| දැක්ම | |
| අප කලාපයේ වඩාත්ම සුව පහසුවෙන් යුත් ආරක්ෂාකාරී දුම්රිය හා බස් සේවාව ඇති රට ශ්‍රී ලංකාව බවට පත් කිරිම අපගේ ඒකායන අරමුණයි. |
|
| මෙහෙවර | |
| මහින්ද චින්තනානුකූලව වඩාත් සුවපහසුව සපිරි ශ්‍රී ලාංකික ජන ජිවිතයක් වෙනුවෙන් එදිනෙදා ප්‍රවාහන කටයුතු වඩාත් ඉහල මට්ටමකට ගෙන ඒම සදහා සියලූ මානව සම්පත් හා යටිතල පහස්කම් නුතන තාක්ෂණය උපයෝගි කර ගනිමින් නිරන්තරව දියුණු කිරිම හා පවත්වාගෙන යාම අපගේ මෙහෙවරයි. |
|
ප්‍රධාන කාර්යයන්
- ප්‍රවාහනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය හා එම ප්‍රතිපත්ති පදනම් කරගත් වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
- ඒකාබද්ධ ජාතික ප්‍රවාහන ක්‍රමයක් ඇති කිරීම.
- ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ මාගී හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය සේවා සැපයිම.
- මෝටර් රථ වාහන සම්බන්ධ නියාමන කාර්යයන් සිදු කිරිම.
- මෝටර් රථ වාහනලියපදිංචි කිරීම හා බලපත්‍ර නිකුත් කිරීම සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම.
- ජල මාර්ග ඔස්සේ මගී බෝට්ටු සේවාවක් පවත්වා ගෙනයාම.






