FB IMG 1704333811602

" පසුගිය වසරේ ළඟා වීමට නොහැකි වූ ඉලක්කයන් සම්පූර්ණ කර ගැනීමට වැඩිපුර වැඩ කරන වසරක් බවට නව වසර පත් කර ගත යුතුයි. "
 
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා
 
 2024 වසරේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිල රාජකාරි කටයුතු ආරම්භ කිරීම  ප්‍රවාහන,  මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ කාර්යාලයේදී සිදුවිය. එහිදී අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
 
 එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"පසුගිය වසර තුළ සැලසුම් කළ ඇතැම් ව්‍යාපෘති වල සපුරා ගත නොහැකි වූ ඉලක්කයන් සම්පූර්ණ කර ගැනීම සඳහා අමාත්‍යංශය සහ ඒ යටතේ ක්‍රියාත්මක සියලූම ආයතනවල නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමුවිය යුතුයි. ඒ සඳහා නව ශක්තියක් ලබාදීමට හැකි ඉංජිනේරුමය කාර්යයන් සහ පරිපාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද බොහෝ අත්දැකීම් සහ මනා පළපුරුද්දක්‌ සහිත නිලධාරියකු  වන ඉංජිනේරු රන්ජිත් රූබසිංහ මහතා නව අමාත්‍යංශ ලේකම්වරයා ලෙස  පත්ව තිබෙනවා.
 
 ඒ අනුව නව වසරේ වඩාත් කාර්යක්ෂමව කටයුතු කිරීම සඳහා කඩිනම් තීරණ ගැනීම ඉතාමත් අවශ්‍යයි. එසේ නොවුවහොත් මෙම අමාත්‍යංශයට අනෙකුත් අමාත්‍යාංශ ඉක්මවා යා හැකි ආකාරයේ අලුත් දෙයක් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. අපේ සේවා කාලය අවසන් වන විට රටට ඉතිරි කර ඇත්තේ මොනවාද යන්න පිළිබඳව කල්පනා කිරීමට මෙය අවස්ථාවක් කර ගත යුතුයි. අමාත්‍යාංශ රාශියක කටයුතු කිරීමේදී බොහෝ නව සංකල්පයන් ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබුණා. වෙළෙඳ අමාත්‍යවරයා ලෙස ආරම්භ කරන ලද සතොස වෙළඳසැල්,කෝප් සිටි, දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන අප එම අමාත්‍ය දුරවලින් ඉවත් වීමෙන් අනතුරුවත් රටට සේවය කරමින් පවතිනවා. ඒ අනුව යමින් අනුරාධපුරයේ මිහින්තලය දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක්  මේ වනවිට කටයුතු සැලසුම් කර තිබෙනවා.
 
ඉතාමත් අභියෝගාත්මකව ගෙවුණු පසුගිය වසර තුළ  අප සැලසුම් කළ සියලු ඉලක්කයන්ට ළඟා වීමට නොහැකි වුවත් මේ වසර ඊට වඩා වැඩිපුර වැඩ කොටසක් රට වෙනුවෙන් ඉටු කරන වසරක් බවට පත් කර ගැනීමට සියලු දෙනා අදිටන් කර ගත යුතුයි.
 
ඉතිහාසයේ අප මුහුණ දුන් දරුණුතම ආර්ථික අභියෝගයන් පසු කරමින් සිටින මේ අවස්ථාවේ රටට ලැබීමට නියමිත විදේශීය ණය ආධාර නිවැරදි ආකාරයෙන්, ඵලදායි ලෙස භාවිතා කිරීමට නිසි වැඩපිළිවෙලක් සකස් කරගත යුතුයි. අප මෙම අමාත්‍යංශයේ වගකීම භාරගන්නා අවස්ථා වී පැවති තත්ත්වයට වඩා බොහෝ ආයතනවල ආදායම් මේ වන විට වර්ධනය වී තිබීම සතුටට කරුණක්. තවදුරටත් කාර්යක්ෂමව කටයුතු කරමින් මේ වසර අවසාන වන විට සියලු ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කර ගැනීම සියලු දෙනාගේම ඉලක්කය විය යුතුයි. ඒ වෙනුවෙන් සිදුවන සොරකම්, වංචාව, දූෂණ, අක්‍රමිකතා මැඩ පැවැත්විය යුතුයි. ආයතන ප්‍රධානීන්, කාර්ය මණ්ඩල, වෘත්තීය සමිතිය ඇතුළු සියලුම පාර්ශ්වයන්ගේ ඵලදායි යෝජනාවලට සහ අදහස් වලට අවස්ථාව ලබා දෙමින් කටයුතු කිරීම තුළින් මෙම වර්ෂය වඩාත් සාර්ථක වර්ෂයක් බවට පත් කරගැනීමට සියලු දෙනාට හැකියාව ලැබෙනු ඇති."
 
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා, අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සියලුම ආයතනවල ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

FB IMG1

"ආයෝජකයින්ට අපේ රට පිළිබඳ විශ්වාසයක් ඇති කිරීම සඳහා අප සියලු දෙනාගේම ආකල්පමය වශයෙන් වෙනසක් ඇතිවිය යුතුයි. "
 ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා. 
 
 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් මරදාන දුම්රිය පරිශ්‍රයේ ඉදිකරන ලද නව තෙමහල් දුම්රිය රියදුරු විවේකාගාර ගොඩනැගිල්ල සේවක අයිතියට පත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
 
 මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
 
"ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් 2024 වසර ආරම්භ වූයේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස පරිත්‍රාණ ධර්ම දේශනයෙන් මුළු රටටම ආශිර්වාද එක් කරමිනුයි. එය දුම්රිය දෙපාර්තමේන්තුව මගින්  සෑම වසරකම අඛණ්ඩව සිදුකරන ආශීර්වාදාත්මක වැඩසටහනක් බවට පත්කිරීමට කටයුතු කර තිබෙනවා.
 
 අප මෙම අමාත්‍යංශයේ වගකීම බාරගන්නා අවස්ථාවේ රටේ පැවති පොදු මතය වූයේ දුම්රිය දෙපාර්තමේන්තුව කිසිදා ගොඩ ගත නොහැකි රාජ්‍ය ආයතනයක් බවයි. බොහෝ දෙනාගේ මතය වූයේ එය පුද්ගලිකකරණය කළ යුතු බවයි. නමුත් ඊට වඩා වෙනස් ලෙස කල්පනා කරමින් මා සියලු වෘත්තිය සමිති සමඟ එකඟතාවයක් සහිතව ප්‍රචණ්ඩත්වයෙන් තොරව, සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් ගැටළු විසඳා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරනු ලැබුවා.
 
මේ වන විට රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග හමුවේ මෙරට ක්‍රියාත්මක වන අති දැවැන්ත ඉදිකිරීම් සමාගම්වල මූල්‍ය ශක්තිය බිඳ වැටී තිබෙනවා. මෙතෙක් රටට අවශ්‍ය සියලූම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යටිතල පහසුකම් උපකරණ යන්ත්‍ර සූත්‍ර ආදී සියල්ලට වැය කර තිබෙන්නේ දේශීය හා විදේශීය වශයෙන් ණය ලෙස ලබාගත් මුදල්. දැනට කිසිදු විදේශ ණයක් ලබාගැනීමේ හැකියාවක් ද රටට නැහැ. මේ සියලු අපහසුතා අතරේ වුවත් 2019 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතව තිබූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු වසර තුනක් පමණ ඇනහිට තිබුණා. ඒ අනුව පසුගිය වසරේ ආරම්භ කෙරුණු අනුරාධපුර සිට ඕමන්ත දක්වා එහි පළමු අදියර මේ වනවිට අවසන් කර තිබෙනවා. එළඹෙන සතියේදී එහි දෙවන අදියර ද ආරම්භ කිරීමට නියමිතයි.
 
 ඒ සඳහා ලබාගන්නා ණය සහ පොලිය ගෙවීම සඳහා ප්‍රමාණවත් ඉපයීමක් නොමැති නම් නැවත ණය ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා පිරිවැය පිළිබිඹු වන ආකාරයේ මිල ප්‍රතිපත්තියක් යටතේ ගාස්තු නියම කළ යුතුයි. ණය ලබාගත නොහැකි නම් ඊළඟ විකල්පය වන්නේ ආදායමක් ලබා ගත හැකි පරිදි  පවතින අනෙකුත් වත්කම් නිසි පරිදි කළමනාකරණය කරමින් පෞද්ගලික අංශයට ආයෝජන සඳහා ඉඩ ප්‍රස්ථා ඇති කිරීමයි.
 
 ඒ අනුව ස්ටේෂන් ප්ලාසා සංකල්පය යටතේ දුම්රිය ස්ථාන ආශ්‍රිතව දුම්රිය දෙපාර්තමේන්තුවේ අයිතිය එලෙසින්ම ලබා ගනිමින් පෞද්ගලික ආයෝජන මගින් එම ස්ථාන සංචාරක හෝටල්, සුපිරි වෙළඳසැල්, දුම්රිය නගර වැනි පලදායි ව්‍යාපෘති සඳහා අවස්ථාව ලබාදීම සඳහා අයවැයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ලෝකයේ බොහෝ දියුණු රටවල මේ වනවිටත් එම සංකල්පය ක්‍රියාත්මක වනවා. ඌණ උපයෝජිත දුම්රිය වත්කම් එවැනි ආකාරයෙන් ඵලදායිව යොදා ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි. මීට පෙරද පිට කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන ආශ්‍රිතව එවැනි යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. නමුත් කිසිදු ආයෝජකයෙකු ඒ වෙනුවෙන් ඉදිරිපත් වී නැහැ. ආයෝජකයින්ට අපේ රට පිළිබඳ විශ්වාසයක් ඇති කළ යුතුයි. ඒ වෙනුවෙන් අප සියලු දෙනාගේම ආකල්පමය වශයෙන් වෙනසක් ඇතිවිය යුතුයි. අලුත් වර්ෂයේ අලුත් ආකාරයට කල්පනා කරමින් ඒ වෙනස වෙනුවෙන් කටයුතු කළ යුතුයි.
 
 අනුරාධපුර විසල් නගර සංකල්පය යටතේ දුම්රිය කේන්ද්‍ර කරගනිමින් සුවිශාල ප්‍රවාහන මධ්‍යස්ථානයක් මිහින්තලය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීම උදෙසා එහි යටිතල පහසුකම් වෙනුවෙන් අයවැයෙන් රුපියල් මිලියන 200ක් වෙන් කර තිබෙනවා. ඒ තුළින් පළාත් තුනක, දිස්ත්‍රික් දහයකට සෘජු ප්‍රතිලාභ ලබාදිය හැකියි. ඒ වෙනුවෙන් අවශ්‍ය ඉඩම් දිගු කාලීන බදු පදනම යටතේ පෞද්ගලික අංශයට ලබාදීමට කටයුතු කරනවා. ඒ සඳහා වන ඵලදායි යෝජනා ඉදිරිපත් කිරීමට ඕනෑම කෙනෙකුට අවස්ථාව තිබෙනවා.
 
 දුම්රිය දෙපාර්තමේන්තුව සතු වත්කම් නිසි පරිදි කළමනාකරණය තුළින් සහ වානිජමය වශයෙන් ඵලදායි ව්‍යාපෘතිවලට එළඹීම තුළින් කෙටි කාලයක් තුළ විශාල වෙනසක් ආයතනය තුළ සිදු කළ හැකි වනවා. එමෙන්ම කළමනාකරන කාර්යක්ෂමතාවය ඇති කිරීම උදෙසා දුම්රිය අධිකාරියක් බවට පත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා. සියලු දෙනාගේම දායකත්වයෙන් අනාගත පරපුර උදෙසා ජාතිය සතු වත්කමක් වන දුම්රිය දෙපාර්තමේන්තුව ඵලදායි සහ කාර්යක්ෂම ආයතනයක් බවට පත් කිරීම සඳහා සියලු දෙනාම දායක විය යුතුයි."
 
දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්. බණ්ඩාර මහතා, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු කාර්ය සමාජිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.


WhatsApp Image 2024 01 06 at 22.41.112024.01.01 දින අභිනවයෙන් රාජකාරී අරඹන ලද ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගානාත් රුබසිංහ මහතා විසින් සිදු කරන ලද කතාව

නව වසරේ කථාව 2024
 
                                                                                                                                           
ප්‍රවාහනFB IMG හා මහාමාර්ග අමාත්‍යාංශයේ අභිනව ලේකම්වරයා ලෙස පත් කරන ලද ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා සිය රාජකාරි නිල වශයෙන් ආරම්භ කිරීම අමාත්‍යංශ ලේකම් කාර්යාලයේදී සිදු විය.
 
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධරයකු වන  ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා මීට පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවය, රූපවාහිනි සංස්ථාව, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලය, ජාතික ගමනාගමන කොමිසම, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ඇතුළු විවිධ තනතුරු රැසක් හොබවා තිබෙනවා. එමෙන්ම ඒ මහතා දිවයිනේ ප්‍රමුඛ පෙලේ පෞද්ගලික ආයතන රැසකම ප්‍රධාන විධායක නිලධාරී තනතුර ඇතුළු  විධායක ශ්‍රේණියේ තනතුරු රැසක් ද හෙබවූ පලපුරුදු පරිපාලන නිලධාරියකුද වනවා.
 
ප්‍රවාහන, මහමාර්ග හා ජන මාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති වැඩ භාර ගැනීමේ අවස්ථාවට ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, ඇතුළු ආයතන කිහිපයක සභාපතිවරුන්, අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

56

"අපේ රටේ ප්‍රවාහන ඉතිහාසයේ ගමන්මග වෙනස් කිරීම සඳහා, තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා වන ජාතික උත්සාහයට හවුල් වීමේ අභිමානය විද්‍යුත් සංචරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත සඳහා පාර්ශවකරුවන්ගේ අදහස් ලබා ගැනීමේ වැඩමුළුවට දායක වන සියලු දෙනාට හිමිවනවා."

විද්‍යුත් සංචරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත සඳහා පාර්ශවකරුවන්ගේ අදහස් ලබා ගැනීමේ වැඩමුළුව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්විණි.

වැඩසටහනේ ආරාධිත සම්පත් දායකයින්ලෙස UNESCAP ආයතනයේ ප්‍රවාහන අංශය නියෝජනය කරමින් මාදාන් බන්දු රේග්මි( Madan BandhuRegmi ) මහතා, ඉන්දියාවේ තිරසර නගර හා ප්‍රවාහනය පිළිබඳ උපදේශක කවුෂ්ටුබ් ගෝෂාවී මහතා, පිලිපීනයේ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ජොයිෂ් රිවෙරා මෙනෙවිය, මහාචාර්ය අමල් කුමාරගේ මහතා, ඇතුළු දෙස් විදෙස් ආරාධිතයින් රැසක් එක්විය.

සමුළුවේ විශේෂ දේශනය පවත්වමින් අදහස් දැක් වූ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

"ශ්‍රී ලංකාව මේ වන විටෆොසිල ඉන්ධන මත පදනම් වූ ප්‍රවාහනයෙන්, බලශක්තිය පදනම් වූ ප්‍රවාහන පද්ධතියකට හුවමාරු වීමේ හැකියාවක් පිළිබඳව කරුණු ගවේෂණය කරමින් පවතින අතර ඒ සඳහා වන ශක්‍යතාව තීරණය කිරීම සඳහා අධ්‍යයනයන් සහ පර්යේෂණ සමඟ ප්‍රතිපත්ති සහ උපාය මාර්ග පිලිබඳ අවධානය යොමු කර තිබේ.

මේ වන විටත් ශ්‍රී ලංකාව තුල විද්‍යුත් වාහන ලියාපදිංචි කිරීම, විද්‍යුත් වාහන නිෂ්පාදනය සහ එකලස් කිරීම සඳහා වන ප්‍රමිතීන් සැකසීම, ආරෝපණය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු සැලසුම් රැසක් ක්‍රියාත්මක වේ.ඒ උදෙසා දිගුකාලීන දැක්මකින් යුතුව කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවයක් වේ.

මැනිලා නුවර පැවැති ජාත්‍යන්තර සමුළුවකදී සිදුවූ හමුවක්‌ අතර තුර මෙහි සිටින UNESCAP ආයතනයේ මදන් රෙග්මි මහතා මහතාගෙන් ශ්‍රී ලංකාව සඳහා ප්‍රතිපත්ති රාමුවක් කෙටුම්පත් කිරීමේදී සහාය වන ලෙස මා විසින් කළ ආරාධනය පිළිගැනීමෙන් අනතුරුව මෙම සුවිශේෂී වැඩසටහන සඳහා පසුබිම සකස් විය.

2024 වසර ශ්‍රී ලංකාවේ විද්‍යුත් සංචාරණ (E-mobility) වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කිරීමට මේ වන විට කටයුතු කිරීමෙන් පවතී.

මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ අදියර කරා රැගෙන යාමට අදාළ සියලු අමාත්‍යාංශවල සහ පෞද්ගලික අංශයේ සියලු පාර්ශ්වකරුවන්ගේ සහාය විශේෂයෙන් අපේක්ෂා කරන අතර පවතින තත්වයේ වෙනසක් සිදු කිරීමටසියලු දෙනාම සහයෝගය හා දායකත්වය අත්‍යවශ්‍ය වේ.

2024 මාර්තු මාසයේදී විදුලි හා විද්‍යුත් ප්‍රවාහනය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් සහ සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතී. විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහයෝගීතාවය, ජාත්‍යන්තර වශයෙන් අදහස් හුවමාරු කර ගැනීම, ආයෝජකයින් සඳහා වන අවස්ථා පුළුල් කිරීම ඇතුළු අරමුණු රැසක් සාක්ෂාත් කරගැනීමඑහි ප්‍රධාන ඉලක්කයයි.

ප්‍රවාහනයේදීපුද්ගලික වාහන භාවිතය අවම කිරීම, මාර්ග තදබදය අවම කිරීම සහ ප්‍රවාහනයේ පාරිසරික බලපෑම මැඩපැවැත්වීම ඇතුළු අරමුණු සාක්‍ෂාත් කරගැනීම සඳහාප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කිරීමට UNESCAP ආයතනයේ සහ මෙහි සිටින සියලු දෙනාගේ සහයෝගය ඉදිරියේදී ද හිමිවනු ඇති බව මාගේ විශ්වාසයයි.

විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය දිශානතිය නිර්මාණය කිරීම සඳහා ප්‍රතිපත්ති රාමුවක්, මාර්ගෝපදේශනයක් සහ උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති අතර, මෙම සමුළුවට එක්වන සියලු දෙනාගේම අදහස් ද ඇතුලත් කරමෙම ප්‍රතිපත්ති රාමුව සකස් වනු ඇත. ඒ සියලු යෝජනාද ඇතුලත් කර කැබිනට් පත්‍රිකාවක් ලෙස කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත හැකි වුවහොත් අපේ රටේ ප්‍රවාහන ඉතිහාසයේ ගමන්මග වෙනස් කිරීම සඳහා, තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා වන ජාතික උත්සාහයට හවුල් වීමේ අභිමානය මීට දායක වන සියලු දෙනාට හිමිවනවා."

UNESCAP ආයතනයේ දායකත්වයෙන්, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය විසින් සංවිධානය කළ මෙම වැඩමුළුව සඳහා UNESCAP ආයතනයේ ප්‍රවාහන අංශය නියෝජනය කරමින් මාදාන් බන්දු රේග්මි( MadanBandhuRegmi ) මහතා, අමාත්‍යංශ ලේකම් එම්. එම්. පී. කේ.මායාදුන්නේ මහතා, ජනාධිපති කාර්යාලය,අගමැති කාර්යාලය, දුම්රිය දෙපාර්තමේන්තුව, ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව,ලංකා ගමනාගමන මණ්ඩලය, මෝටරථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව,මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ඇතුළු රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන් සහ නිලධාරීන්, විදුලි හා විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාලව්‍යවසයකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා ආරාධිතයින් ලෙස එක්ව සිටියහ.

නවතම පුවත්