරීමට කටයුතු කරමින් මෙම ජාතික ව්‍යාපෘතියට එක් වෙමින් පවතී. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව මෙම කාඩ්පත රජයේ සහ පෞද්ගලික බස් රථවල භාවිතා කිරීමට අවශ්‍ය තාක්‍ෂණික පසුබිම සකස් කරමින් සිටිති. මෙම ජාතික කාර්යයේ වැදගත්කම සළකා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මඟ පෙන්වීම මත, ශ්‍රී ලංකා පෙරගෙවුම් කාඩ්පත භාවිතයෙන් සිදුකෙරෙන පොදු ප්‍රවාහන සේවා ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමේ ජාලය ගාස්තු අයකිරීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට ලංකා ක්ලියර් සමාගම ඉදිරිපත් වී තිබේ. මෙම වැඩපිළිවෙල සඳහා සියළුම පළාත් ප්‍රවාහන බලධාරීන්ගේ සහාය මෙන්ම බොහෝ පෞද්ගලික බස් හිමියන්ගේ සංගම්වල සහාය ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ලබා ගෙන ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබන බස් රථ රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ සුභසාධනය සඳහා දායක වීමට ද යෝජනා කරමින්, ඒ අනුව මෙම යෝජනා ක්‍රමය සැලසුම් කර ඇති බැවින් මෙම කාර්යයට සියලු පාර්ශවකරුවන්ගේ පිළිගැනීම හිමිවී තිබේ.

udahamulla1

ගුණගරුක හා විශිෂ්ඨ රියදුරන් බිහි කිරීමේ පරමා ර් ථයෙන් යෙන් කැස්බෑව ඩිපෝ පරිශ්‍රය තුල නව රියදුරු අභ්‍යාස විද්‍යාලයක් ස්ථාපිත කිරිම 2021-03-05 පෙරවරුවේදි ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමා විසින් සිදු කරන ලදි.

එම අවස්ථාවට ශ්‍රී ලංගම සභාපති කිංස්ලි රණවක, ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම යන මහත්වරුන්ද සහභාගී විය.

 

නවතම පුවත්