ව්‍යාපෘතියේ නම

මාතර සිට බෙලි අත්ත දක්වා මාර්ගය ඉදි කිරීම.

හැඳින්වීම

මාතර සිට කතරගම දක්වා වූ දුම්රිය මාර්ගය ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ එහි මුල් අදියර ලෙස මාතර සිට බෙලි අත්ත දක්වා වූ දුම්රිය මාර්ගය ඉදි කිරීම කරනු ලබයි. 2013.08.01 දින එහි ඉදි කිරීම් කටයුතු ආරම්භ කළ අතර එහි දුර කි.මී. 26.75 වන අතර එම මාර්ගය ඉදි කිරීමේ කටයුතු ඉදි කිරීම් සමාගමක් විසින් කරනු ලබන අතර එහි ඇස්තමේන්තුගත වියදම ඇ.ඩො 278.2 ක් වේ. මෙම ව්‍යාපෘතිය යටතේ

  • ප්‍රධාන පාළම් 03 ක් හා අනෙකුත් පාළම් 09
  • දුම්රිය උමං මාර්ග 02
  • දුම්රිය ස්ථාන 05
  • දුම්රිය හරස් මාර්ග 21

ඉදිකරනු ලැබේ.

අරමුණ / ප්‍රතිලාභ

  • දකුණු පළාත තුළ දුම්රිය ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීම.
  • එම පළාත තුළ ආර්ථීක සංවර්ධන කටයුතු වැඩි දියුණු කිරීම
  • දුම්රිය ආදායම වැඩි දියුණු කිරීම
  • මගී සුව පහසුව
  • පරිසර හිතකාමී ප්‍රවාහන සේවය

ප්‍රගතිය

  • භෞතික ප්‍රගතිය - 52.9%
  • මූල්‍ය ප්‍රගතිය - 51.2%

නවතම පුවත්