kal 1

 

පාසල් දරුවන් සහ කාර්යාල සේවකයන් සඳහා කැළණිවැලි දුම්රිය මාර්ගයේ ‘වග” දුම්රිය ස්ථානයෙන් ආරම්භ කර ‘කොළඹ කොටුව’ දක්වා ධාවනයට නව දුම්රියක් මෙම මස 15 දින සිට කඩිනමින් ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. රටතුල පවතින ඉන්ධන අර්බුදය හා මහාමාර්ග තුල තිබෙන තදබදයත් දුරු කිරිම සඳහා දුම්රිය මාර්ග පද්ධතිය කාර්යක්ෂම හා ඵලදායි ලෙස යොදා ගැනීමේ අරමුණෙන් කඩිනමින් මෙලෙස මෙම මාර්ගයට නව දුම්රියක් එක් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පලකලේ ජුනි මස 10 වන දින ‘වග’ දුම්රිය ස්ථානයේ කල නීරීක්ෂණ චාරිකාවක් අතරතුරදී ය. එමෙන්ම මේ වන විට නැවති ඇති කැළණිවැලි විදුලි දුම්රිය ව්‍යාපෘතිය නැවත කඩිනමින් සක්‍රීය කොට විදුලි දුම්රිය ධාවනයට අවශ්‍ය පහසුකම් සැපයීමටත් දුම්රිය සේවාව ජනතා ආකර්ශණීය සේවාවක් බවට පත් කිරීමටත් කටයුතු කිරිම තමාගේ අපේක්ෂාව බවද, අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය. එමෙන්ම තම පෞද්ගලික වාහනය දුම්රිය ස්ථානයේ ආරක්ෂිතව නවතා දුම්රිය ගමනේ යෙදීමටද අවශ්‍ය පහසුකම් සැලසීමටත් කටයුතු කරන ලෙස අමාත්‍යවරයා මෙහිදි දුම්රිය බලධාරීන්ට උපෙදස් දෙන ලදි.
මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩ්බ්.ආර්.පේමසිරි දුම්රිය සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) වී.එස්. පොල්වත්තගේ යන මහත්වරුන්ද සහභාගි විය.