d75a5659 78bc 4b57 98eb 450ec54cc638

අපේ රටේ රිය අනතුරු නිසා දෛනිකව විශාල ජීවිත හානි ප්‍රමාණයක් සිදුවන අතර එම
ප්‍රමාණය මේ වනවිට වාර්ෂිකව තුන්දහස පමණ දක්වා වර්ධනය වෙලා තිබෙනවා. මෙය
ඉතාමත් සෝචනීය තත්ත්වයක්. ඒ නිසා මෙය පාලනය කිරීම සදහා ප්‍රවාහන
අමාත්‍යාංශය ප්‍රමුඛ රාජ්‍ය ආයතන ගණනාවක් මේ වනවිට විවිධ වැඩසටහන් දියත් කර
තිබෙනවා. රිය අනතුරු සම්බන්ධයෙන් අධික වේගය, මත්පැන් පානය ඒවගේම
නොසැලකිලිමත්බව යන කරුණු බලපානු බලනවා. ඒ අනුව මේ සදහා අප කඩිනම්
විසදුම් ලබාදිය යුතු යැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා
අවධාරණය කරයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලද්දේ, 2023-05-17 පස්වරුවේ පැවති වේගසීමා
සලකුණු කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි. ගම්පහ දිස්ත්‍රික්කයේ උස්වැටකෙයියාව
ප්‍රදේශයේ පැවති මෙම වේගසීමා සලකුණු කිරීමේ අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග යන
ආතනනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශාල පිරිසක් සහභාගී වූහ.
වසර 2012 සිට වේගසීමා වෙනුවෙන් පදනම් වූ ඉදිකළ හා ඉදි නොකළ යන
නිර්නායකයන් ඉවත්කර, සැම මාර්ගයකම තත්ත්වයන් මත පදනම් වුවේගසීමා
ක්‍රමවේදයක් හදුන්වාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රමුඛ රාජ්‍ය ආයතන විසින් පියවර ගෙන
තිබේ. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානත්වයෙන් යුතුව, පලාත් පාලන ආයතන, පළාත් මාර්ග සංවර්ධන අධිකරිය, මෝටර් රථ ප්‍රවාහන අධිකාරිය, පොලිසිය,මාර්ග ආරක්ෂණ සභාව ඇතුළු අදාල රාජ්‍ය ආයතන වලින් සැදුම්ලත් ජාතික කමිටුවක්
නිර්මාණය කර ඇති අතර, මෙමගින් ලංකාවේ මාර්ගයන්හි වේගසීමා සකස්කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රමිතීන්, නිර්නායකයන් හා උපදෙස් සපයනු ලැබේ. එම
නිර්නායකයන්ට අනුව දිස්ත්‍රික් මට්ටමෙන් කමිටු 25ක් නිර්මාණය වන අතර ඒවායේද ප්‍රධානත්වය මාර්ග සංවර්ධන අධිකරියට හෝ දිස්ත්‍රික් ලේකම්වරයාට හිමි වේ. අදාල
දිස්ත්‍රික් කමිටු විසින් තම දිස්ත්‍රික්කය තුල මාර්ගයන්හි වේගසීමා සලකුණු කිරීමට අදාළ පියවර ගනු ලැබේ.

මෙහි නියමු ව්‍යාපෘතිය වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ උස්වැටකෙයියාව මාර්ගය තෝරාගෙන ඇති අතර ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සමස්ත මාර්ග පද්ධතිය වෙනුවෙන් මෙම
ක්‍රමය අනුගත කිරීමට පියවර ගැනේ. 2012 සිට පැවතඑන වේගසීමා රෙගුලාසි අනුව වේගය සම්බන්ධයෙන් වන නීතිය වන්නේ,දියුණූ සහ නොදියුණු ප්‍රදේශ පදනම් කරගෙන බවත්, මෙසේ දියුණු එසේත් නොමැතිනම් ඉදිකළ ප්‍රදේශ වශයෙන් නාගරික ප්‍රදේශ සහ ඉදිනොකළ එනම් නොදියුණූ ප්‍රදේශ වශයෙන් ග්‍රාමීය ප්‍රදේශත් අර්ථකතනය කලහැකි බවත්, නමුත් මේ වනවිට එම බෙදීම්ද ප්‍රායෝගික නොවන බැවින්, මෙම තිබෙන අපහැදිළි තත්ත්වය මත වාහනවල වේගය සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමේදී පොලිසියට ප්‍රායෝගික ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවී ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම අසීරුතා මගහැරවීම පිණිස අපේ
රටේ දැනට තිබෙන වේගසීමා නීති යාවත්කාලීනකර කෙටුම්පත් සකස් කිරීමට පියවර ගන්නා බවත්, මෙවැනි සංකීර්ණ ජාතික ව්‍යාපෘති ක්‍රියාත්මක නොකර ජනතාව මාර්ග
අනතුරු වලින් මුදවා ගැනීමට නොහැකිවන බවත් පැවසූ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යාමේදී ප්‍රායෝගිකව ඇතිවන අපහසුතා
විදදරාගෙන 2030 වනවිට මාර්ග අනතුරු වලින් හරි අඩක් හෝ වලක්වා ගැනීමට කටයුතු කළයුතු බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.