ව්‍යාපෘතියේ නම
පිටකොටුව මධ්‍යම බස්රථ නැවතුම්පල නවීකරණය කිරීම.
හැඳින්වීම
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොල රටේ ඇති ප්‍රධාන බස් නැවතුමපල වේ. එය නගර මධ්‍යයේ පිහිටා ඇති අතර ප්‍රධාන මාර්ග වන බෝධිරාජ මාවත සහ ඔල්කට් මාවතට කෙලින්ම පිවිසීමේ පහසුකම්ද ඇත.
මධ්‍යම බස් නැවතුම්පොල මගින් පහත සඳහන් ක්‍රියාකාරකම් සිදු කරනු ලබයි.
- බස් සේවාව පටන් ගැනීම හා හැරවීම පිලිබඳ පාලනය කිරීම හා නිරීක්ෂණය කිරීම.
- සීසන් ටිකට් අලෙවි කිරීම.
- ශ්‍රී ලංගම බස් රථ මගින් කොළඹ සීමාව තුල සිදුවන අනතුරු පරීක්ෂණයට භාජනය කිරීම.
- අවශ්‍ය වන විට ආදේශක බස් රථ ධාවනය කිරීම.
- සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය, වෙසක් ආදි විශේෂ උත්සව අවශ්‍යතාවන් සදහා ඉලක්ක කර ගනිමින් බස් සේවාවන් ක්‍රියාත්මක කිරීම.
අරමුණ / ප්රතිලාභ
පසුගිය කාලය තුල මෙම බස් නැවතුම්පළ හරියාකාරව නඩත්තු නොකිරීම හේතුවෙන් බස් මඟීන්හට බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදූ විය. කෙසේ නමුත් මෙම බස් නැවතුම්පල සනිපාරක්ෂක වැසිකිලි හා ආසන පහසුකම සහිතව නවීකරනය කිරීම නිසා මගීන්ට විශාල පහසුවක් ඇතිවී තිබේ. මෙයට අමතරව මඟීන්ගේ පහසුව තකා බස් ධාවනය කරන කාල සටහන් ද ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇත.
වර්තමාන තත්වය
මෙම ව්‍යාපෘතියේ වැඩ බොහෝ දුරට අවසන් කර ඇත.