FB IMG 1699718792674

2023 ලෝක පොදු ප්‍රවාහන දින සැමරුම" කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී 2023.11.10 දින පැවැත්විණි .
 
 
මීට සමගාමීව මාර්ග අනතුරු වැළැක්වීම සහ අවම කිරීම පිළිබඳව විශේෂ දේශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජයලත් එදිරිසිංහ මහතා ද    පොදු ප්‍රවාහනයට විද්‍යුත්කරණයේ කාර්ය භාරය මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය තුසිත සුගතදාස මහතා විසින්  විශේෂ දේශණයක්ද සිදු කරන ලදි.
 
මෙරට දුම්රිය ස්ථාන අතරින් වඩාත් කාර්යක්ෂම සහ පරිසර හිතකාමී සේවාවක් සපයන දුම්රිය ස්ථාන  ලෙස,
 
1 )ඇල්ල දුම්රිය ස්ථානය - ප්‍රථම ස්ථානය
2)වේයන්ගොඩ දුම්රිය ස්ථානය - දෙවන ස්ථානය
3)උකුවෙල දුම්රිය ස්ථානය - තුන්වන ස්ථානය 
 
කාර්ය සාධනයේ ඉහල ප්‍රගතියක්‌ ලඟා කරගත් ලංගම ඩිපෝ සහ ප්‍රාදේශීක ලෙස,
 
1)2023 වර්ෂයේ මුල් මාස සඳහා වැඩිම ලාභය ඉපයු ප්‍රාදේශිකය - රජරට ප්‍රාදේශිකය
2) වැඩිම ලාභය ඉපයු ඩිපෝව - පොලොන්නරුව ඩිපෝව
3) කිලෝමීටරයකට වැඩිම ලාභය ඉපයූ ඩිපෝව - මාවනැල්ල ඩිපෝව
4)  නවීකරණය කරන ලද බස් රථ අතරින් හොඳම බස් රථය හිමි ඩිපෝව - තෙල්දෙණිය ඩිපෝව සඳහා ද ඇගයුම් සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදු විය.
 
මෙම අවස්ථාව සදහා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය  ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා , මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්,අමාත්‍යංශය හා අනුබද්ධ රාජ්‍ය ආයතන රැසක නිලධාරීන්, සරසවි සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් මෙම වැඩසටහනට එක්ව සිටියහ.