Tamil-Sri LankaEnglish (United Kingdom)

Ministry of Transport

ඔබ මෙතනයි:  මුල් පිටුව

මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව

හැදින්වීම

සැමට සුරක්ෂිත මාර්ග පද්ධතියක් ඇති කිරීම යන තේමාව මූලික කරගෙන ක්‍රියාත්මක වන එකම රාජ්‍ය ආයතනය වන්නේ මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවයි.මෙම සභාව සභාපතිවරයෙකුගෙන් හා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 17 ක නියෝජිත කණ්ඩායමකින් සමන්විත වේ.

දැක්ම

“සැමට සුරක්ෂිත මාර්ග”

මෙහෙවර

“මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරීම”

මාර්ග ආරක්ෂෘව පිළිබඳ ජාතික සභාවේ කාර්යභාරය

  1. හඳුනා නොගත් වාහන වලින් අනතුරට පත් තැනැත්තන්ට වන්දි ගෙවීම.
  2. මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ව්‍යාපෘති සකස් කිරීම සහ ක්‍රියාවට නැන්වීම.
  3. රාජ්‍ය රාජ්‍ය නොවන සංවිධාන තුළ මාර්ග ආරක‍්ෂාව හා සම්බන්ධිත කාර්යය සම්බන්ධීකරණය කිරීම.
  4. මාර්ග ආරක්ෂාව පිළීබඳ කටයුතු සඳහා මුල්‍යමය හා වෙනත් සහය ලබා දීම.
  5. මාර්ග ආරක්ෂාව හා ‍ සම්බන්ධිත ප්‍රතිපත්ති සහ ව්‍යාපෘති පිළිබඳ රජයට උපදෙස් දීම.
  6. සමාන ජාත්‍යන්තර ආයතන සමඟ සම්බන්ධතා පැවැත්වීම සහ පළපුරුද්ද පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම.
  7. සම්බන්ධිත විෂයයන් පිළිබඳ තොරතුරු රැස්කිරීම,පර්යේෂණ පැවැත්වීම සහ ක්ෂේත්‍ර පරීක්ෂණ පැවැත්වීම.
  8. මාර්ග ආරක්ෂාව පිළිබඳ දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම
  9. මාර්ග ආරක්ෂාව විෂයයට අදාල පොත්පත් සහිත පුස්ථකාලයක් පවත්වාගෙන යාම.

ව්‍යවස්ථාව

1998 අංක 5 දරණ මොටර් වාහන සංශෝධන පනත මගින් ප්‍රවාහන අමාත්‍යාංශය ය‍ටතේ මාර්ග ආරක්ෂාව පිළීබඳ ජාතික සභාව ක්‍රියාත්මක වන අතර 2004 නොවැම්බර් 24 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමජවාදී ජනරජයේ අංක 1368/18 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මාර්ග ආරක්ෂණ අරමුදල පිහිටුවා ඇත.

සම්බන්ධ වීමට තොරතුරු

සභාපති

නම

වෛද්‍ය සිසිර කෝදාගොඩ

කාර්යාලීය දුරකථන අංකය

011 2840940

කාර්යාලීය ෆැක්ස් අංකය

011 2840940

විද්‍යුත් තැපැල් ලිපිනය

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

ලේකම්

නම

ඩබ්.එම්.ඒ.පී.බී.වන්නිනායක

කාර්යාලීය දුරකථන අංකය

-

කාර්යාලීය ෆැක්ස් අංකය

-

විද්‍යුත් තැපැල් ලිපිනය

-