Tamil-Sri LankaEnglish (United Kingdom)

Ministry of Transport

ඔබ මෙතනයි:  මුල් පිටුව ව්‍යාපෘති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ක්‍රියාත්මක ව්‍යාපෘති

ක්‍රියාත්මක ව්‍යාපෘති

2015 වර්ෂයෙහි ක්‍රියාත්මක ව්‍යාපෘති.

ව්‍යාපෘතියේ නම

ආසන 42 බස් රථ 800 ක් හි ආසන 54 බස් රථ 1400 ක් මිලට ගැනීමේ ව්‍යාපෘතිය.

හැඳින්වීම

භාණ්ඩාගාර ප්‍රතිපාදන හා ශ්‍රී ලංගම අරමුදල් මඟින් මිලට ගත් ආසන 42 බස්රථ 800 ක් හි ආසන 54 බස්රථ 1400 ක් සඳහා නියමිත පරිදි වාරික ගෙවමින් පැවතීම.

අරමුණ/ප්‍රතිලාභ

රථ ඇණිය ඉහල දැමීම මඟින් ධාවනයට ලබා දුන් බස් රථ ප්‍රමාණය ඉහල දමා මගී අවශ්‍යතා තහවුරු කිරීම.

ප්‍රගතිය ( 2015.12.15 දිනට)

ආසන 42 බස් රථ 800 ක්ද, ආසන 54 බස් රථ 1,400 ක්ද වශයෙන් නව බස් රථ 2,200 ක් ලැබී ඇති අතර මෙහෙයුම් කටයුතු සඳහා යොදවා ඇත. 2015.12.15 දිනට ප්‍රගතිය 78% වේ.

අවසන් කිරීමට යෝජිත දිනය

2015 වර්ෂය පුරාවට.

ව්‍යාපෘතියේ නම

පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට ආනයනය කරන ලද බස්රථ මිලට ගැනීමේ ව්‍යාපෘතිය.

හැඳින්වීම

පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට ආනයනය කරන ලද බස් රථ සඳහා වාරික නිසි පරිදි ගෙවමින් පැවතීම.

අරමුණ /ප්‍රතිලාභ

රථ ඇණිය ඉහල දැමීම මඟින් ධාවනයට ලබා දුන් බස් රථ ප්‍රමාණය ඉහල දමා මගී අවශ්‍යතා තහවුරු කිරීම.

ප්‍රගතිය

බස් රථ 68ක් ලැබී ඇති අතර මේවා ශ්‍රී ලංගම අධි සුබෝපභෝගී ප්‍රවාහන සේවාව යටතේ ධාවනයට එක්කර ආදායම් ඉපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් පවතී. 2015.12.15 දිනට ප්‍රගතිය 67% වේ.

අවසන් කිරීමට යෝජිත දිනය

2015 වර්ෂය පුරාවට.

ව්‍යාපෘතියේ නම

වාර්ෂික බස් රථ පුනරුත්තාපන ව්‍යාපෘතිය (පූර්ණ හා සාමාන්‍ය).

හැඳින්වීම

බස්රථ පුනරුත්තාපනය කර රථ ඇණියට එක් කිරීම.

අරමුණ / ප්‍රතිලාභ

රථ ඇණිය ධාවනයට සුදුසු මට්ටමක පවත්වාගෙන යමින් යාවත්ක‍ාලීන කිරීම.

ප්‍රගතිය (2015.12.15 )

පුනරුත්තා‍පන ව්‍යාපෘතිය යටතේ අළුත්වැඩියා කර ඇති ප්‍රමාණයන් පහත පරිදි වේ. එන්ජින් සංඛ්‍යාව - 345 , ගියර් පෙට්ටි සංඛ්‍යාව - 152, බස් බොඩි සංඛ්‍යාව - 177.

මෙයට අමතරව දෛනිකව සිදු කරනු ලබන සාමාන්‍ය අළුත්වැඩියා කටයුතු සිදු කර ඇත. 2015.12.15 දිනට ප්‍රගතිය 96% වේ.

අවසන් කිරීමට යෝජිත දිනය

2015 වර්ෂය පුරාවට.