pp

එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන ආර්ථික හා සමාජ කොමිසම (ESCAP) ප්‍රවාහන හා මහාමාර්ග අමාත්යංශය හා එක්ව සංවිධානය කරනලද ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය සඳහා e mobility (විද්යුත් සංචරණය) සංකල්පය හඳුන්වා දීමේ ජාතික උපදේශන සමුළුව කොළඹ ගලදාරී හෝටල් පරිශ්‍රයේදී ප්‍රවාහන හා මහාමාර්ග හා ජනමාධ්ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
වසටහන අමතමින් අදහස් දැක්වූ අමත්‍යවරයා,
ශ්‍රී ලංකාව තුළ සහ ලොව පුරා පවතින ආර්ථික තත්වය හමුවේ ෆොසිල ඉන්ධන වෙනුවට විකල්ප බලශක්ති ප්‍රභවයක් ලෙස විදුලියට පරිවර්තනය වීම ශීඝ්‍රයෙන් සිදු වෙමින් පවතිනවා. එවැනි වාතාවරණයක් යටතේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විද්යුත් සංචරණ ප්‍රතිපත්ති රාමුවක් සැකසීම සඳහා සහාය ලබාදීම පිලිබඳ ESCAP සංවිධානය වෙත රජය වෙනුවෙන් මාගේ ස්තුතියි පිරිනැමීමට කැමතියි.
වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ විද්යුත් රථ වාහන භාවිතය ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතිනවා. පරිසර හිතකාමී, පිරිවැය අවම බලශක්ති ප්‍රභවයක් ලෙස එය ඉතාමත් වැදගත්.වායු විමෝචනය අවම වීම, ශබ්ද දුෂණය අවම වීම වැනි ප්‍රතිලාභ රැසක් ඒ තුලින් හිමිවනවා.
එය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා සිදු කළ යුතු යටිතල පහසුකම් සංවර්ධනය, ආරෝපණ මධ්යස්ථාන පිහිටුවීම ආදිය පිළිබඳව රජයේ අවධානය යොමුවිය යුතු පවතිනවා. විශේෂයෙන්ම ජනතාව ඒ වෙත ආකර්ෂණය කිරීම සඳහා වඩාත් පහසුවෙන් එම සේවාවන් ලබා ගැනීමේ හැකියාව ලබාදීම අවශ්යයි. එසේම විද්යුත් සංචරණය උදෙසා පවතින ආයෝජන අවස්ථාවන් පිළිබඳව ආයෝජකයින්ට අවශ්ය දිරි ගැන්වීම් ලබා දීමත් මේ මොහොතේ ඉතාමත් වැදගත්. දිගුකාලීන සැලසුමකට අනුව හරිත ආර්ථිකයක් උදෙසා ගමන් කරන මෙම ව්‍යායාමය සාර්ථක කරගැනීම වෙනුවෙන් ඔබ සැම ලබාදෙන දායකත්වය අගය කොට සලකනවා.
එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන ආර්ථික හා සමාජ කොමිසම (ESCAP) ප්‍රවාහන අංශය වෙනුවෙන් මදාන් බන්ධු රේග්මි මහතා, තායිලන්තය නියෝජනය කරමින් මහාචාර්ය ලොසෆොන්ග් ලැවනුවෙල් මහතා, ඉන්දියාව නියෝජනය කරමින් මහාචාර්ය ශිවනන්ද් ස්වාමි මහතා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා, කර්මාන්ත අමාත්යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, පරිසර අමාත්යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, මහාචාර්ය අමල් කුමාරගේ මහතා ඇතුලු දෙස් විදෙස් නියෝජිතයින්, විද්වතුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

නවතම පුවත්