jaf 1

 

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරෙයි දුම්රිය ස්ථානය දක්වා සිකුරාදා දිනවලදී ධාවනය කෙරෙන සීඝ්‍රගාමි රාත්‍රී දුම්රියක් අද සිට ආරම්භ කෙරේ.
ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් අද(17) රාත්‍රී 10.00 ට ගමන් ආරම්භ කෙරෙන සීඝ්‍රගාමී රාත්‍රී දුම්රිය අළුයම 05.54 ට කන්කසන්තුරය දුම්රිය ස්ථානය වෙත ලගාවේ.
එම දුම්රිය නවත්වනු ලබන දුම්රිය ස්ථාන වන්නේ දෙහිවල- වැල්ලවත්ත -බම්බලපිටිය කොළඹ කොටුව -ගම්පහ -වේයන්ගොඩ -පොල්ගහවෙල-කුරුණෑගල -අනුරාධපුර -වව්නියාව-කිලිනොච්චි-යාපනය-කොන්ඩාවිල්-චුන්නාගම්-කන්කසන්තුරෙයි යන දුම්රිය ස්තාන වල පමණි.
මෙම දුම්රිය කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන්නේ රාත්‍රී 10.30 ට වන අතර ගම්පහ දුම්රිය ස්ථානයට රාත්‍රී 11.04 වන විටත් පොල්ගහවෙල දුම්රිය ස්ථානයට රාත්‍රී 11.52 ටත් අනුරාධපුර දුම්රිය ස්ථානයට අළුයම 02.18 වන විට ලගා වීමට නියමිතය.යාපනය දුම්රිය ස්ථානයට ලගාවීමට නියමිතව ඇත්තේ අළුයම 05.35 ටය එම දුම්රියේ ගමනාන්තය වන කන්කසන්තුරෙයි දුම්රිය ස්ථානයට අළුයම 05.54 වන විට ලගාවේ.
මෙම දුම්රිය නැවත කොළඹ කොටුව හා ගල්කිස්ස දක්ව කන්කසන්තුරයේ සිට ගමන් ආරම්භ කරනු ලබන්නේ ඉරිදා රාත්‍රී 10.00 යි.එම දුම්රිය කොළඹ කොටුවට අළුයම 05.30 ටත් ගල්කිස්ස දුම්රිය ස්ථානයවෙත අළුයම 05.54 ටත් පැමිනෙනු ඇත.
මෙම සීඝ්‍රගාමී දුම්රිය ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා ගමන් ගැනීමේදී නවතනු ලැබූ දුම්රිය ස්ථානවල නවතනු ලැබේ.
සෑම සිකුරාදා දිනකදීම මෙලෙස ගමන් ආරබන විශේෂ සීඝ්‍රගාමී දුම්රියය නැවත ඉරිදා දින ආපසු කොළඹ කොටුව හා ගල්කිස්ස දක්වා පැමිනෙනු ඇත.
වර්තමානයේ පවතින ඉන්ධන අර්බුධය හා මාර්ග තදබදයත් මගී තදබදයත් බස් ගාස්තු ඉතා ඉහල අගයක් පැවතීමත් හේතුවෙන් මගී ජනතාවගේ පහසුව උදෙසා මෙලෙස මෙම නව දුම්රිය ධාවනයට එක්කල බවත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ හා උඩරට දුම්රිය මාර්ගයේ තවත් අතිරේක දුම්රිය යෙදවීමට ඉදිරියේදී කටයුතු කරන ලෙසත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දුම්රිය බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.