image 1

දකුණු ආසියාවේ විශාලතම ජාතික  දුම්රිය කෞතුකාගාරය මෙම වසර තුළ විවෘත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

මරදානේ දුම්රිය දෙපාර්තමේන්තුවට ආසන්න ඉඩමක දැනට ඉදි කිරීම් කටයුතු අවසන් වෙමින් තිබෙන එම දුම්රිය කෞතුකාගාරය පසුගියදා අමාත්‍යවරයා විසින් නිරීක්ෂණයට ලක් කළේය.

ජාතික දුම්රිය කෞතුකාගාරයේ ඉදි කිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමෙන් අනතුරුව එය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට බාර දීමට නියමිතය. එමෙන්ම දැනට කඩුගන්නාවේ  එක් ප්‍රදේශයක ඉදි කර තිබෙන දුම්රිය කෞතුකාගාරයේ අඩංගු වන අංශ ද මෙම කෞතුකාගාරයට ගෙන ඒමට  අවශ්‍ය නම් ඒ් සඳහා සුදුසු පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දුන්නේය. 

මෙම ජාතික දුම්රිය කෞතුකාගාරය මෙම වසරේ අවසන් කාර්තුව වනවිට විවෘත කිරීමට හැකියාව ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට  දැනුම් දුන්නේය.

 

නවතම පුවත්