state pt

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් සඳහාම ප්‍රවාහන ගැටළු පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශයට වග කියන සම්බන්ධිකරණ උපාධිදාරී නිළධාරීයෙකු පත් කිරීමට ප්‍රවාහන සේවා කළමණාකරණ රාඡ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මැතිතුමා විසින් කටයුතු කෙරේ.

ඒ අනුව 2020-02-28 දින දිස්ත්‍රික්ක 19ක් සඳහා උපාධිධාරී සම්බන්ධිකරණ නිළධාරී 19 දෙනෙකු සඳහා පත්වීම් ලබා දීම ප්‍රවාහන සේවා කළමණාකරණ රාඡ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මැතිතුමා විසින් ප්‍රවාහන සේවා කළමණාකරණ රාඡ්‍ය අමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරිණ.ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, ජාතික ගමනාගමන කොමිසන් සභාව, මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා පුද්ගලික ප්‍රවාහන සේවා සම්බන්ධීකරණය කරමින් ජනතාවට ප්‍රවාහන කටයුතු සම්බන්ධව පවතින ගැටළු පිළිබඳව සොයා බලා වාර්තා සකස් කොට කඩිනමින් අමාත්‍යංශ වෙත යොමු කිරීමටත්, කඩිනම් පියවර ගැනීමටත් මෙම නිළධාරීන්ට පැවරේ.

විශේෂයෙන් නගර ආශ්‍රිතව ඇති වාහන තදබදය පිළිබඳව, වාහන ගාල් කිරීම පිළිබඳව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන රියදුරු බලපත් ලබා ගැනීම, වෛද්‍ය සහතික ලබා ගැනීම, රියදුරු බලපත් අළුත් කර ගැනීම සම්බන්ධව මහජනතාවට ඇති ගැටළුද ජාතික ගමනාගමන කොමිසන් සභාව සම්බන්ධ වීමෙන් පෞද්ගලික බස් රථ පිළිබඳව මහජනතාවට ඇති ගැටළු ආදිය සොයා බලමින් ජනතාව වෙත සහනයක් ලබා දීමේ අරමුණෙන් මේ පිළිබඳව විමර්ශනය කරමින් අමාත්‍යංශ දැනුවත් කිරීම මෙම නිළධාරීන්ගේ වගකීමයි.

එමෙන්ම අනෙකුත් දිස්ත්‍රික්ක සඳහාද උපාධිධාරීන් මෙම කටයුත්ත සඳහා කඩිනමින් යොදා ගැනීමට කටයුතු කරන බවද ප්‍රවාහන සේවා කළමණාකරණ රාඡ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 

නවතම පුවත්