ප්‍රවාහනFB IMG හා මහාමාර්ග අමාත්‍යාංශයේ අභිනව ලේකම්වරයා ලෙස පත් කරන ලද ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා සිය රාජකාරි නිල වශයෙන් ආරම්භ කිරීම අමාත්‍යංශ ලේකම් කාර්යාලයේදී සිදු විය.
 
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධරයකු වන  ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා මීට පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවය, රූපවාහිනි සංස්ථාව, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලය, ජාතික ගමනාගමන කොමිසම, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ඇතුළු විවිධ තනතුරු රැසක් හොබවා තිබෙනවා. එමෙන්ම ඒ මහතා දිවයිනේ ප්‍රමුඛ පෙලේ පෞද්ගලික ආයතන රැසකම ප්‍රධාන විධායක නිලධාරී තනතුර ඇතුළු  විධායක ශ්‍රේණියේ තනතුරු රැසක් ද හෙබවූ පලපුරුදු පරිපාලන නිලධාරියකුද වනවා.
 
ප්‍රවාහන, මහමාර්ග හා ජන මාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති වැඩ භාර ගැනීමේ අවස්ථාවට ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, ඇතුළු ආයතන කිහිපයක සභාපතිවරුන්, අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

නවතම පුවත්