pp

එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන ආර්ථික හා සමාජ කොමිසම (ESCAP) ප්‍රවාහන හා මහාමාර්ග අමාත්යංශය හා එක්ව සංවිධානය කරනලද ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය සඳහා e mobility (විද්යුත් සංචරණය) සංකල්පය හඳුන්වා දීමේ ජාතික උපදේශන සමුළුව කොළඹ ගලදාරී හෝටල් පරිශ්‍රයේදී ප්‍රවාහන හා මහාමාර්ග හා ජනමාධ්ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
වසටහන අමතමින් අදහස් දැක්වූ අමත්‍යවරයා,
ශ්‍රී ලංකාව තුළ සහ ලොව පුරා පවතින ආර්ථික තත්වය හමුවේ ෆොසිල ඉන්ධන වෙනුවට විකල්ප බලශක්ති ප්‍රභවයක් ලෙස විදුලියට පරිවර්තනය වීම ශීඝ්‍රයෙන් සිදු වෙමින් පවතිනවා. එවැනි වාතාවරණයක් යටතේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විද්යුත් සංචරණ ප්‍රතිපත්ති රාමුවක් සැකසීම සඳහා සහාය ලබාදීම පිලිබඳ ESCAP සංවිධානය වෙත රජය වෙනුවෙන් මාගේ ස්තුතියි පිරිනැමීමට කැමතියි.
වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ විද්යුත් රථ වාහන භාවිතය ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතිනවා. පරිසර හිතකාමී, පිරිවැය අවම බලශක්ති ප්‍රභවයක් ලෙස එය ඉතාමත් වැදගත්.වායු විමෝචනය අවම වීම, ශබ්ද දුෂණය අවම වීම වැනි ප්‍රතිලාභ රැසක් ඒ තුලින් හිමිවනවා.
එය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා සිදු කළ යුතු යටිතල පහසුකම් සංවර්ධනය, ආරෝපණ මධ්යස්ථාන පිහිටුවීම ආදිය පිළිබඳව රජයේ අවධානය යොමුවිය යුතු පවතිනවා. විශේෂයෙන්ම ජනතාව ඒ වෙත ආකර්ෂණය කිරීම සඳහා වඩාත් පහසුවෙන් එම සේවාවන් ලබා ගැනීමේ හැකියාව ලබාදීම අවශ්යයි. එසේම විද්යුත් සංචරණය උදෙසා පවතින ආයෝජන අවස්ථාවන් පිළිබඳව ආයෝජකයින්ට අවශ්ය දිරි ගැන්වීම් ලබා දීමත් මේ මොහොතේ ඉතාමත් වැදගත්. දිගුකාලීන සැලසුමකට අනුව හරිත ආර්ථිකයක් උදෙසා ගමන් කරන මෙම ව්‍යායාමය සාර්ථක කරගැනීම වෙනුවෙන් ඔබ සැම ලබාදෙන දායකත්වය අගය කොට සලකනවා.
එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන ආර්ථික හා සමාජ කොමිසම (ESCAP) ප්‍රවාහන අංශය වෙනුවෙන් මදාන් බන්ධු රේග්මි මහතා, තායිලන්තය නියෝජනය කරමින් මහාචාර්ය ලොසෆොන්ග් ලැවනුවෙල් මහතා, ඉන්දියාව නියෝජනය කරමින් මහාචාර්ය ශිවනන්ද් ස්වාමි මහතා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා, කර්මාන්ත අමාත්යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, පරිසර අමාත්යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, මහාචාර්ය අමල් කුමාරගේ මහතා ඇතුලු දෙස් විදෙස් නියෝජිතයින්, විද්වතුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

 

zz

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ යෝජනාව පරිදි විශේෂ කැබිනට් අනුමැතිය යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින පුරප්පාඩු සඳහා බඳවා ගත් නවක රියදුරු සහ කොන්දොස්තර මහතුන් සඳහා පත්වීම් ලිපි පිරිනැමීමේ වැඩසටහනක්‌ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවේ දී පුහුණුව අවසන් කළ නවක රියදුරු මහතුන් 24 දෙනෙකු සහ කොන්දොස්තර මහතුන් 36 දෙනෙකු වෙත පත්වීම් ලිපි පිරිනැමිම අමාත්‍යවරයා ගේ සුරතින් සිදුවිය.
එම අවස්ථාවේ දී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
රට මුහුණ දී ඇති වත්මන් තත්වය තුළ ඉදිරි වසර තුනක් දක්වා රාජ්‍ය සේවයට කිසිදු බඳවා ගැනීමක් සිදු කිරීමට හැකියාවක් නැහැ. ණය ප්‍රතිව්යුහගත කිරීමේ ජාත්යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම අනුව රාජ්‍ය සේවයේ ඇතැම් ආයතනවල අතිරික්ත සේවකයින් ස්වයං විශ්රාම ගැන්වීමේ වැඩපිළිවෙලක්දමේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
අදුරදර්ශී දේශපාලන හේතූන් මත වරින් වර රාජ්‍ය අංශයේ රැකියා විශාල වශයෙන් ලබා දීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී තිබෙනවා. නමුත් රජයක් ලෙස තවදුරටත් එලෙස කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවා ඇති කොන්දේසි අනුව නිදහස ලබා වසර 100ක්‌ වනතුරුම අප ලබාගෙන ඇති ණය ගෙවීමේ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රිරියාත්මක කළ යුතුව පවතිනවා. ඒ අනුව ඉදිරි වසර පහ තුළ අප විසින් ලබාගෙන ඇති ණය වලින් 37%ක්‌, වසර 6ත් 20ත් අතර 51%ක්‌ සහ ඉන් අනතුරුව තවත් 12%ක ප්රමාණයක් ගෙවා අවසන් කළ යුතුයි. කවර පක්ෂයක් ආණ්ඩු බලය හෙබවූවත් අනිවාර්යෙන්ම මෙම කොන්දේසි සම්පූර්ණ කළයුතු වනවා. එසේ නොමැතිව තවදුරටත් ජනතාවට බොරු කියමින් ආණ්ඩු පවත්වාගෙන යෑමට හැකියාවක් නැහැ.
මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව වැඩි වැඩියෙන් පොදු ප්‍රවාහනය වෙත නැඹුරු වීම හේතුවෙන් එහි අවශ්යතාවය දිනෙන් දින වර්ධනය වෙමින් පවතිනවා. මේ හේතුවෙන් විශේෂ කැබිනට් අනුමැතියක්‌ සහිතව ලංකා ගමනාගමන මණ්ඩලය වෙත මෙම නව පත්වීම් ලබාදීමට හැකි වීම විශේෂ අවස්ථාවක් ලෙස සලකනවා. කෙසේ නමුත් ආයතනය වෙත ලබාදී ඇති ඉලක්කයන් සම්පූර්ණ කර ගැනීමේදී වංචාව, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධව නීති රීති තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කිරීමට සිදුවනවා.
ආයතනයේ කාර්ය මණ්ඩලයේ සුභසාධනය වෙනුවෙන් මෙතෙක් ක්‍රියාත්මක නොවූ රක්ෂණාවරණයක් සියලු සේවකයින් හට ලබාදීම පිළිබඳව මේ වන විට අවධානය යොමු වී තිබෙනවා. එසේම සියලු දෙනාගේම සාමූහික ප්‍රයත්නයෙන් අනාගතයේදී ආයතනය ලබන ලාභයෙන් කොටසක් නැවත ආයතනයේ සේවකයින්ට ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමටද අප සැලසුම් කරනවා.
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා, නියෝජ්ය සාමාන්යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

mm

ඉදිකිරීම් අවසන්ව පවතින උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට ඕමන්ත දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතියේනවීකරණ කටයුතු වලින් අනතුරුව නැවතත් අනුරාධපුර සිට දුම්රිය ගමන් ආරම්භ කිරීමට පෙර නවීකරණ කරන ලද දුම්රිය මාර්ගයේවිශේෂ නිරීක්ෂණ ධාවනයක් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

පැයට කිලෝමීටර් 100ක වේගයක් සහිතව දුම්රිය ගමන් කිරීමට හැකියාව ලැබෙන පරිදි නවීකරණය කරන ලද මාර්ගයේ ධාවන යෝග්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා M 11 වර්ගයේදුම්රිය එන්ජිමක් සහ වායු සමීකරණය කරන ලද සුඛෝපභෝගී නවීන මැදිරි කට්ටලයක් මෙම ධාවනය සඳහා එක්කර තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා, දුම්රිය සාමාන්‍යධිකාරී ඩබ්ලිව් ඒ ඩී එස් ගුණසිංහ මහතා, ඉදිකිරීම් භාර ඉන්දියානු ඉර්කොන් සමාගමේ නියෝජිතයින්, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු පිරිසක් මෙම නිරීක්ෂණය සඳහා එක්ව සිටියහ

aa

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා
75 වන නිදහස් සමරුවට සමගාමීව මෙරට ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහන සේවාවන් ශක්තිමත් කිරීම උදෙසා ලංකා ගමනාගමන මණ්ඩලය මගින් නව බස් රථ 500ක්‌ ධාවනයට එක් කිරීමේ වැඩසටහන යටතේ, යාපනය ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ග වල ධාවනය උදෙසා නව බස්රථ 24ක්‌ ධාවනයට එක් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්යාපනයේදී සිදු කෙරිණි. මෙම වැඩසටහන යටතේ ලංගම උතුරු ප්රාදේශීකයේ ඩිපෝ 7ක්‌ වෙනුවෙන් අදියර දෙකක් යටතේ නව බස් රථ 32ක්‌ බෙදා දී තිබේ.
මෙම අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය රටේ සියළු පළාත්වලට මෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශ වලටත්, සමාන පහසුකම් ලබාදීමට කටයුතු කරනවා. පසුගිය වසර තුනක කාලය පුරාවට විවිධ හේතුන් මත විශාල පීඩාවන්ට රැසකට ජනතාව මුහුණ දී තිබෙනවා. ඒ හේතුවෙන් ම පොදු ප්‍රවාහන සේවාවන් උදෙසා පවතින ඉල්ලුම විශාල ලෙස වැඩි වී තිබෙනවා. එම නිසා එම සේවාවන් තවදුරටත් වර්ධනය කිරීමේ වගකීම රජයට පවතිනවා. නමුත් ඒ වෙනුවෙන් දැරීමට සිදුවුන ප්‍රාග්ධන වියදම් සපයා ගැනීමේ විශාල අභියෝගයකට රජය මුහුණ දී සිටිනවා.
එවැනි අපහසුතාවයන් අතර වුවත් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ නව බස්රථ 32ක්‌ මෙම ප්‍රදේශවල ජනතාවගේ පහසුව වෙනුවෙන් යෙදවීමට හැකි වීම පිළිබඳව අප සතුටු වනවා. ඒ වෙනුවෙන් ඉන්දියානු රජයට සහ මහ කොමසාරිස් තුමා ඇතුළු නිලධාරින්ට අපගේ විශේෂ ස්තූතිය පිරිනමනවා.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත කැටගොඩ මැතිතුමා,පාර්ලිමේන්තු මන්ත්‍රි ඉෂාක් රහුමාන් මැතිතුමා, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා ඇතුළු නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

                                                                                                                        

 

llගමනාගමන මණ්ඩලයේ දුර ගමන් සේවා බස් රථ කාල සටහන් විස්තර අන්තර්ජාලයට එක් කෙරේ.

ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් දුර සේවා බස් රථ කාලසටහන් ප‍්‍රථම වරට අන්තර්ජාලයේ සෙවුම් පද්ධතියට ඇතුළත් කිරීම ප‍්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2023.07.10 දින සිදු කරනු ලැබීය.

මෙමගින් මගීන් හට ඉතා පහසුවෙන් 1315.lk වෙබ් අඩවියෙන් හා 1315.lk ජංගම යෙදුම මගින් මෙම සේවාව අද සිට ලබාගත හැක. එමගින් මගී ජනතාවට තමන්ගේ ගමන් අවශ්‍යතාවයන් කල් ඇතිව වඩාත් පහසු ආකාරයටසැලසුම් කර ගැනීමේ පහසුකම හිමි වේ.

එලෙසම මෙම 1315.lk වෙබ් අඩවියට හා 1315.lk ජංගම යෙදුමට පිවිසීමෙන් තමන් කැමති ආසනය තෝරාගෙන වෙන් කර ගැනීමේ හැකියාව ලබා දී ඇති අතර දිවයිනම ආවරණය වන පරිදි බස් රථ ගමනාන්ත සඳහා මගී ආසන වෙන් කිරීමේ හැකියාව මේ හරහා ලැබේ. sltb.eseat.lk හෝ 1315.lk යනු තත්‍ය කාල (real time) මගී ආසන වෙන් කිරීම සහ මගී ප්‍රවාහන තොරතුරු ලබා ගැනීම ඇතුළු සියලු පහසුකම් එකම තැනකින් ලබා ගත හැකි ශ්‍රී ලංකාවේ විශාලතම වෙබ් අඩවියයි. වෙබ් සහ ඇප් යන මාධ්‍ය දෙක හරහාම සම්බන්ධ විය හැකි මෙම සේවාව, පරිශීලකයන්ට වඩාත් පහසු අතුරුමුහුණතකින් යුතුව නිර්මාණය කර ඇත. මේ නිසා පරිශීලකයන්ට රථයේ ආසන සැලසුම අනුව කැමති අයුරින් ආසන වෙන් කිරීමටත් අවස්ථාව හිමි වේ. ආසන වෙන් කිරීමෙන් පසු e-ticket එක Smsසහ email ඔස්සේ පරිශීලකයාට කල්තියා ලැබෙන නිසා කාර්යබහුල වේලාවන්වල වුවද අනවශ්‍ය කරදර, රස්තියාදු නොමැතිව කෙටි කාලයක් තුළ සේවාව ලබා ගැනීමේ හැකියාව උදා වේ. තවද ආසන වෙන් කිරීමෙන් පසු පරිශීලකයාට බස් රථය පිටත් වන කාල වේලවන් සහ ස්ථාන පිළිබඳ තොරතුරු ද කලින්ම ලැබෙන නිසා බස් රථයට පහසු තැනකින් ගොඩ වීමටත් වෙන් කළ ආසනයේ ගමනාත්තය තෙක් සුවපහසුවෙන් යාමටත් අවස්ථාව සැලසේ.

වෙබ් අඩවියට අමතරව දිවයින පුරා පිහිටි 40කට අධික ප්‍රධාන බස් නැවතුම් පොළවල පිහිටුවා ඇති කවුන්ටර් හරහා මෙන්ම 1315 ක්ෂණික ඇමතුම ඇමතීමෙන් ද මෙම සේවාව ලබා ගත හැක. මෙම ක්ෂණික ඇමතුම භාෂා 3න් සමන්විත 24 පැයේ ක්‍රියාත්මක සේවාවක් වන අතර, බස් ගමන් සේවා පිළිබඳ තොරතුරු, ආසන වෙන් කිරීම හා කොන්දොස්තර මහතා සමඟ සම්බන්ධීකරණය ආදී පහසුකම් ද ඕනෑම මොහොතක ලබා ගත හැකි වීම මේ ඔස්සේ සලසා ඇති තවත් විශේෂ පහසුකමකි.

ආසන වෙන් කිරීමේ පද්ධතිය, උපකාරක සේවාව සහ දෛනික වෙන් කිරීම් ආදී සියලු මෙහෙයුම් කටයුතු SLTB අධීක්ෂණය යටතේ මාස 9කට අධික කාලයක් පුරා තෝරාගත් බස් රථ සහ කවුන්ටර් ඔස්සේ සාර්ථකව අත්හදා බලා තහවුරු කරනු ලැබූ වැඩපිළිවෙළකි.

සමස්තයක් ලෙස මෙම සේවාව තුළින් මගී ජනතාවට අපහසුතාවය හාහිරිහැර අවම කිරීම, සුවපහසු ගමනාන්තයකට පහසුකම් සලසා දීමත්, ඉහළ විනිවිදභාවයකින් හා වගවීමෙන් යුතු ප්‍රවාහන සේවාවක පහසුව අත්විඳීමට අවස්ථාව ලැබෙනු ඇත. භෞතික මුදල් රහිතව ඔන්ලයින් ගනුදෙනු සිදු කිරීමට හැකි වීමත් මෙම සේවාවේ ඇති තවත් එක් සුවිශේෂතාවකි. තවද මෙහිසියලුම මුදල් ගනුදෙනු, ශ්‍රී ලංගම බැංකු ගිණුමකට බැරවේ. ඔන්ලයින් ගනුදෙනු රට තුළ ප්‍රචලිත වීම සඳහා ද මෙවැනි හඳුන්වාදීම් හේතුවක් වන අතරම ඒ තුළින් රටේ ආර්ථිකයට යහපත් ප්‍රතිලාභ රැසක් සැලසෙනු ඇතැයි ද සිතිය හැකිය. මෙම ආසන වෙන් කිරීමේ සේවාව තුළ මගී ජනතාවගේ අදහස්වලට ද ඉඩක් සලසා ඇති නිසා මේ හරහා සේවාවේ අඛණ්ඩ වැඩි දියුණු කිරීම් සිදු කිරීමට ද හැකියාව ලැබේ. අනාගතයේදී මෙය තවත් සේවාවන් රැසක් සපයන කේන්ද්‍රස්ථානයක් ලෙස ද වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන අතර වෙනත් ප්‍රවාහන ක්‍රම සඳහා ද මෙය ඉදිරියේදී ඒකාබද්ධ කෙරෙනු ඇත.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා,

ගමනාගමන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ සංකල්පයේ තවත් පියවරක් ලෙස ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ආසන වෙන්කිරීම සහ කාල සටහන් මාර්ගගත ක්‍රමයට පරිවර්තනය කිරීමේ මෙම වැඩසටහනට සුවිශේෂී වැදගත්කමක් හිමිවෙනවා.

සැලසුම් සහගත, විධිමත්ව ගමන් පහසුකම් සලසා ගැනීම සඳහා නිශ්චිත සහපැහැදිලි තොරතුරු ලබාගැනීමේ හා ආසන වෙන් කිරීම් සිදුකර ගැනීමේ පහසුකම මේ සමඟ මගී ජනතාවට හිමි වනවා. ඩිජිටල්කරණයේ ආරම්භක පියවරක් ලෙස සිදුකෙරෙන මෙම වැඩසටහනේ ඉදිරි පියවර ලෙස e ticketing සහ e motaringසේවාවන් ද තවත් කෙටි කාලයක් තුල ප්‍රවාහන ක්ෂේත්‍රයට හඳුන්වා දීමට අප කටයුතු කරනවා.

වැඩි වැඩියෙන් බස් රථ සහ මාර්ග පද්ධති පද්ධතියට ඇතුළත් කිරීම මඟින් වඩාත් පරිපූර්ණ සේවාවක් ලෙස අනාගතයේදී මෙම සේවාව ජනතාවට සමීප කිරීමත්, මගී ජනතාවගේ දෛනික ගමනාගමනයේ කොටසක් බවට පොදු ප්‍රවාහන මාධ්‍ය පත් කිරීමට ද මෙම සේවාවේ දිගු කාලීන අරමුණ ලෙස ක්‍රියාවට නංවනවා.

ඒ තුළින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණ, අක්‍රමිකතා අවම කරමින් ආයතනය ලාභ ලබන තත්ත්වයට කෙටි කාලයක් තුළ ළඟා වීමේ හැකියාව ද හිමි වනු ඇති බව මා විශ්වාස කරනවා.

මෙම අවස්ථාව සඳහා ලංකා ගමනාගමන මණ්ඩල සභාපති ලලිත් ද අල්විස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

නවතම පුවත්