Tamil-Sri LankaEnglish (United Kingdom)

Ministry of Transport

ඔබ මෙතනයි:  මුල් පිටුව ව්‍යාපෘති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

ක්‍රියාත්මක වූ සේවාවන්

  • නව ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල කරන ලදී.
  • නව ලියාපදිංචි කිරීමේ දී අවශ්‍ය වන මෝටර් වාහන පිළිබඳ අතිරේක රේගු තොරතුරු ලබාගැනීම සඳහා රේගු දෙපාර්තමේන්තුවේ පරිගණක ජාලය සමඟ සම්බන්ධතාවය ඇතිකර ගන්නා ලදී.
  • වාහන ලියාපදිංචි සහතිකයේ පැවරුම් දිනය සහ මුද්‍රිත දිනය සටහන් වන පරිදි පරිගණක වැඩසටහන් සකස් කරන ලදී.
  • වාහන ලියාපදිංචි සහතික අනුපිටපත් වල නිකුත් කළ දිනය සටහන් වන පරිදි පරිගණක වැඩසටහන් සකස් කරන ලදී.
  • තැපෑලේ දී අයිතිකරු වෙත භාරදිය නොහැකිව දෙපාර්තමේන්තුව වෙත නැවත ලැබෙන වාහන ලියාපදිංචි සහතික සහ රියැදුරු බලපත්‍ර පිළිබඳ තොරතුරු ඇතුලත් දත්ත ගබඩාවක් සකස් කරන ලදී.
  • අකුසලතා ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පරිගණක චීපයක් සහිත ස්මාර්ට් රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය පිරිනමා ඇත.
  • රියැදුරු බලපත්‍ර ලිඛිත පරීක්‌ෂණය සඳහා නව ප්‍රශ්නාවලි හදුන්වාදීමට කටයුතු යොදන ලදී.
  • පරිගණක අංශය සහකාර කොමසාරිස්වරයෙක් යටතට පත්කරන ලදී.
  • පරිගණකගත මෝටර් වාහන තොරතුරු ඇසුරින් මුද්‍රණය කළ හැකි වාර්ෂික ආදායම් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා පලාත් සභා සමඟ සම්බන්ධීකරණය වී ඒ සඳහා අවශ්‍ය රෙගුලාසි පැනවීම.
  • වාහන පරික්ෂා කිරීම් සහ බර සහතික නිකුත් කිරීමේ කටයුතු වේරහැර කාර්යාල පරිශ්‍රයේ දී සිදුකිරීමට කටයුතු යොදන ලදී.
  • දිස්ත්‍රික් මෝටර් වාහන පරීක්ෂක කාර්යාල තුනක් ප්‍රධාන කාර්යාලය සමඟ පරිගණක ජාලගත කරන ලදී.
  • දෙපාර්තමේන්තුවේ ඵලදායිතාවය වැඩිකිරීම සඳහා එක් එක් අංශවල ඵලදායිතා කව පිහිටුවා කව නායක රැස්වීම් පවත්වා, 2007 වසර සඳහා වැඩ සැලැස්මක් සකස් කරන ලදී.
  • අදාල අංශ හදුනා ගැනීම සඳහා නව නාමපුවරු සකස් කරන ලද අතර දෙපාර්තමේන්තුවේ සියලුම අංශ මෙන්ම භුමිය ද ශ්‍රමදානයකින් පිරිසිදු කර අනවශ්‍ය ලිපි ද්‍රව්‍ය මෙන්ම භාණ්ඩ ද ඉවත් කරන ලදී.
  • වාහන පන්තිය අනුව හිමිකම් පැවරීමේ කටයුතු සිදුකිරීම සඳහා වාහන පැවරීමේ අංශ පිහිටුවීමට කටයුතු යොදන ලදී.
  • පැවරීමේ කටයුතු වේගවත්ව සිදුකළ නිලධාරින් හට දිරි දීමනාවක් ලබාදෙන ලදී.

ඉදිරි පියවර

  • බර කිරණ තරාදියක් වේරහැර කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කිරීම.
  • දැනට ජාලගත නොකල සියලුම දිස්ත්‍රික් මෝටර් වාහන පරීක්ෂක කාර්යාල ප්‍රධාන කාර්යාලය සමඟ පරිගණක ජාලගත කිරීම.
  • ගුණාත්මක මානව සම්පතක් ඇතිකිරීම සඳහා ආකල්ප සංවර්ධන වැඩසටහන් හදුන්වා දීම සහ නිරන්තර පුහුණු සැසි පැවැත්වීම.
  • දැනට ක්‍රමිකව අවම කර ඇති අවිධිමත් දප්‍රසන්න වැඩ පරිසරය තවදුරටත් ප්‍රසන්න කිරීම සඳහා අපද්‍රව්‍ය බැහැර කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් සැකසීම.
  • සංවිධාන ව්‍යහයේ පවතින දුර්වලතා අවම කිරීම සඳහා නීති, මානව සම්පත් සංවර්ධන, සැලසුම් හා තොරතුරු වැනි නව අංශ කීපයක් ස්ථාපිත කිරීම.
 

Name (required)
E-mail (required, but will not display)
Country
Title
Comment
Notify me of follow-up comments
Security code
Refresh

නැවුම් පුවත්

Previous ඊළඟ
  • 1
  • 2
රියදුරු පැසැල් ඇති කිරිමට රියදුරු පුහුණු උපදේශකයින් අවශ්‍යයි... (2017.03.08)

2017.03.08 දින බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති සමස්ත ලංකා රියදුරු පාසැල් හිමියන්ගේ වාර්ෂික සම්මේලනය අමතමින් ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියේ ඉදිරියේදි බලපත් ලාභී පුහුණු උපදේශකයින් යොදා ගනිමින් ගුණාත්මක භවයෙන් යුතු තාක්ෂණික හා ප්‍රයෝගික දැනුම සහිත රියදුරන් බිහි කිරීමට පියවර ගැනීම තම අපේක්ෂාව බවයි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

වැඩිදුර කියවීමට
ප්‍රතිසංවර්ධනය කරනු ලැබු ගුවන් ධාවන පථය මෙහෙයුම් කටයුතු වලට (2017.4.6)...

ප්‍රතිසංවර්ධන කටයුතු සඳහා පුරා මාස තුනක් පමණ දිවා කාලය තුල වසා දමා තිබු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සිය මෙහෙයුම් කටයුතු සඳහා 2017.04.06 දින විවෘත කරනු ලැබුයේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

නෙදර්ලන්තයේ නැෂනල් එරෝ ටෙක්නොලොජි ඉන්ටර්නැෂනල් සමාගමේ (NACO) උපදේශකත්වය යටතේ චීනයේ (CATIC)කැතික් සමාගම විසින් ඉදිකිරීම් කටයුතු සිදු කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 7.2 ක් වැය වී ඇත.

මෙම උත්සව අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන්, අමාත්‍යාංශ නිලධාරීන් හා විදේශ තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

වැඩිදුර කියවීමට
ශ්‍රී ලංකාවේ ගුවන් පියාසර කටයුතු සඳහා A.D.S.B තාක්ෂණය (2017.11.15)

ගුවන් පියාසර කටයුතු සඳහා මෙතෙක් භාවිතා කළ රේඩාර් තාක්ෂණය වෙනුවට නවීනතම අධි තාක්ෂණික ක්‍රමවේදයක් වන චන්ද්‍රිකා මගින් සිදු කෙරෙන ස්වයංක්‍රීය ආරක්ෂිත නිරීක්ෂණ (Automatic Dependence Surveillance-Broad Casting) ක්‍රමය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017.11.15 වන දින රත්මලාන ගුවන් තොටුපල පාලක මැදිරියේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණ.

මෙම නවීනතම තාක්ෂණය යොදා ගැනීම තුලින් පරිසර හිතකාමී සේවාවක් ලබාදීම, ක්ෂණිකව ගුවන්යානා තිබෙන ස්ථාන පිළිබඳ නිරවද්‍ය තොරතුරු ලබාගත හැකිවීම, මෙන්ම ශ්‍රී ලංකා ගුවන් තලයට පැමිණෙන සියළුම ගුවන්යානා වල ආරක්ෂාව වඩාත් තහවුරු කර ගැනීමට හැකිවීම තුළින් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට හැකි වනු ඇත.

වැඩිදුර කියවීමට
කුරුණෑගල දුම්රිය ස්ථානයේ 04 වන වේදිකාව ජනතා අයිතියට පවරමින් (2017.11.20)....

රුපියල් දසලක්ෂ 55 ක වියදමින් ඉදිකරන ලද කුරුණෑගල දුම්රිය ස්ථානයේ 04 වන නව වේදිකාව සේවා කටයුතු සඳහා විවෘත කිරීම ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017 නොවැම්බර් මස 20 වනදා කුරුණෑගලදී සිදුවිය. මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් අමාත්‍යතුමා ප්‍රකාශ කලේ වසර ගණනාවකින් නවීකරණය නොකළ ප්‍රධාන දුම්රිය ස්ථාන 25ක් සංවර්ධනය කිරීම සඳහා 2018 වසරේදී රුපියල් කෝටි 100 ක් වැය කිරීමට නියමිත බවයි.

මෙම අවස්ථාවට සහභාගි වූ නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා රැස්ව සිටි පිරිස අමතමින් කුරුණෑගල ප්‍රදේශය ප්‍රවාහනය ඇතුළු ක්‍රම අටකින් සංවර්ධනය කිරීමට බලාපොරොත්තුවන බවත් මේ සියළු කටයුතු වලදී ගරු අමාත්‍යතුමාගෙන් විශාල සහයෝගයක් ලැබෙන බවත් ප්‍රකාශ කරන ලදී. මෙම අවස්ථාවට දුම්රිය සාමාන්‍යධිකාරී මහානාම අබේවික්‍රම මහතා ඇතුළු නිලධාරීන්, දේශපාලන නායකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

වැඩිදුර කියවීමට