WhatsApp Image 2024 01 06 at 23.11.31දකුණට මෙන්ම උතුරේ යාපනයටත් අළුත් බස් රථ 32 ක් ලබාදෙයි.
 

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උතුරු නැගෙනහිර ප්‍රදේශවල ලංකා ගමනාගමන මණ්ඩලයේ පොදු ප්‍රවාහන සේවාවන් සැලසීම පිළිබඳ විශේෂ නිරීක්ෂණයකට එක්වෙමින්   යාපනය කොණ්ඩාවිල් හි පිහිටි උතුරු ප්‍රාදේශික කාර්යාලයේ සහ යාපනය ඩිපෝවේ විශේෂ නිරීක්ෂණයකට එක්විය.

ඩිපෝ පරිශ්‍රය නිරීක්ෂණය කරමින් එහි පරිපාලනය සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පවතින ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවකට එක්ව අමාත්‍යවරයා ආයතනයේ සංවර්ධනය උදෙසා සියලු සේවකයින්ගේ අදහස් ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළේය.

අමාත්‍යතුමාගේ සංචාරය සිහිපත් කරමින් ඩිපෝ කාර්යමණ්ඩලය මගින් අමාත්‍යතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනැමීමද සිදුවිය.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ධාවන ) පණ්ඩුක ස්වර්ණහංස මහතා, උතුරු ප්‍රාදේශිකයේ ප්‍රධාන කළමනාකාර ආර්. එම්. ඩී. විජිත ධර්මසේන මහතා, යාපනය ඩිපෝ කළමනාකාර එන්. ගුණසීලන් මහතා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් මේ අවස්ථාවට එක්ව සිටියහ.