Tamil-Sri LankaEnglish (United Kingdom)

Ministry of Transport

ඔබ මෙතනයි:  මුල් පිටුව ව්‍යාපෘති ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිමාවට පත් කළ ව්‍යාපෘති

නිම කල ව්‍යාපෘති

නිම කල ව්‍යාපෘති ( 2015 වර්ෂය)

ව්‍යාපෘතියේ නම

වව්නියාව බස් නැවතුම්පල අදියර 1

හැඳින්වීම

පුරා වසර 30 ක් තුළ පැවති කුරිරු යුද්ධය හේතුවෙන් උතුරු පළාත තුළින් ගිලිහී තිබූ සංවර්ධනයේ මංපෙත් යලි විවර කරමින් ප්‍රවාහන ක්ෂේත්‍රයට නව ජීවයක් ලබාදීමට වවිනියාව නගරයේ නවීන පහසුකම් සහිත නව බස් නැවතුම්පළ ඉදිකිරීම 2014 ජනවාරි 31 දින ආරම්භ කරන ලදී. දුර ගමන් සේවා බස් රථ 13 ක්ද පළාත් බස් රථ 21 ක්ද වශයෙන් එක්වර බස් රථ 34 ක් නැවැත්වීමට පහසුකම් සහිතව ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවෙන් සකසන ලද සැලැස්මේ වර්ග මීටර් 800 ක් හා වර්ග මීටර 1100 ක් වශයෙන් ගොඩනැගිලි 02 ක් පවතී. තවද මෙහි ආබාධිතයින් ඇතුලු සියලු මගීන්ට වැසිකිලි පහසුකම්, විවේක කාමර , ආහාර ගැනීම සඳහා ආපන ශාලාවක් ඇතුලු අත්‍යවශ්‍ය පහසුකම් රැසකින් යුක්ත වේ. කෘෂිකර්ම පර්යේෂණ ආයතනයෙන් ලබා දෙන ලද අක්කර 03ක ඉඩමෙහි ආරම්භ කර ඇති මෙහි ඉදිකිරීම් වල පළමු අදියර මේ වන විට අවසන් කර ඇති අතර දෙවන අදියර ක්‍රියාත්මක වෙමින් පවතී.

අරමුණ / ප්‍රතිලාභ

ප්‍රවාහන ක්ෂේත්‍රෙයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.

ව්‍යාපෘතියේ නම

තලවකැලේ බස් නැවතුම්පල

හැඳින්වීම

පොදු මගී ප්‍රවාහන සේවයේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීම උදෙසා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තලවකැලේ නගරයේ නව බස් නැවතුම්පලක් ඉදිකර එය 2015.10.31 දින මගී ජනතාව සඳහා විවෘත කර ඇත. වසර ගණනාවක් තිස්සේ බස් නැවතුම්පලක් නොමැති වීම නිසා හිසට සෙවනක් හෝ වෙනත් පහසුකම් කිසිවක් නොලද මගී ජනයා හට නගර සභාවේ ඉල්ලීම මත රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ උපදේශකත්වයෙන් හා මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් මෙම බස් නැවතුම්පල ඉදි කර ඇත. නිතර වැසි සහිත දේශගුණයක් ඇති තලවකැලේ නගරය දියුණු වෙමින් පවතින වාණිජ නගරයක්ද වේ. මෙම නගරය ආසන්නයේ පාසල් 10ක, 6000 ක් පමණ සිසුන් දිනපතා නගරයට පැමිණෙන අතර රජයේ සහ පෞද්ගලික ආයතන වල අති මහත් සේවක සංඛ්‍යාවක් මෙම නගරය හරහා ගමන් කරනු ලබයි.

අරමුණ / ප්‍රතිලාභ

ප්‍රවාහන ක්ෂේත්‍රෙයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.