DSC 0035

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ (Gopal Baglay) මැතිතුමන් හා ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමන් අතර හමුවක්  2020-12-11 දින බත්තරමුල්ල සෙත්සිරිපාය ප්‍රවාහන අමාත්‍යාංශයයේදි සිදු විය-

මෙහිදි ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය හා සංවර්ධනය වෙනුවෙන් ඉන්දීය රජය සපයන සහය ඉදිරියටත් නොකඩවා ලබා දීමට හා දුම්රිය රියදුරන් සදහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා ඒ සදහා සහය විමටත් ඉන්දිය මහකොමසාරිස්තුමන් කැමැත්ත පල කලහ-
මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතා ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ පළමුවැනි ලේකම් එල්ඩෝස් මැතිව් (Eldos Mathew) මහතා සහ ප්‍රවාහන අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් තුෂාර පෙරේරා යන මහත්වරුන්ද සහභාගී වූහ-

11

රියදුරු බලපත් ලබා ගැනීම සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් ලබා දෙන යෝග්‍යතා වෛද්‍ය සහතිකය ඊ චැනලින් (e-Channeling) සේවාව හරහා තමන්ට පහසු වේලාවක් වෙන් කරවාගෙන එම වෙන් කරවා ගත් කාලය තුළ සියලු වෛද්‍ය පරීක්ෂණ සිදු කර වෛද්‍ය සහතික කඩිනමින් ලබා ගැනීමට හැකිවන පරිදි ඒම සේවාව හඳුන්වාදීම දින 2020.11.20 දින නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දී ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමන්ගේ හා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඊ චැනලින් (e-Channeling) සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඒක්ව ගෙනෙන මෙම සේවාව ඕනෑම දුරකථන ජාලයකින් අංක 225 ට ඇමතීමෙන් හෝ ශ්‍රී ලංකා ටෙලිකොම් දුරකථන ජාලය මගින් අංක 1225 ට ඇමතීමෙන් ලබා ගැනීමට මේ අනුව පහසුකම් සැලසේ. මෙම සේවාව දිවයින පුරා පිහිටි සියලුම ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනයේ ශාඛා මගින් ද ලබා ගත හැකිය.

මෙම සේවාව හඳුන්වා දීම නිසා පෝලිම්වල රස්තියාදුවීමකින් තොරව, කාලය ඉතිරි කර ගනිමින් රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා වන වෛද්‍ය සහතිකය ලබා ගැනීමට රියදුරු බලපත්‍ර ඉල්ලුම්කරුවන්ට පහසුකම් සැලසේ.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ඩී අල්විස්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන්, ටෙලිකොම් ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති සුමිත් නිශ්ශංක යන මහත්වරුන්ද, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිනී චම්පිකා අමරසූරිය මහත්මියද, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය ෂවේන්ද්‍ර ගමගේ මහතා ද ආරාධිතයන් හා අදාළ අංශවල නිළධාරීන් සමග මාධ්‍යවේදීන් ද සහභාගී වී සිටියහ.

 

IMG 0174කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් වන ධර්මදාස පණ්ඩිතරත්න හා කමල් රංජන යන මහත්වරුන්ගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහරගම ඩිපෝවට අයත් බස්රථයක් පෙ.ව 06.00 සිට ප.ව 07.00 දක්වා කාලියම්මහර සමෘද්ධි බැංකුව අසලින් ගමන් ආරම්භ කොට මකුළුදූව, ඇරැව්වල, මොරකැටිය හරහා මහරගම දක්වා බස්රථයක් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ උපදෙස් මත දින සිට 2020.10.05 දින සිට ප්‍රදේශවාසී ජනතාවගේ ගමන් පහසුව සඳහා සේවයේ යෙදවේ.

කෙටි උත්සව සභාවකින් පසුව මෙම බස්රථය ජනතා අයිතියට පත් කෙරිණි. මෙම අවස්ථාවට කැස්බෑව නාගරික මන්ත්‍රීවරුන් වන සුමන විවියන් රණවීර, ධර්මදාස පණ්ඩිතරත්න, කමල් රංජන යන මහත්වරුන් මහරගම ඩිපෝ අධිකාරීතුමන්ද ප්‍රදේශවාසීන් රැසක්ද සහභාගී වූ

 

DSC 1900

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන මගීන් කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ගතයුතු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග හා සමාජ දුරස්ථභාවය රැක ගැනීම කෙරෙහි උනන්දු කරවීමේ තිබෙන වැදගත්කම පිළිබඳව මෙහිදී අමාත්‍යතුමන් හා සිංගර් මහත්මිය අතර සාකච්ඡා විය. වසර 2030 වන විට තිරසාර සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම තුලින් ආර්ථිකයෙහි වර්ධනය සඳහා ප්‍රවාහන ක්ෂේත්‍රය ප්‍රධාන කාර්යයභාරයක් ඉටු කරන බැවින් ඒ සඳහා තම සංවිධානයෙන් ලබාදිය යුතු සහාය ලබා දීමට කටයුතු කරන බවත් සිංගර් මහත්මිය පැවසුවාය.

තවදුරටත් අදහස් දැක්වූ ඇය පොදු ප්‍රවාහන සේවා නවීකරණය හා පරිසර හිතකාමී සුවපහසු සේවාවක් සැපයීමට හැකිවන පරිදි මාර්ග අනතුරු අවමකර, ආරක්ෂාකාරී පහසුකම් ජනතාවට සැපයීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලබා දිය හැකි සහාය ලබා දීමටත් අපේක්ෂා කරන බවත් පැවසීය. එසේම පොදු ප්‍රවාහන සේවා භාවිතයේදි විශේෂයෙන්ම කාන්තාවන් හිංසනයට ලක්වීම කෙරෙහිද සිය අවධානය යොමු කළාය.

මෙහිදී අදහස් දැක්වූ ගාමිණී ලොකුගේ මැතිතුමන් බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ට මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය අපේක්ෂා කරන බවත් පවසා සිටියේය.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාතික වැඩසටහන් හා ප්‍රතිපත්ති විශ්ලේෂක ශාරිතා කුරේ මහත්මිය හා ප්‍රවාහන අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් තුෂාර පෙරේරා යන මහත්වරුන්ද සහභාගී විය.

 

නවතම පුවත්