Tamil-Sri LankaEnglish (United Kingdom)

Ministry of Transport

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

ක්‍රියාත්මක වූ සේවාවන්

  • නව ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල කරන ලදී.
  • නව ලියාපදිංචි කිරීමේ දී අවශ්‍ය වන මෝටර් වාහන පිළිබඳ අතිරේක රේගු තොරතුරු ලබාගැනීම සඳහා රේගු දෙපාර්තමේන්තුවේ පරිගණක ජාලය සමඟ සම්බන්ධතාවය ඇතිකර ගන්නා ලදී.
  • වාහන ලියාපදිංචි සහතිකයේ පැවරුම් දිනය සහ මුද්‍රිත දිනය සටහන් වන පරිදි පරිගණක වැඩසටහන් සකස් කරන ලදී.
  • වාහන ලියාපදිංචි සහතික අනුපිටපත් වල නිකුත් කළ දිනය සටහන් වන පරිදි පරිගණක වැඩසටහන් සකස් කරන ලදී.
  • තැපෑලේ දී අයිතිකරු වෙත භාරදිය නොහැකිව දෙපාර්තමේන්තුව වෙත නැවත ලැබෙන වාහන ලියාපදිංචි සහතික සහ රියැදුරු බලපත්‍ර පිළිබඳ තොරතුරු ඇතුලත් දත්ත ගබඩාවක් සකස් කරන ලදී.
  • අකුසලතා ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පරිගණක චීපයක් සහිත ස්මාර්ට් රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය පිරිනමා ඇත.
  • රියැදුරු බලපත්‍ර ලිඛිත පරීක්‌ෂණය සඳහා නව ප්‍රශ්නාවලි හදුන්වාදීමට කටයුතු යොදන ලදී.
  • පරිගණක අංශය සහකාර කොමසාරිස්වරයෙක් යටතට පත්කරන ලදී.
  • පරිගණකගත මෝටර් වාහන තොරතුරු ඇසුරින් මුද්‍රණය කළ හැකි වාර්ෂික ආදායම් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා පලාත් සභා සමඟ සම්බන්ධීකරණය වී ඒ සඳහා අවශ්‍ය රෙගුලාසි පැනවීම.
  • වාහන පරික්ෂා කිරීම් සහ බර සහතික නිකුත් කිරීමේ කටයුතු වේරහැර කාර්යාල පරිශ්‍රයේ දී සිදුකිරීමට කටයුතු යොදන ලදී.
  • දිස්ත්‍රික් මෝටර් වාහන පරීක්ෂක කාර්යාල තුනක් ප්‍රධාන කාර්යාලය සමඟ පරිගණක ජාලගත කරන ලදී.
  • දෙපාර්තමේන්තුවේ ඵලදායිතාවය වැඩිකිරීම සඳහා එක් එක් අංශවල ඵලදායිතා කව පිහිටුවා කව නායක රැස්වීම් පවත්වා, 2007 වසර සඳහා වැඩ සැලැස්මක් සකස් කරන ලදී.
  • අදාල අංශ හදුනා ගැනීම සඳහා නව නාමපුවරු සකස් කරන ලද අතර දෙපාර්තමේන්තුවේ සියලුම අංශ මෙන්ම භුමිය ද ශ්‍රමදානයකින් පිරිසිදු කර අනවශ්‍ය ලිපි ද්‍රව්‍ය මෙන්ම භාණ්ඩ ද ඉවත් කරන ලදී.
  • වාහන පන්තිය අනුව හිමිකම් පැවරීමේ කටයුතු සිදුකිරීම සඳහා වාහන පැවරීමේ අංශ පිහිටුවීමට කටයුතු යොදන ලදී.
  • පැවරීමේ කටයුතු වේගවත්ව සිදුකළ නිලධාරින් හට දිරි දීමනාවක් ලබාදෙන ලදී.

ඉදිරි පියවර

  • බර කිරණ තරාදියක් වේරහැර කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කිරීම.
  • දැනට ජාලගත නොකල සියලුම දිස්ත්‍රික් මෝටර් වාහන පරීක්ෂක කාර්යාල ප්‍රධාන කාර්යාලය සමඟ පරිගණක ජාලගත කිරීම.
  • ගුණාත්මක මානව සම්පතක් ඇතිකිරීම සඳහා ආකල්ප සංවර්ධන වැඩසටහන් හදුන්වා දීම සහ නිරන්තර පුහුණු සැසි පැවැත්වීම.
  • දැනට ක්‍රමිකව අවම කර ඇති අවිධිමත් දප්‍රසන්න වැඩ පරිසරය තවදුරටත් ප්‍රසන්න කිරීම සඳහා අපද්‍රව්‍ය බැහැර කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් සැකසීම.
  • සංවිධාන ව්‍යහයේ පවතින දුර්වලතා අවම කිරීම සඳහා නීති, මානව සම්පත් සංවර්ධන, සැලසුම් හා තොරතුරු වැනි නව අංශ කීපයක් ස්ථාපිත කිරීම.
 

Name (required)
E-mail (required, but will not display)
Country
Title
Comment
Notify me of follow-up comments
Security code
Refresh