Tamil-Sri LankaEnglish (United Kingdom)

Ministry of Transport

ඔබ මෙතනයි:  මුල් පිටුව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යතුමා

  • මූලික අධ්‍යාපනය - හෙට්ටිපොළ මාධ්‍ය විද්‍යාලය
  • අ.පො.ස (සා/පෙළ) - කොළඹ ඉසිපතන මහා විද්‍යාලය
  • අ.පො.ස (උ/පෙළ) - නාරම්මල මයාරපාද මධ්‍ය විද්‍යාලය

දේශපාලනය

  • 2005 නගර සභා, නියෝජ්‍ය නගරාධිපති.
  • 2010 ජනවාරි - කුරුණෑගල එ.ජ.ප ආසන සංවිධායක.
  • 2010 අප්‍රේල් - කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී.
  • 2015 අගොස්තු 17 - පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය.

 

නැවුම් පුවත්

Previous ඊළඟ
  • 1
  • 2
වව්නියාව බස් නැවතුම බස් නැවතුම්පල විවෘත කිරීම...

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් රුපියල් ලක්ෂ 1950 ක වියදමින් ඉදිකරන ලද වව්නියාව බස් නැවතුම්පල 2017.01.17 වන දින ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා උතුර හා දකුණ යාකිරීමේ භූගෝලීය සංධිස්ථානයක් වන වව්නියාව නව බස් නැවතුම්පල විවෘත කිරීමට හැකිවීම ජාතික සංහිඳියාවේ මූලික ප්‍රයත්නයක් බව ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහතා ඇතුළු මැති ඇමතිවරු හා රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

වැඩිදුර කියවීමට
මින් ඉදිරියට ප්‍රීමා පිටි ප්‍රවාහනය දුම්රියෙන්...

ත්‍රීකුණාමලය වරායේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට පිටි ප්‍රවාහනය කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට දුම්රිය සාමාන්‍යධිකාරි බී.ඒ.පී.ආරියරත්න මහතා සහ ප්‍රීමා සිලෝන් පුද්ගලික සමාගමේ සාමාන්‍යධිකාරී ටාන් බෙන් චුආන් මහතා 2017.01.19 වන දින ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී. මෙහිදී අදහස් දැක්වූ දුම්රිය සාමාන්‍යධිකාරී බී.ඒ.පී.ආරියරතන මහතා පවසා සිටියේ මෙම ව්‍යාපෘතිය මගින් මාසිකව දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 15 කට ආසන්න ආදායමක් ලබා ගත හැකි බවයි.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහතා හා ප්‍රීමා සමූහ ආයතනයේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

වැඩිදුර කියවීමට
2017.1.20 දින සිට කොළඹ හා මාතලේ අතර සීඝ්‍රගාමී දුම්රියක් ධාවනයට එක්වේ...

මාතලේ ප්‍රදේශයේ මගී ජනතාවගේ වසර ගණනක සිට පැවති ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස  කොළඹ කොටුව හා මාතලේ අතර දුම්රිය සේවාවක් 2017.01.20 වන දින ආරම්භ වූයේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. දුම්රියේ ගමන්ගත් අමාත්‍යතුමා මාතලේ පැවති උත්සව සභාව අමතමින් ප්‍රකාශකර සිටියේ මාර්ග තදබදයට පිළියමක් ලෙස දුම්රිය සේවාව මහජනයා අතර ප්‍රචලිත කිරීමට වැඩ සටහන් රැසක් දැනට ක්‍රියාත්මක කර ඇති බවයි.

මෙම උත්සව අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දුම්රිය සාමාන්‍යධිකාරී බී.ඒ.පී.ආරියරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ

වැඩිදුර කියවීමට
කළුතර සිට පයාගල දක්වා වු ද්විත්ව දුම්රිය මාර්ගයේ පීලී එලීමේ කටයුතු ආරම්භ කිරීම... (2017.02.06)

වෘත්තිය සමිති එකිනෙකා කා කොටා නොගෙන සමගියෙන් එකා මෙන්ම අප හට සහය දක්වන්නේ නම් ගුණාත්මක මෙන්ම වර්ණවත් දුම්රිය සේවාවක් ජනතාවට ලබාදිය හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ 2017.02.06 දින පස්වරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී පැවති රැස්වීමකදී පැවසීය.

කොළඹ සිට කළුතර දක්වා තිබු ද්විත්ව දුම්රිය මාර්ගය කළුතර සිට පයාගල දක්වා දීර්ඝ කිරීමේ අවස්ථාවට සහභාගී වීමට සහ අළුතින් දුම්රිය දෙපාර්තමේන්තුවට මිලදී ගත් මෝටර් ට්‍රොලි 03ක් නඩත්තු කටයුතු සඳහා මුදා හැරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර, දුම්රිය සාමාන්‍යාධීකාරි බී.ඒ.පී.ආරියරත්න යන මහත්වරුන් ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගී වුහ.

වැඩිදුර කියවීමට