Tamil-Sri LankaEnglish (United Kingdom)

Ministry of Transport

ඔබ මෙතනයි:  මුල් පිටුව ව්‍යාපෘති ශ්‍රී ලංකා දුම්රිය සේවය නිමාවට පත්කල ව්‍යාපෘති

නිමාවට පත් කළ ව්‍යාපෘති

2015 වර්ෂය තුළ නිම කළ ව්‍යාපෘති

අංකය ව්‍යාපෘතියේ නම හැඳින්වීම අරමුණ ප්‍රතිලාභ
1 මැදවච්චියේ සිට මඩු දක්වා දුම්රිය මාර්ගය නැවත ඉදි කිරීම.

අභ්‍යන්තර යුධ ගැටුම් හේතුවෙන් උතුරු හා තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයන්හි ඖමන්තේ සිට කන්කසන්තුරේ දක්වාත් මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වාත් වූ සියලු දුම්රිය මාර්ගයන්හි යටිතල පහසුකම් විනාශ වී තිබුණි. මේ හේතුවෙන් වසර 30 කට ආසන්න කාලයක් දුම්රිය ගමනාගමන කටයුතු අත්හිටුවීමට සිදුවිණි. 2009 වර්ෂයේ නිමාවත් සමඟ නැවත මෙම දුම්රිය මාර්ග අලුතින් ඉඳිකොට උතුරු හා තලෙයිමන්නාරම් මාර්ගයේ මගී හි භාණ්ඩ ප්‍රවාහන කටයුතු නැවත ආරම්භ කිරීම ජාතික වශයෙන් වැදගත් කටයුත්තක් විය. මෙම කටයුතු සඳහා ඉන්දියානු රජය සමඟ ශ්‍රී ලංකා රජය අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ අතර ඒ අනුව ඉන්දියානු ණය අධාර මත මෙම සියලුම දුම්රිය මාර්ග නැවත ඉදි කොට සංඥා හා විදුලි සංදේශ පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කර මෙම දුම්රිය මාර්ගය ජාතික දුම්රිය ජාලයට එකතු කිරීමට ශ්‍රී ලංකා රජ්‍යය තීරණය කරන ලදී.











 

 

 

 

 

 

 


දුම්රිය මාර්ග ජාලයේ අබලන් තත්වයේ පැවති පාළම් 07 ක් ඉවත් කර ඒ වෙනුවට බෙල්ජියම් පාළම් සවි කිරීම.

 

කාර්යක්ෂම ලෙස දුම්රිය මගී හා භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදු කිරීම සඳහා මැදවච්චිය සිට මඩු දක්වා කි.මී.43 ක් වූ දුම්රිය මාර්ගය නැවත ඉදි කිරීම.

1. වඩා පිරිමැසුම්දායි ප්‍රවාහන මාධ්‍යයක් ලෙස දුම්රිය ප්‍රවාහනයේ තිබෙන පිරිවැය ඉතිරිය.

2. මගී සුව පහසුව

3.ප්‍රවාහන ක්ෂේත්‍රයේ පහසුකම් හා යටිතල පහසුකම් වැඩිවීම තුලින් සමස්ථයක් ලෙස ප්‍රවාහන කේෂත්‍රයේ දල දේශීය නිෂ්පාදනයට දායකත්වය වැඩිවීම.

4. පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍යයක් ලෙස දුම්රිය මාර්ගයේ ප්‍රවාහනය තුළින් පරිසරයට වෙන බලපෑම අවම වීම.

5. මහා මාර්ග පිළිබඳව සසඳන විට දුම්රිය මාර්ගයේ අනතුරු අවම වීම.

6. ජාතික ආර්ථිකයේ වාණිජ හා කාර්මික ක්ෂේත්‍රයේ දියුණුව

7. දුම්රිය ආදායම වැඩිවීම.

8. ජාතීන් අතර සමගිය හා ජාතික එකමුතුව වර්ධනය වීම.


කාර්යක්ෂම දුම්රිය සේවයක් ලබා දීම මගී සුව පහසුව ඇති කිරීම.


 

 


 

 

2
මඩු සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය මාර්ගය නැවත ඉදි කිරීම
කාර්යක්ෂම ලෙස දුම්රිය මගී හා භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදු කිරීම සඳහා මඩු සිට තලෙයිමන්නාරම දක්වා කි.මී.91 ක් වූ දුම්රිය මාර්ගය නැවත ඉදි කිරීම.
3 ඕමන්තේ සිට පලෙයි දක්වා දුම්රිය මාර්ගය නැවත ඉදි කිරීම
කාර්යක්ෂම ලෙස දුම්රිය මගී හා භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදු කිරීම සඳහා ඕමන්තේ සිට පලෙයි දක්වා කි.මී.56 ක් වූ දුම්රිය මාර්ගය නැවත ඉදි කිරීම.
4 පලෙයි සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය මාර්ගය නැවත ඉදි කිරීම.

උතුරු දුම්රිය මාර්ගයේ හා තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ කි.මී. 313 ක මාර්ගය ආවරණය වන පරිදි සංඥා හා විදුලි සංදේශ පද්ධතිය ස්ථාපනය කිරීම.


කාර්යක්ෂම ලෙස දුම්රිය මගී හා භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදු කිරීම.

5

 

 

6.

උතුරු දුම්රිය මාර්ගය සඳහා සංඥා හා විදුලි සංදේශ පද්ධතිය ස්ථාපනය කිරීම.


 

බෙල්ජියම් ණය ආධාර යටතේ ලබා ගත් පාලම් 07 ක් ස්ථාපිත කිරීම.

 

නැවුම් පුවත්

Previous ඊළඟ
  • 1
  • 2
  • 3
රත්මලාන ගුවන් තොටුපළෙන් ජාත්‍යන්තර වෙළඳ ගුවන් සේවා...(2017.03.10)

රත්මලාන ගුවන් තොටුපළෙන් ජාත්‍යන්තර වෙළෙඳ ගුවන් සේවා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

පසුගියදා  පැමිණි මාල දිවයින් සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය මූසා සමීර් මහතා හා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර මෙම ගුවන් සේවා ආරම්භ කිරීම පිළිබඳ මූලික සාකච්ඡාව 2017.03.07 දින රත්මලාන ගුවන් තොටුපළ පර්යන්තයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපතිනය වන සහියා සාරීර්, මාල දිවයින් ජාත්‍යන්තර ගුවන් සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂ අබ්දුල් හරීස්, ගුවන් මෙහෙයුම් ප්‍රධානි අහමඩ් ඊබ්‍රහිම්, ගුවන් තොටුපළ සමාගමේ සභාපති සමන් එදිරිවීර, විධායක අධ්‍යක්ෂ යොහාන් ජයරත්න යන මහත්වරුන්ද සහභාගි වූහ.

වැඩිදුර කියවීමට
රියදුරු පැසැල් ඇති කිරිමට රියදුරු පුහුණු උපදේශකයින් අවශ්‍යයි... (2017.03.08)

2017.03.08 දින බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති සමස්ත ලංකා රියදුරු පාසැල් හිමියන්ගේ වාර්ෂික සම්මේලනය අමතමින් ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියේ ඉදිරියේදි බලපත් ලාභී පුහුණු උපදේශකයින් යොදා ගනිමින් ගුණාත්මක භවයෙන් යුතු තාක්ෂණික හා ප්‍රයෝගික දැනුම සහිත රියදුරන් බිහි කිරීමට පියවර ගැනීම තම අපේක්ෂාව බවයි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

වැඩිදුර කියවීමට
ප්‍රතිසංවර්ධනය කරනු ලැබු ගුවන් ධාවන පථය මෙහෙයුම් කටයුතු වලට (2017.4.6)...

ප්‍රතිසංවර්ධන කටයුතු සඳහා පුරා මාස තුනක් පමණ දිවා කාලය තුල වසා දමා තිබු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සිය මෙහෙයුම් කටයුතු සඳහා 2017.04.06 දින විවෘත කරනු ලැබුයේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

නෙදර්ලන්තයේ නැෂනල් එරෝ ටෙක්නොලොජි ඉන්ටර්නැෂනල් සමාගමේ (NACO) උපදේශකත්වය යටතේ චීනයේ (CATIC)කැතික් සමාගම විසින් ඉදිකිරීම් කටයුතු සිදු කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 7.2 ක් වැය වී ඇත.

මෙම උත්සව අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන්, අමාත්‍යාංශ නිලධාරීන් හා විදේශ තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

වැඩිදුර කියවීමට
අළුත් වැඩියා කරන ලද දුම්රිය එන්ජින් හා මැදිරි ධාවනයට එක් කෙරේ...(2017.06.01)

වසරකට රුපියල් මිලියන 150 ක පමණ අළුත්වැඩියාවන් සිදු කරනු ලබන රත්මලාන යාන්ත්‍රික වැඩපලේ අළුත්වැඩියා කරන ලද මැදිරි 06කින් යුත් බලවේග කට්ටලයක් හා එන්ජින්  දෙකක් 2017.06.01 වන දින පෙරවරුවේදී ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ධාවනයට එක් කරන ලදී. මෙම අවස්ථාවට දුම්රිය සාමාන්‍යධිකාරී බී.ඒ.පී.ආරියරත්න, අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී එස්.එම්.අබේවික්‍රම යන මහත්වරුන් ඇතුලු නිළධාරීන් සහභාගි වූහ.

වැඩිදුර කියවීමට
ප්‍රීමා පිටි ප්‍රවාහනය දුම්රියෙන්...(2017.06.27)

ගරු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි චීන වරායේ සිට ගාල්ල හා සීදුව දක්වා ප්‍රීමා පිටි ප්‍රවාහනය කිරීම දුම්රිය දෙපාර්තමේන්තුව නැවතත් ආරම්භ කර ඇත. මෙමගින් මසකට පිටි ටොන් පහලොස් දහසක් (15000) ක් ප්‍රවාහනය කිරීමට බලාපොරොත්තු වන අතර එමගින් රුපියල් මිලියන එකොළහක (රු.මි.11) අදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාගත හැකි වේ. මෙම ගිවිසුම අත්සන් තැබීම දුම්රිය සාමාන්‍යධිකාරී B.A.P ආරියරත්න හා ප්‍රීමා සමාගමේ සමූහ සාමාන්‍යධිකාරී ටාන් බෙං චුවාන් (Tan Beng Chuan) යන මහත්වරුන් විසින් 2017 ජුනි මස 27 වනදා සිදු කරන ලද්දේ ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙනි.

වැඩිදුර කියවීමට
අරලිය උයන දුම්රිය හරස් මාර්ගයට නව තාක්ෂණික සංඥා පද්ධතියක්...(2017.06.23)

රුපියල් ලක්ෂ 45 ක වියදමින් කුරුණෑගල මුත්තෙට්ටුගල අරලිය උයන අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය සඳහා ඉදිකළ නව තාක්ෂණය සහිත බෙල් ඇන්ඩ් ලයිට් දුම්රිය සංඥා පද්ධතිය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අතින් 2017.06.23 වන දින උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය.

වැඩිදුර කියවීමට