02 001

දැනට දිවයින පුරා පවතින කොවිඩ් වසංගත හේතුවෙන් රෝගීන් සහ මෘතදේහ ප්‍රවාහනය කිරීම සදහා ගිලන්රථවල අවශ්‍යතාව ඉතාමත් ඉහළ ගොස් ඇත.

මේ වන විට එම කටයුතු සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ සුවසැරිය ව්‍යාපෘතියේ ගිලන්රථ භාවිතා කරනු ලබන අතර, දැනට විවිධ හේතුන් මත ධාවනයෙන් ඉවත් කොට තිබෙන ගිලන්රථ කඩිනමින් අලුත්වැඩියා කර ධාවනයට සුදුසු අයුරින් සකස්කොට සෞඛ්‍ය අමාතාශ්‍යාංශයට ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය ඉදිරිපත් වී ඇත. එහි ප්‍රථම පියවර ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ධාවනයෙන් ඉවත් කල ගිලන් රථ 10ක් අළුත්වැඩියා කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

ඒ අනුව ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලක්දිව ඉංජිනියරින් (පුද්ගලික) සමාගම මෙම අබලන් වු ගිලන්රථ අළුත්වැඩියා කටයුතු සිදු කිරිමට කටයුතු කරනු ඇත. ඉංජිනේරුවන්,කාර්මිකයන් ඇතුළු සේවකයින් 130කින් යුතු පිරිසක් මෙම ආයතනය තුල සේවයේ නියුතු වන අතර අළුත්වැඩියා කටයුතු සදහා භාවිතා කරනු ලබන යන්ත්‍රෝපකරණ හා මෙවලම් ආයතනය සතුව ඇති බව ඒහි සභාපති කුෂාන් වෑගොඩපොල මහතා පැවසීය.

මෙම කටයුතු ආරම්භ කිරිම සදහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරිම සදහා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රවාහන රාජ්‍ය ආමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් 2021-09-06 පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදි පැවැත්වින.
මෙම සාකච්ඡාවේදි ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කලේ ව්‍යාපෘතියේ අරමුණ වනුයේ කඩිනමින් ගිලන්රථ අළුත්වැඩියා කර දීමටත්, ලක්දිව ඉංජිනේරු ආයතනයට නව ආදායම් මාර්ග ලබා ගැනීමට අවස්ථාව උදා කර ගැනීමට බවත් ය.

මෙම සාකච්ඡාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බර්නාඩ් වසන්ත, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෝෂිණි පීරිස්, ඒ්.ඒල්. බස්නායක අධ්‍යක්ෂ (ප්‍රවාහන) සෞඛ්‍ය අමාත්‍යාංශය. ලක්දිව ඉංජිනේරු සමාගමේ සභාපති කුෂාන් වෑගොඩපොල යන මහත්ම, මහත්මීන් සහභාගී විය.

 

 

001

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කඩා වැටුණු මේ රටේ ආර්ථිකය ගොඩනැංවීම සදහා ප්‍රවාහන සේවා තුලින් නව ආදායම් උත්පාදනය කිරීමේ වැඩ පිළිවෙලක් කඩිනමින් සැකසිය යුතු බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි. අමාත්‍යවරිය මෙම කරුණු අවධාරණය කලේ 2022 වසරේ ප්‍රවාහන අමාත්‍යාශය සදහා අයවැය තුලින් ප්‍රවාහන සංවර්ධන කටයතු සදහා ප්‍රතිපාදන ලබා ගැනීම වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යංශයට අනුබද්ධ ආයතනය ප්‍රධානීන් හා අමාත්‍යාංශ නිලධාරීන් සමග ප්‍රවාහන අමාත්‍යාංශයේදි 2021-08-30 පැවති සාකච්ඡාවකදී ය.

ඒ් අනුව අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව යන ආයතනවල දැනට කෙරෙමින් පවතින සංවර්ධන කටයුතු සහ ඉදිරියට සිදු කිරීමට යෝජිත සංවර්ධන සැලසුම් ඉදිරිපත් කෙරින.

මේ යටතේ ආදායම් වැඩි වශයෙන් උත්පාදනය කල හැකි දුම්රිය මාර්ග වන මරදාන සිට අවිස්සාවේල්ල දක්වා කැළණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරිම, මරදාන සිට රඹුක්කන දක්වා ප්‍රධාන දුම්රිය මාර්ගය සංවර්ධනය කිරිම, මරදාන සිට කළුතර දක්වා මුහුදුබඩ දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම, රාගම සිට මීගමුව දක්වා පුත්තලම් දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමට 2022 අයවැය මගින් සැලසුම් කර ඇත.
ඊට අමතරව දුම්රිය ව්‍යාපෘතින් ලෙස පවතින කුරුණෑගල හබරණ දුම්රිය මාර්ග ඉදි කිරීම, මහව- ඔමන්ත දුම්රිය මාර්ගය සංවර්ධනය ක්‍රියාවලිය කඩිනම් කීරීම - කොළඹ අවට තදාසන්න. පෙදෙස්වල දුම්රිය මාර්ග පද්ධති ය සංවර්ධන කටයුතු ක්‍රියාවට නැංවීම ද මෙම යෝජිත වැඩ සටහන් වලට අයත් වේ.ඒමෙන්ම දුම්රිය සදහා දීපව්‍යාප්ත ස්මාර්ට් ටිකටින් (Smart Ticketing ) සහ ආසන වෙන් කිරීමේ ක්‍රමවේදය ඇති කිරිම - කඩවත ඇතුළු නගර කිහිපයක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන බිහි කිරිම (Multimode Centres) නගරසේවා බස් රථ සේවාව(City Bus) වැඩි දියුණු කිරිම පෞද්ගලික බස් සේවාව සදහා සහසර ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම වැනි ව්‍යාපෘතින් 2022 අය වැය තුලින් සිදු කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මය ප්‍රකාශ කලේය.

මෙම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරිම සදහා රු. මිලියන 11865 වැය වන බවත් ඒම ප්‍රතිපාදන 2022 අය වැය ඇස්තමේන්තුවටද ඇතුලත් කර ඇත.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව හිටපු ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාට සමුදීමේ උත්සවයක්ද පැවැත්වුණ අතර සමරු තිලිණ ලබාදීම ද සිදු කෙරණි. මෙම අවස්ථාවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද සහභාගි විය.

3A5A8545 copy

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල දිනෙන් දින ඉහල යන මාර්ග තදබදයට සහ මගී ජනතාවගේ ගමන් පහසුකම් සපුරාලීම සඳහා ලබා දිය හැකි ලාභදායී, පරිසර හිතකාමී හා තිරසාර විසඳුම් ලෙස දුම්රිය ප්‍රවාහන සේවය සංවර්ධනය කල යුතු බවට වන රජයේ තීරණයට අනුව ප්‍රවාහන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා දුම්රිය සේවය එක්ව කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

මෙහිදී විශේෂ කරුණක් වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකා දුම්රිය කේෂ්ත්‍රය සංවර්ධනය කිරීම සඳහා මූල්‍ය දායකත්වය ලබා දීමට ඉදිරිපත්වී තිබීමයි.

හයිලෙවල්, ලෝලෙවල් හා හොරණ මාර්ග පථයන් ඔස්සේ කොළඹ නගරයට පිවිසීමේ දී වර්තමානයේ ඇතිවී ඇති වාහන තදබදයට කාලීන හා තිරසාර විසදුමක් ලබාදීම කඩිනම් කිරීම සදහා කැළණිවැලි දුම්රිය මාර්ගය හැකි ඉක්මනින් සංවර්ධනය කල යුතුය යන රජයේ තීරණය අනුව කැළණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට පාදුක්ක දක්වා කොටසෙහි ශාක්‍යතා අධ්‍යනය සහ සවිස්තාරාත්මක ඉංජිනෙරුමය සැලසුම් මෙ වන විට සකස් කොට අවසන් වී ඇත.

විවධ වූ සාමාජීය, ආර්ථීක,පාරිසරික හා තාක්ෂණික කරුණු ගැඹුරින් සලකා බැලීමෙන් අනතුරුව තව දශක කිහිපයක මගී ඉල්ලුමට සරිලන ලෙස කාර්ය බහුල වේලාවන් වලදී විනාඩි 7 කට පමණ වරක් විදුලි දුම්රිය ධාවනය කරවීමට සැලසුම් කර ඇත.තවද ඉතා ජනාකීර්ණ නාගරික ප්‍රදේශයන් හරහා දුම්රිය මාර්ගය වැටී ඇති නිසාත් විශාල දුම්රිය හරස් මාර්ග ප්‍රමාණයක් ඇති නිසාත්දුම්රිය රක්ෂිතය තුල සමාන්තර මාර්ග කි.මී 9 ක් පමණ ප්‍රමාණයක් ඇති නිසාත් දුම්රිය පොළොව මතින් ගමන් කිරීමේ දී ඇතිවිය හැකි මාර්ග තදබදයද එලෙස ගමන් කිරීමේදී ව්‍යාපාරික ස්ථාන හා ඉඩ කඩම් ආදී දේපල වලට සිදුවන බලපෑමද සැලකිල්ලට ගෙන මරදාන සිට මාලපල්ල දක්වා කි.මී.19 ක් මෙම දුම්රිය මාර්ගය කණුමත දිවෙන ද්විත්ව විදුලි දුම්රිය මාර්ගයක් ලෙස ඉදිකිරීමට යෝජනා කර ඇත.‍

මෙහිදී අනෙක් සුවිශේෂීම කරුණ වන්නේ මරදාන සිට පාදුක්ක දක්වා කොටසෙහි දුම්රිය රක්ෂිතය තුල අනාරක්ෂිත ලෙස පදංචි වී සිටින පුද්ගලයින් ජීවත් වීමට නුසුදුසු එම පරිසරයෙන් ඉවත් කොට වඩාත් ආරක්ෂික සුව පහසු නිවාස තුල නැවත පදිංචි කිරීම තුලින් ඔවුනට ඉහළ ජීවන මට්ටමක් ලඟා කර ගැනීමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව වෙනුවෙන් දොරගුළු විවර කර දීමයි.තවද මෙම ක්‍රියාදාමය තුලින් යෝජිත සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍ය ඉඩකඩ විවර වෙනවා මෙන්ම කැළණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතය තුල ඇති ඉතා ඉහළ වානිජ වටිනා කමක් ඇති භුමිය ඉහළ වාණිජ වටිනාකමක් ඇති වෙනත් තිරසාර සංවර්ධන කාර්යයන් සදහා භාවිතා කිරීමේ ඉඩ ප්‍රස්ථාවද හිමිවේ.

ඒ අනුව ඔවුන් නැවත පදිංචි කිරවීම සදහා අවශ්‍ය නිවාස 1244 ක් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ලබාගැනීම සදහා දැනටමත් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ගිවිසුම් ගතව ඇති අතර එහි පළමු නිවාස 384 කින් යුත් මහල් නිවාස මාලිගාවත්ත ලක්හිරු සෙවණ නිවාස සංකීර්ණයේන් දැනටමත් ව්‍යාපෘතිය වෙත ලබාදී ඇත.

මෙම නිවාස 384 පදිංචි කිරීම සදහා එයට ආසන්නතම කැළණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ ලොකෝ මන්සංදියේ සිට සීවලිපුර පාසල් පටුමග කොටසෙහි පදිංචි නිවාස ඒකක 260ක පදිංචි කරුවන් පිරිසක් හා ප්‍රධාන මාර්ගයේ කැළණිවැලි පැරණි දුම්රිය පාලම ඕස්ට්‍රියානු රජයේ ණය ආධාර මත ලැබෙන නව පාලමකින් ප්‍රතිස්ථාපනය කිරීමෙන් බලපෑමට ලක්වන නිවාස ඒකක 23 ක පදංචි කරුවන් පිරිසක් තෝරාගෙන ඇත.ඔවුන්ගෙන් යතුරු ලබාදීමේ 3 වන කණ්ඩායම ලෙස නිවාස ඒකක 30 ක පුද්ගලයින්ගෙන් සංකේතාත්මක ලෙස නිවාස ඒකක 10 ක් සදහා යතුරු භාරදීම ගරු ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතමාගේ සුරතින් 2021.08.04 වන දින ප්‍රවාහන අමාත්‍යාංශයේ ශ්‍රවනාගාරයේදී සිදුවුණි.මේ අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග,දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර,කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ එම් උපාලි මල්ලිකාරච්චි යන මහත්වරුන් ඇතුළු නිලධාරි පිරිසක් සහභාගී වූහ.

1

මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල මිලදී ගැනීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින් මෙම මුදල් ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබාදීම සිදු කෙරිණ .

රජයේ ගිණුම් කාරක සභාව විසින් මාර්ග අනතුරු පාලනයට අවශ්‍ය උපකරණ ශ්‍රී ලංකා රථවාහන පොලිසියට ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් වෙත ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීම සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමට අනුව මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය වන පරීක්ෂණ කට්ටල මේ යටතේ මිලදී ගැනීම සිදු කෙරේ .

පසුගිය කාල සීමාව තුළ සිදු වූ අනතුරු විශ්ලේෂණය කිරීමේ දී මාර්ග අනතුරු ඉහළ අගයකින් සිදුවූවත් මත්පැන් භාවිතා කර රිය ධාවනය කරන රියදුරන් වාර්තා වන්නේ අඩු වශයෙන් බව ශ්‍රී ලංකා රථ වාහන පොලිසිය දත්ත මගින් තහවුරු වන අතර මෑත කාලයේ දී ඊට හේතු වී ඇත්තේ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනයට පෙළඹවීම බව රථවාහන පොලිසිය හා අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලය තහවුරු කරයි.

මෙ යටතේ මත්පැන් භාවිතා කර රිය ධාවනය කරනු ලබන රියදුරන් නීතියේ රැහැනට අසුකර ගත්තද මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියැදුරන් නීතියේ රැහැනට අසු ගැනීම සඳහා නියමිත ක්‍රමවේදයක් නොමැතිව තිබූ නිසා හඳුනාගෙන ඇති පරීක්ෂණ කට්ටල ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබාදීම මගින් එම අඩුපාඩුව මගහැරී යනු ඇත .

මේ සඳහා වන රුපියල් මිලියන 10 ක චෙක් පත ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා වෙත බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී බාරදෙනු ලැබීය .

මේ අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජගත් අල්විස්, ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් මොන්ටි රණතුංග, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ඇන්ටන් මේන්ස්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රියංගි අමරබන්දු , යන මහත්ම, මහත්මින් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ .

 

 

 

CG 385bb5d1 eimage story

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය 2021-08-19 දින පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යධූරයේ වැඩ භාරගන්නා ලදී .එම ධූරයට අදාල පත්වීම් ලිපියට පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් අත්සන් කිරීමෙන් අනතුරුව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතාට භාරදීමට කටයුතු කරන ලදී.

නවතම පුවත්