newpotoවාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සහ ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිලුම් අමුණුගම මහතා 2022-03-07 පෙරවරුවේ ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙස ප්‍රවාහන අමාත්‍යංශයේදී වැඩ භාර ගන්නා ලදි.

වැඩ භාර ගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ, අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් තමාවෙත සුවිශේෂී වගකීමක් භාර දී ඇති බවත්, තමාගේ යුතුකම වන්නේ ඒ වගකීම් මැනවින් ඉටු කිරීම බවත්ය.
එමෙන්ම වර්තමානයේ සමස්ථ පොදු ප්‍රවාහන සේවාව යම් අර්බුධයකට ලක්ව තිබූවත්, එම අභියෝග වලට මුහුණ දෙමින් සෞභාග්‍යයේ දැක්ම අනුව පොදු ජනතාවගේ ප්‍රවාහන සේවාවන් උපරිම අයුරින් පවත්වාගෙන යාමට මා, කැපවී සිටින බව ද පැවසීය. එමෙන්ම එම පොදු ප්‍රවාහන අපේක්ෂාවන් ඉටු කිරීමේදී රාජ්‍ය ප්‍රවාහන සේවාව මෙන්ම පෞද්ගලික බස් රථ කර්මාන්තය ද කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා සහයෝගය ලබා දෙන බවද මෙහිදී පැවසීය.
එමෙන්ම සාම්ප්‍රදායි ප්‍රවාහන සේවාවෙන් ඔබ්බට ගොස් නවීන තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරමින් මගී ජනතාවට සුවපහසු සේවාවක් සැපයීම රජයේ අපේක්ෂාව බව ද අමත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. තව දුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කර සිටියේ මඟී ප්‍රවාහන සේවාවට අමතරව, දුම්රිය මඟින් සංවාරකයින් සඳහා පහසුකම් සැපයීමට ද කටයුතු කරන බව ද පැවසීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ප්‍රවාහනය නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා ඉන්ධන සැපයීම අත්‍යාවශ්‍ය බවත්,ලංගමත්, දුම්රිය දෙපාර්තමේන්තුවත් තෙල් සංස්ථාව සමඟ සාකච්ජා කර ඒ ආයතන සඳහා අවශ්‍ය ඉන්ධන මොනයම් ආකාරයකින් හෝ එන ප්‍රමාණයෙන් ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි.
එමෙන්ම කිසිම දුම්රිය වාරයක්වත් කිසිම ලංගම ගමන් වාරයක්වත් ඉන්ධන නොමැතිව නතර කර නොමැති අතර, පළමු වතාවට ආදර්ශයක් සපයමින් අපට සැපයෙන ඉන්ධන බෙදා ගනිමින් පෞද්ගලික බස් රථ වලට ඉන්ධන ලබා දීමට කටයුතු කර ඇති බවයි.
අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩ භාර ගැනීමේ අවස්ථාවට බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා, අමාත්‍ය සරත් වීරසේකර මහතා සහ අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුලු පිරිසක් සහභාගී විය.

 

 
 
 
 

නවතම පුවත්