m5

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද විශේෂ ජංගම සේවයක් කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම ජංගම සේවය දෙදිනක් පුරා ක්‍රියාත්මක වීමට නියමිතයි. ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වූ නියමු ව්‍යාපෘති ඉන් අනතුරුව, හිමි වූ කැබිනට්අනුමැතියට අනුව ශ්‍රවණ ආබාධ සහිත ජනතාව සඳහා විශේෂ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ උපදේශන සේවාව සහ ලිඛිත පරීක්ෂණ පැවැත්වීම, වාහන පැවරීම, රියදුරු බලපත්‍ර,කාර්මික අංශය, ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඇතුළු අනෙකුත් ආයතන වල සේවාවන්, බැංකු, රක්ෂණ සහ ලීසිං ඇතුළු සේවාවන් රැසක් ලබා ගැනීමේ අවස්ථාව වයඹ පළාතේ ජනතාවට හිමි විය.

වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

" නිදහසින් පසු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අතිශයින්ම වැදගත් සමාජ සත්කාරක වැඩසටහනක්‌ ලෙස මෙම ජංගම සේවාව හැඳින්විය හැකියි.දැනට වයඹ පළාත තුලශ්‍රවණ අබාධ සහිත 77,000ක පමණ පිරිසක් ජීවත් වනවා.එම පිරිසට මෙන්ම දිවයින පුරා ශ්‍රවණාබාධිත ජනතාවට රිය පද වීමෙන් වලංගු බලපත්‍රයක් ලබා ගැනීමට පැවැති බාධාවන් මෙතැන් සිට ඉවත් වනවා.

විශේෂ අවශ්‍යතාවයන් සහිත පිරිසක් ලෙස ශ්‍රවණාබාධිත ජනතාවටත් සිය දෛනික කටයුතු වෙනුවෙන් රථ වාහන ධාවනය කිරීමේ අවශ්‍යතාවය ඇති වනවා.ඉන් බොහෝ පිරිසක් රිය ධාවනයේ නිරත වනවා.දීර්ඝ කාලයක් තුළ විවිධ රජයන්ගෙන් ඉල්ලීම් සිදු කලත් ඔවුන්ට නිත්‍යානුකූලරියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව මෙතෙක් හිමි වූයේ නැහැ.

යුරෝපය ඇමරිකාව ඇතුළු ලෝකයේ බොහෝ දියුණු රටවල විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව සඳහා අන්තර්ජාතිකව පිළිගත් රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව පවතිනවා. නමුත් ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවට මෙතෙක් එම වරප්‍රසාදය හිමිවී නැහැ. ඒ නිසාම රථ වාහන ධාවනයේදී විවිධාකාර වූ පීඩාවන්වලට නිරන්තරයෙන් මුහුණ දීමට ඔවුන්ට සිදු වනවා. එය මානව අයිතියට සුදුසු තත්වයක් නොවන බව මාගේ අදහසයි.

විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ සහ ශ්‍රවණාබාධිතවූවන්ගේසංවිධාන විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද ඉල්ලීම් ද සැලකිල්ලට ගනිමින් ඔවුන් වෙත රියදුරු බලපත්‍රයක් ලබා දීම සඳහා අවශ්‍ය පසුබිම සොයා බලා කටයුතු කරමින් අප අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විශාල කාර්යභාරයක් ඉටු කළා. අභියෝග රැසක් මැද, අපහසුතාවයන් රාශියකට මුහුණ දෙමින් ඒ පිළිබඳව නියමු ව්‍යාපෘතියක් ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ශ්‍රවණාබාධිත පිරිස් වෙත රියදුරු බලපත්‍ර ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අපට හැකි වුණා.

ඒ අනුව හෙට දිනයේ සිට බයකින් හෝ සැකයකින් තොරව නීත්‍යනුකූලව රිය ධාවනය කිරීමේ අවස්ථාව මෙම විශේෂතා සහිත පිරිසටද හිමිවනවා. ඔවුන් වෙනුවෙන් විශේෂ හඳුනාගැනීමේ සලකුණක් සහිතව රිය ධාවනය කිරීමේ අයිතිය ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

නිදහසින් පසු ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව තුළ රිය ධාවනයට නිත්‍යානුකූල අයිතිය ඉදිවනවිශේෂ අවශ්‍යතා සහිත ශ්‍රවණාබාධිත පිරිස් හඳුනාගනිමින් ඔවුන් පිළිබඳව පොලිසිය ඇතුළුසියලු පාර්ශව දැනුවත් කිරීමේ වගකීම ජනමාධ්‍යවේදීන් ඇතුළු අප සැමට හිමිවනවා.

සමාජයෙන් වෙනස් කොට සැලකීම වෙනුවට ජීවිතයට වැඩි අගයක් එකතු කරගැනීමට රජය ලබා දුන් මෙම විශේෂ අවස්ථාව තුළින්වගකීමෙන් යුතුව රිය පදවමින්රටට වැඩදායි මෙහෙවරක් ඉටු කරන්නට මෙම පිරිසට ද ශක්තිය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා."

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රීණී මංජුලා දිසානායක මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා, වයඹ පළාත් ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න මහතා, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

m3ති අන්තයට නව සංචාරක දුම්රිය අත්දැකීමක්‌ එක් කරමින් "ශනිදා සීතාවක ඔඩෙසි සංචාරක දුම්රිය" අගෝස්තු මස 5වන දින කොළඹ සිට වග දුම්රිය ස්ථානය දක්වා සුබ මොහොතින් ගමන් ආරම්භ කෙරිණි.
 
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ මග පෙන්වීම අනුව ආරම්භ කෙරුණු මෙම දුම්රිය සේවාව මගින් සීතාවක ප්‍රදේශය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සංචාරක කලාපයක් ලෙස තවදුරටත් ප්‍රචලිත කිරීමඋදෙසා දෙස් විදෙස් අවධානයට ලක්වනු ඇත.
 

එම අරමුණද සමඟ ඇරඹි ශනිදා සීතාවක ඔඩෙසි සංචාරක දුම්රියේ මංගල සංචාරය සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති චී සෙන්හොන්ග් (Qi Zhenhong) මැතිතුමා, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති හෝ ති තන් ටෘක් (Ho Thi Thanh Truc) මැතිණිය, රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී නටාලිය කුලිෂෙන්කෝ (Natalia Kulishenko) මහත්මිය ඇතුළුව මෙරට විදේශ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැසක් එක් විය.

 

m1

නව සංචාරක දුම්රිය ගමනාන්ත ඇති කිරීමේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පය යටතේ නවීකරණය කෙරුණු උතුරු දුම්රිය මාර්ගය කේන්ද්‍ර කර ගනිමින් ගල්කිස්ස සිට යාපනය හා කන්කසන්තුරේ දක්වා ධාවනය කෙරෙන යාල් නිලාරාත්‍රී ශිග්‍රගාමී සුඛෝපබෝගී සංචාරක දුම්රිය අගෝස්තු මස 04 වන සිකුරාදා දින ගමන් ආරම්භකරන ලදි.

දෙස් විදෙස් සංචාරකයින් ඇතුලු මගීන් රැසක් මෙම ආරම්භක දුම්රිය ගමන සඳහා එක්ව සිටියහ. ඒ අනුව කොළඹකොටුවෙන් රාත්‍රී 10ට ගමන් ආරම්භ කරන දුම්රිය පෙරවරු 05.50ට කන්කසන්තුරේ වෙත ලඟා වීමට නියමිතයි.එමෙන්ම රාත්‍රී 09.30ට කන්කසන්තුරේ සිට පිටත් වන දුම්රිය ගල්කිස්සට ලඟා වන්නේ පෙරවරු 05.35ටයි.

නවීන, අති සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත යාල් නිලා දුම්රියට වායු සමීකරණය කරන ලද ප්‍රථම සහ දෙවන පන්තියේ මැදිරි, සනීපාරක්ෂක පහසුකම්, භෝජනාගාර ඇතුලු පහසුකම් ඇතුලත් වේ.

                           m2ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පයකට අනුව සීතාවක ප්‍රදේශයජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුසංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කොට ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් සීතාවක ඔඩෙසි සංචාරක දුම්රිය මීට මාස 06කට පමණ පෙර ආරම්භ විය.

කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ජනතාවට අඩු වියදම් සංචාරක දුම්රියක්‌ ලෙස ඉරිදා දින ධාවනය වූ සීතාවක ඔඩෙසි දුම්රියට මේ විට ඉහල මගී ඉල්ලුමක් ලැබෙමින් පවතී.

මේ පිලිබඳ සිය විශේෂ අවධානයයොමු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම පරිදි "ශනිදා සීතාවක ඔඩෙසි" නමින් සෙනසුරාදා දිනයේද සංචාරක දුම්රියක් ගමන් ආරම්භ කිරීම 08/05 දින සිදු කෙරිණි.

                                                                                                              

 

 

ee

175 buses were rehabilitated according to the concept of the Minister of Transport, Highways and Mass Media, Dr. Bandula Gunawardena under the project of rehabilitating 400 buses of SLTB depots island-wide, which had been taken out of service due to various defects, and the launching of these rehabilitated buses into service took place at the President’s Office premises in Colombo under the patronage of His Excellency the President, Mr. Ranil Wickramasinghe

Under the advice and guidance of Minister Dr. Bandula Gunawardena, rehabilitation work has been carried out to enable these buses to be put back into operation with the labor contribution of the staff of the technical sections of 107 depots belonging to the Sri Lanka Transport Board across the island.

Minister of Fisheries, Hon. Douglas Devananda, Chairman of Ceylon Transport Board Mr. Lalith de Alwis and a group of officials, staff and others were present for these occasions.