75වන නිදහස් සමරුවට සමගාමීව මෙරට ග්රාතමීය මාර්ග වල පොදු ප්රීවාහනය ශක්තිමත් කිරීම උදෙසා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ නව බස්රථ 500ක් ධාවනයට කිරීමේ වැඩසටහනේ යටතේ මහනුවර,නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කයේ ඩිපෝ වෙත නව බස් රථ භාරදීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මහනුවර දිස්ත්‍රක්කයේ ඩිපෝ 07ක් වෙත නව බස් රථ 26ක්, නුවරඑළිය ප්‍රාදේශික බල ප්‍රදේශයට අයත් ඩිපෝ 07ක් වෙත නව බස් රථ 26ක් සහ ඌව ප්‍රාදේශිකයේ ඩිපෝ 9 ක් වෙත නව බස්රථ 25ක් මෙම අවස්ථාවේදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බෙදා දෙන ලදී.
නිදහස් සමරුවට සමගාමීව ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය යටතේ ලැබෙන බස්රථ 500 මෙ අප්‍රේල් මස අවසන් වන විට මෙරට පොදු ප්‍රවාහන ජාලයට එක් කිරීම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ අරමුණයි. එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මික අංශය විසින් අලුත්වැඩියා කොට ධාවනයට එක් කෙරෙන බස් රථ 400ක් ද මෙම වසර තුළ ලංගම බස් රථ ඇණියට එක් කිරීමට නියමිතයි.
වැඩසටහන යටතේ මෙම සති අන්තය තුල මහනුවර නුවරඑළිය සහ බදුල්ල ලංකා ගමනා ගමන මණ්ඩල ප්‍රාදේශික සඳහා නව බස්රථ 80ක් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බෙදා දෙන ලදි.
උත්සවය අමතා අදහස් පළ කළ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා,
පසුගිය සමයේ ඇති වූ ආර්ථික අර්බුද හමුවේ වඩාත් පීඩාවට පත්වූ මහජනතාව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය විශාල සේවයක් ඉටු කළා. අපහසුතාවයන් රැසක් යටතේ වුවත් මහජන සේවාවක් ලෙස අඛණ්ඩව එම සේවාව සැපයීමට ලංගම සමත් වුණා.
ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ වගකීම භාර ගැනීමත් සමග ජාතිය සතු මහා සම්පතක් වන ලංගම පෝෂණය කිරීමට පැහැදිලි වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා දේශපාලන පක්ෂ පාට ආදී බලපෑම් වලින් තොරව අවශ්‍ය තනතුරුවලට සුදුසු වෘත්තිකයින් පත් කිරීමට මා පියවර ගත්තා.
ඒ අනුව රජය මත නොයැපෙන ආයතනයක් බවට ලංගම පත් කිරීමේ සැලසුම් රැසක් මේ වන විට ක්‍රියාවට නංවා තිබෙනවා. 2025 වසර වන විට ස්වයං යැපුම් මට්ටමක් දක්වා ලංකා ගමනාගමන මණ්ඩලය පත්කිරිමේ ඉලක්කයට ඔබ සැමද දායක විය යුතු වනවා. සියලු දෙනා එක්ව එම ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට හැකි වුවහොත් ලංකා ගමනාගමන මණ්ඩලය සතු එකදු කොටසක් හෝ පිටතට යා නොදී ආරක්ෂා කරන බවට මා පොරොන්දුවක් ලබා දෙනවා.
එමෙන්ම බස්රථ ආදායම මත පමණක් යැපීම වෙනුවට ආයතනය සතු අනෙකුත් වත්කම් ද නිසි පරිදි කළමනාකරණය කරමින් ආදායම් උත්පාදනය කළ හැකි විකල්ප සංවර්ධන සැලසුම් පිළිබඳව ද අප අවධානය යොමු කර තිබෙනවා.
මෙම ප්‍රදේශ වල දරුවන්ට නවීන කෘෂි තාක්ෂණය පිළිබඳ දැනුම ලබාගැනීම සඳහා අඹේවෙල ප්‍රදේශයේ ජෛව පද්ධති තාක්ෂණය පිළිබඳව විශ්ව විද්‍යාලයක් පිහිටුවීම සඳහා අවශ්‍ය කටයුතු ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වනවා.
විශාල සංචාරක ආකර්ෂණයක් පවතින නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය සඳහා නානුඔය සිට නුවරඑළිය දක්වා විදුලි දුම්රිය සේවාවක් ආරම්භ කිරීම සඳහා රටට හිතකර ආයෝජන ක්‍රමයක් මඟින් සහයෝගය ලබා ගැනීමට කටයුතු කිරීමටත් අප බලාපොරොත්තු වනවා.
ආයෝජන ප්‍රවර්ධන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මැතිතුමා, රාජ්ය අමාත්යීවරුන් වන තේනුක විදානගමගේ මැතිතුමා, චාමර සම්පත් දසනායක මැතිතුමා, අරවින්ද් කුමාර් මැතිතුමා, කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා, බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති මේජර් සුදර්ශන දෙනිපිටිය මැතිතුමාහිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි, එස් බී දිසානායක මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රි සී බී රත්නායක මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රි එම් රාමේෂ්වරම් මැතිතුමා, ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී උමේෂ් ගෞතම් මහතා, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් බස්රථ බෙදා දීමේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.
මුල් පිටුව
" නුවරඑළිය,බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල ග්‍රාමීය මාර්ග වලට රු.ලක්ෂ 8800ක් වටිනා නව බස් රථ . "
නවතම පුවත්
- මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ පළමු සහ අවසන් ගමනාන්ත සම්බන්ධතාව වැඩිදියුණු කිරීම.
- සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත් වන්න ....රජය ජනතාවගෙන් ඉල්ලයි
- කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ සියවස් පූර්ණය අද බදුල්ලේදී උත්කර්ෂවත් ලෙස .... "දුන්හිඳ ඔඩිසි" සමගින් "කැලිප්සෝ" සහ "වයිස්රෝයි" සියවස් සමරු උළෙලට එක්වෙයි.
- නාගරික ගමනාගමනයෙහි නව්‍යතාවයක්
- විදේශිකයන්ට මෙරට රියදුරු බලපත්‍ර ගුවන් තොටුපොළේදීම ...
- පාසලටත් මාර්ග නීති ..... සෑම පාසලකම මාර්ග ආරක්ෂාව පිළිබඳ ශිෂ්‍ය සංසද…
- බස් අනතුරු වළක්වාගන්න නව ක්‍රමවේදයක්..... ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව ජනතා සහාය පතයි.
- නගරාශ්‍රිත දුම්රිය ස්ථාන අලංකරණයෙන් වානිජකරණයට ... රාජ්ය අංශයෙන් දෙස් විදෙස් පුද්ගලික ආයෝජකයන්ට ඇරයුම්