199

අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රිය පදවන රියදුරන් හඳුනාගැනීම
අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රිය ධාවනය කරන රියදුරන්
ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යන බැවින් මාර්ග අනතුරු වැඩිවීමේ
ප්‍රවණතාවය අඩුකරගැනීම අරමුණු කරගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණ
නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමෙහි ලා මූලික සාකච්ඡාව
2023/05/16 දින ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න
මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශ මරදාන
පරිශ්‍රයේදී පැවැත්විණි.
මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීමේ
පළමු පියවර ලෙස ශ්‍රි ලංකා පොලීසියට ලබා දී තිබෙන මත්ද්‍රව්‍ය
භාවිතා කර ඇති බවට තහවුරු කෙරෙන ඛේට පරික්ෂණ කට්ටල
භාවිතා කරමින් රියදුරු මහතුන්ගේ ඛේට පරික්ෂාවක් සිදුකරනු ලබයි.
එම පරික්ෂණයේදී මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තවදුරටත්
තහවුරු කරගැනීම සඳහා පොලීසිය විසින් අදාළ රියදුරා ළගම
තිබෙන රෝහල වෙත යොමු කරනු ලබයි. එහිදී වෛද්‍යවරයා විසින්
මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු කෙරෙන පරීක්ෂණ කට්ටල
භාවිතා කරමින් මුත්‍රා සාම්පල් පරීක්ෂණයක් සිදුකර අදාළ තොරතුරු
පොලීසිය වෙත දැනුම් දෙනු ලබයි. තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා
මුත්‍රා සාම්පල් ජාතික රාමධක මණ්ඩලය වෙත යෙමුකරනු ලබයි.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොලීසියේ නියෝජ්‍ය පොලිස්පති
(රථවාහන) ඉන්දික හපුගොඩ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අංශ
ප්‍රධානී,අනතුරු නිවාරණ හා බෝ නොවන රෝග අංශයේ විශේසඥ
වෛද්‍ය සමිත සිරිතුංග මහතා, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී, අතිරේක
ලේකම් වෛද්‍ය අවන්ති රූපසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වෛද්‍ය පී.එල්.අතපත්තු මහතා, මාර්ග
ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මලිත් ජයතිලක මහතා,
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති දර්ශන අබේරත්න

මහතා, අන්තරායකර ඹෟෂධ පාලක මණ්ඩලයේ අතිරේක ලේකම්
කේ.වී.ආර්.වික්‍රමතිලක මහතා, මහතා ඇතුළු නිලධාරින් සහභාගි විය.