9

සමුලුවේ සමාරම්භක සැසිය අමතමින් ‘තිරසාර ප්‍රවාහනය - ගෝලීය සංවර්ධනය ප්‍රවර්ධනය උදෙසා එක්ව කටයුතු කිරීම’ යන තේමාව යටතේ දේශනය සිදු කරන ලදි.

සමුළුව අමතමින් සිදුකළ කථාව

ගෝලීය තිරසර ප්‍රවාහන සංසදය කඩිනම් ආර්ථික ප්‍රකෘතිමත් කිරීමක් සහ සංවර්ධනය කරා රට ගෙන යන ගමනේ අත්‍යවශ්‍ය අංගයක් වන තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා ශ්‍රී ලංකාවේ අදහස් ඉදිරිපත් කිරීමට ලැබෙන ස්වර්ණමය අවස්ථාවක්.

ගෝලීය තිරසර ප්‍රවාහන සංසදය යනු බස් රථ සහ දුම්රිය මත දැඩි ලෙස රඳා පවතින ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතිය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කෙරෙන වේදිකාවක්‌.මෙම පොදු ප්‍රවාහන මාධ්‍ය හරහාමගීන්ගෙන් 73%ක් සඳහා සේවා සපයන ඉන් 68%ක් භාවිතා කරන්නේ පොදු මගී ප්‍රවාහන බස්රථයි. ශ්‍රී ලංකා දුම්රිය සේවය වසරකට මගීන් මිලියන 120කට ගමනාගමන සේවා සපයමින්මගී ඉල්ලුමෙන් 5%ක් පමණක් සපයයි. මාර්ග ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනයෙන් 99% කට ආසන්න ප්‍රමාණයක් හසුරුවන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රවාහනයේ ප්‍රමුඛතම මාදිලිය බවට පත්ව ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී මාර්ග වාහන ඇණිය මිලියන 6.3 ක් වන අතර ඒ අතරින්බස් රථ නියෝජනය කරන්නේ 1% ක් පමණි. එයින් දළ දේශීය නිෂ්පාදනයට 14% ක දායකත්වයක් හිමි වන අතර රැකියා අවස්ථා අතරින් 4% ක් පමණ බිහි කරයි. එසේම මෙම ක්ෂේත්‍රය මාර්ග තදබදය, මාර්ග ආරක්ෂාව සහ පරිසර දූෂණය වැනි ගැටළු රැසකට මුහුණ දෙයි. රටේ මාර්ග ජාලය A සහ B පන්තියේ මාර්ග සහ අධිවේගී මාර්ග කිලෝමීටර් 12,496,337 කින් සමන්විත වන අතර, එය ඵලදායිතාවයට බලපාන අසමතුලිත හා මාර්ග තදබදය වෙතයම් ආකාරයක බලපෑම් සිදු කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ ප්‍රවාහනය සඳහා අවශ්‍ය සියලුම ඉන්ධන ආනයනය කරනු ලබන අතර බොහෝ වාහන ICE බලයෙන් ක්‍රියාත්මක වන අතර එය ආර්ථික පසුබෑමට හේතුවක් වේ. ශ්‍රී ලංකාව මෑතකදී Euro 4 විමෝචන ප්‍රමිතීන් අනුගමනය කළ නමුත් අකාර්යක්ෂම වාහන ඉහළ පරිසර දූෂණයට සහ හරිතාගාර වායු විමෝචනයට හේතු වේ.

පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමට ප්‍රබල ආයෝජන සහ උත්සාහයන්දැරුවත්අවම ගුණාත්මක බව, අවම සුවපහසුව, මන්දගාමී වේගය, නිරන්තර ප්‍රමාදය, අවම කාර්යක්ෂමතාව, සේවාව ලබාගැනීමේ හැකියාව අවම වීම සහ ප්‍රමාණාත්මක බවේ හිඟය සමඟ පොදු ප්‍රවාහන සේවය අපේක්ෂිත තත්ත්වයට වඩාවඩා අවම මට්ටමක පවතී. එතුලින් ආර්ථිකයට, පරිසරයට සහ සමාජයට සිදුකරන බලපෑම හමුවේ, මගීන් වැඩි ප්‍රමාණයක්පොදු ප්‍රවාහනයෙන් සිට පුද්ගලික ක්‍රම වෙත නැඹුරුවීමට හේතු වී ඇත.

ප්‍රවාහන අමාත්‍යාංශය මගී සහ භාණ්ඩ ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා සුවිශේෂී ක්ෂේත්‍ර රැසක් හඳුනාගෙන තිබෙනවා.ඒ වෙනුවෙන් යම් යම් ක්‍රියාමාර්ග මේ වන විට ආරම්භ කර හෝ ක්‍රියාත්මක කර තිබෙනවා. ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාව යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සිය ආයෝජන ආකෘතිය වෙනස් කර ඇති අතර ප්‍රවාහන ගැටළු විසඳීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය (PPPs) හරහා සංවර්ධන ආයෝජන සඳහා හිතකර වාතාවරණයක් නිර්මාණය කර ඇත.

ශ්‍රී ලංකා ආර්ථිකයේ අනාගත සංවර්ධනය සහ ප්‍රසාරණය සඳහා වඩාත් කාර්යක්ෂම ප්‍රවාහන ජාලයක් අත්‍යවශ්‍ය වන අතර චයිනා හාබර් ඉංජිනේරු සමාගම විසින් සිදු කිරීමට නියමිත NKBA කුළුණු මත දිවෙන අධිවේගී මාර්ගය අධිවේගී මාර්ග ජාලයට සම්බන්ධ කිරීම සඳහා විශිෂ්ට සම්බන්ධතාවයක් බව විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. එමගින්කොළඹ වාණිජ කේන්ද්‍රය වරාය නගරයේ සිට ගුවන් තොටුපළ, අධිවේගී මාර්ගය, පාර්ලිමේන්තුව, කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ගය එකට සම්බන්ධ කෙරෙනු ඇති.

ගෝලීය හරිතාගාර වායු විමෝචනය සඳහා අවම දායකත්වයක් ලබා දී තිබියදීත්, ශ්‍රී ලංකාව තමන්ගේම අභියෝගයන්ට මුහුණ දී සිටී. ශ්‍රී ලංකාව රටක් ලෙස පැරිස් සම්මුතියේ විමෝචනය අඩු කිරීමේ ඉලක්ක ආරක්ෂා කිරීමේ වගකීම පිළිගෙන තිබෙනවා. 14.5% ක හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ කැපවීම ප්‍රකාශ කරමින් රට සිය ජාතික සංවර්ධන ඉලක්ක (NDC) දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය(UNFCCC) වෙත ඉදිරිපත් කර ඇත. ඊට පිළියමක් ලෙස ශ්‍රී ලංකාව විද්‍යුත් වාහන (EV) භාවිතය වඩාත් ප්‍රචලිත කිරීමටත්, දැනට පවතින ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ඒවා බවට පරිවර්තනයකිරීමටත්, පොදු ප්‍රවාහනය වඩාත් කාර්යක්ෂම විදුලි බස් රථ වෙත හුවමාරු කිරීම සඳහාත්කටයුතු කරමින් සිටී.

“පොදු ප්‍රවාහනය සඳහා විදුලි සංචරණය වෙත සංක්‍රමණය වේගවත් කිරීම” ව්‍යාපෘතියට සහාය වීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විටත් විද්‍යුත් වාහන ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටි.

මාර්ග තදබදය සහ අනවශ්‍ය ගමන් බිමන් අවම කිරීම සඳහා ප්‍රධාන මාර්ග මාර්ග ඔස්සේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සැලසුම් කර ඇත. එහි පළමු මධ්‍යස්ථානය කොළඹට තදාසන්නමාකුඹුර හි පිහිටි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළ , මගේ ජනතාව සහ වාහන පදවන්නන් සඳහාවාහන නවතා යෑමේ පහසුව( park and ride) ඇතුළු සේවාවන් රැසක්ස්ථාපනය කර ඇත. මගී ආකර්ෂණය වර්ධනය සඳහාත්, නඩත්තු කාර්යක්ෂමතාව, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ මගී ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා බස් රථ සහ දුම්රිය යන අංශ දෙකෙහිමනවීකරණ රාශියක් සිදු කර ඇත. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ග්‍රාමීය ප්‍රජාවගේ ප්‍රයෝජනය සඳහා ග්‍රාමීය ප්‍රදේශවල ධාවනයට ආසන 38 කින් යුත් බස්රථ අලුතින් එක් කර තිබෙනවා.

ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද,කාඩ්පත් සහ බස් රථ සඳහාජීපීඑස් පද්ධති ස්ථාපනය ඇතුළු කාර්යක්ෂම ප්‍රවාහන මෙහෙයුම් සඳහා ඩිජිටල් තාක්‍ෂණය ඒකාබද්ධ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සිය ප්‍රවාහන ආයතනවලට සහාය ලබා දී ඇත. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) රාජ්‍ය සහ පුද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස නැවත ආරම්භ කිරීමට සාකච්ඡා සිදු වෙමින් පවතින අතර, පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් සංචරණය වෙත හුවමාරුවීම සඳහා මේ වන විට විද්‍යුත් වාහන ප්‍රතිපත්තියක් ද කෙටුම්පත් කරමින් සිටී.

එක් තීරයක් එක් මාවතක් (One Belt One Road) (OBOR) යනු ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය යන මහාද්වීප පුරා විසිරී ඇති රටවල් කිහිපයක් අතර සම්බන්ධතාවය සහ සහයෝගීතාව වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන අභිලාෂකාමී ආර්ථික සංවර්ධන සහ වාණිජ ව්‍යාපෘතියකි. ඒ සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව සහාය පළ කරමින් සිටී.

මෙම ප්‍රවාහන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම තිරසාර ආර්ථික සංවර්ධනයක් සහ යහපත් අනාගතයක් සාක්ෂාත් කර ගැනීම උදෙසා උපකාරී වනු ඇති බව මා විශ්වාස කරනවා.