Tamil-Sri LankaEnglish (United Kingdom)

Ministry of Transport

ඔබ මෙතනයි:  මුල් පිටුව පැණ විසදුම්

පැණ විසදුම්

ලිපි සුචිය
පැණ විසදුම්
පිටු 2 කි
සියළුම පිටු

ශ්‍රී ලංකා ගමනාමන මණ්ඩලය

1. ශ්‍රී ලංගම දුරගමන් සේවා බස්රථ ධාවන කාලසටහන් පිළිබඳ විස්තර දැනගන්නේ කේසේද?

ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයේ දුරකථන අංක 0117555555 අමතා තොරතුරු දැනගත හැකිය.

2. ශ්‍රී ලංගම බස් රථයකදී සිදුවන අපහසුතා දැන්විය යුත්තේ කාහටද?

මගියාට ශ්‍රීලංගම බස් රථයක් තුලදී රියදුරු තනතුරක්, කොන්දොස්තර තනතුරක් හෝ බස් රථයේ අඩුපාඩුවක් මත යම් අපහසුතාවයක් ඇතිවන්නේ නම් ශ්‍රී ලංගම ක්ෂණික ඇමතුම් අංකය වන 0117 555555 අංකය මගින් ශ්‍රී ලංගම ප්‍රධාන විධායක හෝ නියොඡ්‍ය සාමාන්‍යධිකාරී (ධාවන) හෝ පැමිණිලි බාර ගැනීමේ අංශයට දැනුම් දිය හැකීය.

3. ශ්‍රී ලංගම බස් රථයන් හී තම ගමන් මල්ලක් අමතක වී යාමේදි ගතයුතු ක්‍රියාමාර්ගය කුමක්ද?

මෙහිදී අදාල ටිකට්පත ලගතබා ගනිමින් ශ්‍රී ලංගම ක්ෂණික ඇමතුම් අංකය වන 0117 555555 හෝ අදාල බස් රථය අයත් ඩිපෝ අධිකාරී තැන අමතන්න. ඔබට අපගේ පහසුකම් සැලසීමේ කටයුතු ක්‍රියාත්මක වේ.

4. අමතන්න ශ්‍රීලංගම ප්‍රධාන කාර්යාලය සහ ඩිපෝ  කාර්යාල.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව

1. හඳුනා නොගත් රිය අනතුරු සඳහා වන්දි ගෙවීම සම්බන්ධයෙන් විමසීම් ?

ලිපිනය - ලේකම්,

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව,

ප්‍රවාහන අමාත්‍යාංශය,

අංක 01, ඩී. ආර්. විජේවර්ධන මාවත,

කොළඔ 10.

දුරකථන අංකය - +94 112 696 890

ෆැක්ස් අංකය - +94 112 680 163


මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

අප දෙපාර්තමේන්තුව විසින් ලබා දෙනු ලබන සේවාවන් අතුරින් ප්‍රධාන වශයෙන් වාහන ලියා පදිංචි කිරීම, හිමිකමි පැවරීම හා රියදුරු බලපත්‍ර නිකුත් කිරීම දැක්විය හැක.

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ මූලික කටයුතු වේරහැර කාර්යාලය මඟින් ද වාහන ලියා පදිංචිය පැවරීම ඇතුළු අනෙකුත් කාර්යයන් නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මඟින් ද සිදුවන අතර සේවාලාභී මහජනතාව ඒ ඒ කාර්යයන් පිළිබඳ අවශ්‍ය දැනුවත් වීම් සඳහා පැන නඟින ගැටළු වලට අවශ්‍ය විසඳුම් අදාල ශාඛාවේ පොදු දුරකථන අංක මඟින් හෝ සෘජුව මාණ්ඩලික නිළධාරී මාර්ගයෙන් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.

අමතන්න ‍වේරහැර ශාඛා කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාල

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය

සේවා සපයන වේලාවන් :- පෙ.ව 7.30 සිට ප.ව 3.30

වෛද්‍ය සහතිකයක් ලබා ගැනීමට කොපමණ වේලාවක් වැය වන්නේද:- විනාඩි 45 පමණ

 

ජාතික ගමනාගමන කොමිෂන් සභාව

1. අර්ධ සුබෝපභෝගී සේවාවේ වැඩි (බස්) ගාස්තුවක් අයකිරීම හැර එම සේවාවත් සාමාන්‍ය සේවාවත් අතර වෙනස කුමක්ද?

අර්ධ සුබෝපභෝගී සේවාවේ බස් රථ වල ප්‍රවාහනය කරනු ලබන්නේ ආසනගත මගීන් පමණක් වන අතර නැවැත්විය හැක්කේ නැවතුම් පල සිමීත සංඛ්‍යාවක පමණක් බැවින් සාමාන්‍ය සේවා බස් රථයකට වඩා අඩු කාලයක් තුළ ගමනාන්තයට ළඟා විය හැකිය.

2. බස් රථයට ගොඩවීමට ප්‍රථම එය අර්ධ සුබෝපභෝගී සේවාවට අයත් එකක් යයි හඳුනාගන්නේ කේසේද?

අර්ධ සුබෝපභෝගී සේවාවට අයත් බස් රථ වල ඉදිරිපස, පිටුපස හා ගොඩවන පැත්තෙහි ගමනාන්ත දැක්වෙන ස්ට්කර් නිල් පැහැ වන අතර එම ස්ටිකරයෙහි ඉංග්‍රීසී එස් (s) අක්ෂරය සටහන් කර ඇත.

3. යම් කිසි මාර්ගයක් සඳහා බස් රථ සේවාවක් ලබා ගන්නේ කෙසේද?

නව බස් රථ සේවාවක් ආරම්භ කිරීම සඳහා ඉල්ලීම ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත ලැබුණු පසු අදාල මාර්ගයෙහි පවතින මගී ඉල්ලුම ඇතුළු තවත් සාධක කිහිපයක් සම්බන්ධයෙන් සමීක්ෂණයක් කර දත්ත එක් රැස් කර වාර්තාවක් සකස් කරනු ලබයි. ඉන්පසු එම වාර්තාවෙහි තොරතුරු මත කොමිෂන් සභාව සෑහීමකට පත් වන්නේ නම් සුදුසු ධාවකයෙකු තොරා ගැනීම , විවෘත ටෙන්ඩර් පරිපාටියක් ඔස්සේ සිදු කරනු ලබයි.

4. මහජන පැමිණිලි සිදු කරන තැනැත්තා/තැනැත්තිය අදාල පැමිණිලි විභාගය සඳහා අනිවාර්යයෙන් සහභාගි විය යුතුද?

ඔව්. පැමිණිලිකරුගේ සාක්ෂි නොමැතිව නියම විසඳුමක් ලබා දිය නොහැකි අතර චූදිත පාර්ශවය ඉදිරිපත් කරනු ලබන කරුණු පිළිගැනීමට සිදුවීම මත අවසන් තීන්දුව ලබා දීමට සිදුවේ. එම නිසා දෙපාර්ශවයේම සහභාගිත්වය අනිවර්ය වේ.



 

නැවුම් පුවත්

Previous ඊළඟ
  • 1
  • 2
වව්නියාව බස් නැවතුම බස් නැවතුම්පල විවෘත කිරීම...

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් රුපියල් ලක්ෂ 1950 ක වියදමින් ඉදිකරන ලද වව්නියාව බස් නැවතුම්පල 2017.01.17 වන දින ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා උතුර හා දකුණ යාකිරීමේ භූගෝලීය සංධිස්ථානයක් වන වව්නියාව නව බස් නැවතුම්පල විවෘත කිරීමට හැකිවීම ජාතික සංහිඳියාවේ මූලික ප්‍රයත්නයක් බව ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහතා ඇතුළු මැති ඇමතිවරු හා රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

වැඩිදුර කියවීමට
මින් ඉදිරියට ප්‍රීමා පිටි ප්‍රවාහනය දුම්රියෙන්...

ත්‍රීකුණාමලය වරායේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට පිටි ප්‍රවාහනය කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට දුම්රිය සාමාන්‍යධිකාරි බී.ඒ.පී.ආරියරත්න මහතා සහ ප්‍රීමා සිලෝන් පුද්ගලික සමාගමේ සාමාන්‍යධිකාරී ටාන් බෙන් චුආන් මහතා 2017.01.19 වන දින ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී. මෙහිදී අදහස් දැක්වූ දුම්රිය සාමාන්‍යධිකාරී බී.ඒ.පී.ආරියරතන මහතා පවසා සිටියේ මෙම ව්‍යාපෘතිය මගින් මාසිකව දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 15 කට ආසන්න ආදායමක් ලබා ගත හැකි බවයි.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහතා හා ප්‍රීමා සමූහ ආයතනයේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

වැඩිදුර කියවීමට
2017.1.20 දින සිට කොළඹ හා මාතලේ අතර සීඝ්‍රගාමී දුම්රියක් ධාවනයට එක්වේ...

මාතලේ ප්‍රදේශයේ මගී ජනතාවගේ වසර ගණනක සිට පැවති ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස  කොළඹ කොටුව හා මාතලේ අතර දුම්රිය සේවාවක් 2017.01.20 වන දින ආරම්භ වූයේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. දුම්රියේ ගමන්ගත් අමාත්‍යතුමා මාතලේ පැවති උත්සව සභාව අමතමින් ප්‍රකාශකර සිටියේ මාර්ග තදබදයට පිළියමක් ලෙස දුම්රිය සේවාව මහජනයා අතර ප්‍රචලිත කිරීමට වැඩ සටහන් රැසක් දැනට ක්‍රියාත්මක කර ඇති බවයි.

මෙම උත්සව අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දුම්රිය සාමාන්‍යධිකාරී බී.ඒ.පී.ආරියරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ

වැඩිදුර කියවීමට
කළුතර සිට පයාගල දක්වා වු ද්විත්ව දුම්රිය මාර්ගයේ පීලී එලීමේ කටයුතු ආරම්භ කිරීම... (2017.02.06)

වෘත්තිය සමිති එකිනෙකා කා කොටා නොගෙන සමගියෙන් එකා මෙන්ම අප හට සහය දක්වන්නේ නම් ගුණාත්මක මෙන්ම වර්ණවත් දුම්රිය සේවාවක් ජනතාවට ලබාදිය හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ 2017.02.06 දින පස්වරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී පැවති රැස්වීමකදී පැවසීය.

කොළඹ සිට කළුතර දක්වා තිබු ද්විත්ව දුම්රිය මාර්ගය කළුතර සිට පයාගල දක්වා දීර්ඝ කිරීමේ අවස්ථාවට සහභාගී වීමට සහ අළුතින් දුම්රිය දෙපාර්තමේන්තුවට මිලදී ගත් මෝටර් ට්‍රොලි 03ක් නඩත්තු කටයුතු සඳහා මුදා හැරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර, දුම්රිය සාමාන්‍යාධීකාරි බී.ඒ.පී.ආරියරත්න යන මහත්වරුන් ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගී වුහ.

වැඩිදුර කියවීමට