rail 1

 

ජනතාවට හොඳ දුම්රිය සේවාවක් ලබා දීමට නම් වෘත්තීය සමිතිවල ධනාත්මක යෝජනා හා අදහස් අවශ්‍ය බවත්, එසේ නොමැතිව වැඩ වර්ජන වලට පමණක් නොයා යුතු බවත්, අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. එමෙන්ම පවතින ඉන්ධන අර්බුධය හමුවේ විශාල මගී පිරිසක් දුම්රිය ගමනාගමනය වෙත යොමු වී ඇති බැවින් එම මගී ජනතාවට හොඳ සේවාවක් ලබා දීම මෙන්ම, ඒ තුළින් දුම්රිය ආදයම ද වැඩි කර ගත යුතු බව ද, පවසයි.
එමෙන්ම වැඩි වන ඉන්ධන මිලට සාපේක්ෂව දුම්රිය ගාස්තු යම් ප්‍රමාණයකින් ඉහළ දැමිය යුතු බව ද, මගී ප්‍රවාහනයට අමතරව දැනට සිදු කරනු ලබන ඉන්ධන ඇතුළු භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ද, යම් සංශෝධනයක් කළ යුතු බව ද, අමාත්‍යවරයා පවසයි. ඒ තුළින් දුම්රියේ පාඩුව අවම කර ගත හැකි වනු ඇතැයි ද, අමාත්‍යවරයා පවසයි.