WhatsApp Image 2024 01 06 at 23.13.19

උතුරු පළාතේ පොදු ප්‍රවාහන සේවාවන්හි පවතින තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා නිරීක්ෂණයක නිරත ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වවුනියාව දුම්රිය ස්ථානයේ විශේෂ නිරීක්ෂණයකට එක්විය.

එහිදී දුම්රිය ස්ථානය සහ ඒ ආශ්‍රිත දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පිළිබඳ නිරීක්ෂණය කල අමාත්‍යවරයා, ඌණ උපයෝජිත වත්කම් කළමනාකරණය යටතේ පවතින සම්පත් ඵලදායි අයෝජනය සඳහා යොදා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළේය.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නියෝජනය කරමින් දිස්ත්‍රික් ප්‍රවාහන අධිකාරී නිරන්ත විස්සුන්දර මහතා, සහකාර ආරක්ෂක අධිකාරී (උතුරු නැගෙනහිර) ආර් එම් බී ඒ රත්නමලල මහතා, වවුනියාව දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් මේ අවස්ථාවට එක් විය