rathmalana workshop

ශ්‍රී ලංකා දුම්රිය සේවයට අයත් වසර 25ක් තිස්සේ භාවිතයෙන් පසු ඉවත් කරන ලද දුම්රිය මැදිරි 1000ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නියමු වැඩ පිළිවෙළක් ආරම්භ කරන්නැයි විදුලි බල බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

විශේෂයෙන් දුම්රිය මැදිරි අලුතින් ආනයනය නොකර, භාවිතයෙන් අනතුරුව ඉවත් කර ඇති එහෙත් අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව හොඳින් ප්‍රවාහණ සේවාවන් සඳහා යොදා ගත හැකි දුම්රිය මැඳිරි ගණනාවක් මේ වන විට රත්මලාන ඇතුලු දුම්රිය අංගනවල ගාල් කර තිබේ. 

මෙම දුම්රිය මැඳිරි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය තරම් සේවක මණ්ඩල සිටින නිසා වහාම එසේ භාවිතයෙන් ඉවත් කර ඇති දුම්රිය මැඳිරි 1000ක් වහාම ප්‍රතිසංස්කරණය කිරීම අරඹන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.

මහජන මුදල් අයථා පරිහරණය වළක්වමින් විදේශ රටවල් කරා ඇදි යනි විශාල මුදල් සම්භාරයක් මේ නිසා රජයට ඉතිරි කර දීම තම අරමුණ බව කී අමාත්‍යවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ දක්ෂ සේවක පිරිසක් සිටිය දී මෙම දුම්රිය මැඳිරි දිරාපත්වන්නට ඉඩ හැරීම ජාතික අපරාධයක් බවත් සඳහන් කළේය

.

නවතම පුවත්