Tamil-Sri LankaEnglish (United Kingdom)

Ministry of Transport

ඔබ මෙතනයි:  මුල් පිටුව ව්‍යාපෘති ශ්‍රී ලංකා දුම්රිය සේවය ක්‍රියාත්මක ව්‍යාපෘති

දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති

ක්‍රියාත්මක ව්‍යාපෘති, 2016.05.18

ව්‍යාපෘතියේ නම

මාතර සිට බෙලි අත්ත දක්වා මාර්ගය ඉදි කිරීම.

හැඳින්වීම

මාතර සිට කතරගම දක්වා වූ දුම්රිය මාර්ගය ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ එහි මුල් අදියර ලෙස මාතර සිට බෙලි අත්ත දක්වා වූ දුම්රිය මාර්ගය ඉදි කිරීම කරනු ලබයි. 2013.08.01 දින එහි ඉදි කිරීම් කටයුතු ආරම්භ කළ අතර එහි දුර කි.මී.26.75 වන අතර එම මාර්ගය ඉදි කිරීමේ කටයුතු ඉදි කිරීම් සමාගමක් විසින් කරනු ලබන අතර එහි ඇස්තමේන්තුගත වියදම ඇ.ඩො 278.2 ක් වේ. මෙම ව්‍යාපෘතිය යටතේ

  • ප්‍රධාන පාළම් 03ක් හා අනෙකුත් පාළම් 09
  • දුම්රිය උමං මාර්ග 02
  • දුම්රිය ස්ථාන 05
  • දුම්රිය හරස් මාර්ග 21

අරමුණ / ප්‍රතිලාභ

  • දකුණු පළාත තුළ දුම්රිය ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීම.
  • එම පළාත තුළ ආර්ථීක සංවර්ධන කටයුතු වැඩි දියුණු කිරීම
  • දුම්රිය ආදායම වැඩි දියුණු කිරීම
  • මගී සුව පහසුව
  • පරිසර හිතකාමී ප්‍රවාහන සේවය

ප්‍රගතිය (%)

භෞතික ප්‍රගතිය - 52.9%

මූල්‍ය ප්‍රගතිය - 51.2%

ව්‍යාපෘතියේ නම

මගී මැදිරි අළුත් වැඩියා කිරීම.

හැඳින්වීම

ධාවන කටයුතු වලින් ඉවත් කරන ලද මගී මැදිරි පුනරුත්ථාපනය කිරීම

අරමුණ / ප්‍රතිලාභ

දුම්රිය ධාවනයෙන් ඉවත් කරන ලද එහෙත් අළුත් වැඩියා කිරීමෙන් පසු ධාවන කටයුතු සඳහා යොදා ගත හැකි මැදිරි දුම්රිය ඇණියට එක් කිරීම. මගී සුව පහසුව.

ප්‍රගතිය (%)

15%

ව්‍යාපෘතියේ නම

යාන්ත්‍රික උප දෙපාර්තමේන්තුව සඳහා නව යන්ත්‍ර ස්ථාපිත කිරීම.

හැඳින්වීම

දුම්රිය ඇණිය අළුත්වැඩියා හා නඩත්තු කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නව යන්ත්‍ර මිල දි ගැනීම.

අරමුණ / ප්‍රතිලාභ

කාර්යක්ෂම දුම්රිය සේවයක් ලබා දීම. මගී සුව පහසුව.

ප්‍රගතිය (%)

10%

ව්‍යාපෘතියේ නම

උතුරු දුම්රිය මාර්ගය වැඩි දියුණු කිරීම.

හැඳින්වීම

උතුරු දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම.

අරමුණ / ප්‍රතිලාභ

කාර්යක්ෂම දුම්රිය සේවයක් ලබා දීම. මගී සුව පහසුව.

ප්‍රගතිය (%)

15%

ව්‍යාපෘතියේ නම

මහනුවර, කඩුගන්නාව, පේරාදෙණිය සහ මහව දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීම.

හැඳින්වීම

යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.

අරමුණ / ප්‍රතිලාභ

කාර්යක්ෂම දුම්රිය සේවයක් ලබා දීම. මගී සුව පහසුව.

ප්‍රගතිය (%)

10%

ව්‍යාපෘතියේ නම

කළුතර සිට පයාගල දක්වා දුම්රිය මාර්ගය ද්විත්වකරණය කිරීම.

හැඳින්වීම

යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.

අරමුණ / ප්‍රතිලාභ

කාර්යක්ෂම දුම්රිය සේවයක් ලබා දීම. මගී සුව පහසුව.

ප්‍රගතිය (%)

50%

ව්‍යාපෘතියේ නම

දුම්රිය ස්ථාන සහ ගොඩනැගිලි වැඩිදියුණු කිරීම.

හැඳින්වීම

දුම්රිය ස්ථාන සහ ගොඩනැගිලි නවීකරණය හා ඉදි කිරීම් කටයුතු සිදු කිරීම.

අරමුණ / ප්‍රතිලාභ

කාර්යක්ෂම දුම්රිය සේවයක් ලබා දීම. මගී සුව පහසුව.

ප්‍රගතිය (%)

18%

ව්‍යාපෘතියේ නම

ජාඇල සිට සීදුව දක්වා ද්විත්ව මාර්ගය සඳහා සංඥා ස්ථාපිත කිරීම.

හැඳින්වීම

සංඥා හා විදුලි සංදේශ පද්ධතිය වැඩි දියුණු කිරීම.

අරමුණ / ප්‍රතිලාභ

කාර්යක්ෂම දුම්රිය සේවයක් ලබා දීම. මගී සුව පහසුව.

ප්‍රගතිය (%)

50%

ව්‍යාපෘතියේ නම

උතුරු දුම්රිය මාර්ගය සඳහා සංඥා ක්‍රමය ස්ථාපිත කිරීම.

හැඳින්වීම

සංඥා හා විදුලි සංදේශ පද්ධතිය වැඩි දියුණු කිරීම.

අරමුණ / ප්‍රතිලාභ

කාර්යක්ෂම දුම්රිය සේවයක් ලබා දීම. මගී සුව පහසුව.

ප්‍රගතිය (%)

98%

ව්‍යාපෘතියේ නම

කැළණිවැලි මාර්ගයේ වර්ණ සංඥා සවි කිරීම.

හැඳින්වීම

සංඥා හා විදුලි සංදේශ පද්ධතිය වැඩි දියුණු කිරීම.

අරමුණ / ප්‍රතිලාභ

කාර්යක්ෂම දුම්රිය සේවයක් ලබා දීම. මගී සුව පහසුව.

ප්‍රගතිය (%)

20%

ව්‍යාපෘතියේ නම

මුහුදුබඩ මාර්ගයේ ආරක්ෂිත සංඥා ක්‍රමය වැඩි දියුණු කිරීම.

හැඳින්වීම

සංඥා හා විදුලි සංදේශ පද්ධතිය වැඩි දියුණු කිරීම.

අරමුණ / ප්‍රතිලාභ

කාර්යක්ෂම දුම්රිය සේවයක් ලබා දීම. මගී සුව පහසුව.

ප්‍රගතිය (%)

60%

ව්‍යාපෘතියේ නම

ආරක්ෂිත දුම්රිය හරස් මාර්ග ස්ථාපනය කිරීම.

හැඳින්වීම

අනතුරු අවම කිරීම සහ දුම්රිය ධාවනය කාර්යක්ෂම කිරීම.

අරමුණ / ප්‍රතිලාභ

කාර්යක්ෂම දුම්රිය සේවයක් ලබා දීම. මගී සුව පහසුව, මගී ආරක්ෂාව ලබා දීම.

ප්‍රගතිය (%)

18%






 

Name (required)
E-mail (required, but will not display)
Country
Title
Comment
Notify me of follow-up comments
Security code
Refresh

නැවුම් පුවත්

Previous ඊළඟ
  • 1
  • 2
  • 3
දුම්රිය මාර්ගයේ පීලී එලීමේ කටයුතු ආරම්භ කිරීම... (2017.02.06)

වෘත්තිය සමිති එකිනෙකා කා කොටා නොගෙන සමගියෙන් එකා මෙන්ම අප හට සහය දක්වන්නේ නම් ගුණාත්මක මෙන්ම වර්ණවත් දුම්රිය සේවාවක් ජනතාවට ලබාදිය හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ 2017.02.06 දින පස්වරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී පැවති රැස්වීමකදී පැවසීය.

කොළඹ සිට කළුතර දක්වා තිබු ද්විත්ව දුම්රිය මාර්ගය කළුතර සිට පයාගල දක්වා දීර්ඝ කිරීමේ අවස්ථාවට සහභාගී වීමට සහ අළුතින් දුම්රිය දෙපාර්තමේන්තුවට මිලදී ගත් මෝටර් ට්‍රොලි 03ක් නඩත්තු කටයුතු සඳහා මුදා හැරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර, දුම්රිය සාමාන්‍යාධීකාරි බී.ඒ.පී.ආරියරත්න යන මහත්වරුන් ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගී වුහ.

වැඩිදුර කියවීමට
නව දුම්රිය කාලසටහනක් ප්‍රකාශයට පත් කරයි...(2017.02.20)

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සංස්කරණය කරන ලද නව වේලාවන්ට අනුව සකසන ලද  දුම්රිය කාලසටහන ප්‍රකාශයට පත් කිරීම 2017.02.20 දින පෙරවරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ.

මෙහිදී අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව  ලබන මාස සිට මෙම නව කාලසටහන මහජනතාව වෙත මිලදී ගැනීමට හැකිවන පරිදි ප්‍රධාන දුම්රිය ස්ථානවලට ලබාදීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධීකාරිවරයා පැවසීය. නව කාලසටහනේ ප්‍රථම මුද්‍රිත පිටපත අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී.ආරියරත්න මහතා විසින් භාරදුන් අතර මෙම අවස්ථාවට අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන් වන තිලකරත්න බණ්ඩා, ආර්.එම්.රත්නායක සහ දුම්රිය මෙහෙයුම් අධිකාරී විජය සමරසිංහ යන මහත්වරුන් සහභාගි වුහ.

වැඩිදුර කියවීමට
ප්‍රවාහන සේවයේ සංවර්ධන කටයුතුවලට ඉන්දුනීසියාවේ සහය...(2017.02.23)

ශ්‍රි ලංකාව තුළ ඉදිරියේදී සිදු කෙරෙන සංවර්ධන කටයුතු සඳහා ඉන්දුනීසීයානු රජයේ පුර්ණ සහයෝගය ලබාදෙන බව හා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය නඟා සිටුවීමට අවශ්‍ය සහය ලබා දෙන බව ඉන්දුනීසියානු උප විදේශ අමාත්‍ය ඒ.එම්.ෆචීර් මහතා ප්‍රකාශ කරන ලදී.

උප අමාත්‍යවරයා මෙම කරුණු හෙලි කළේ 2017.02.23 දින ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය කාර්යාලයේදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවු අවස්ථාවේදීය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතා සහ ඉන්දුනීසීයානු තානාපති කාර්යාලයේ නිළධාරීන් කිහිප දෙනෙක්ද සහභාගි වූහ.

වැඩිදුර කියවීමට
දුම්රිය මගීන්ගේ පහසුව සඳහා ටේලර් මැෂින් 300 ක් දුම්රිය ස්ථානවලට...(2017.02.27)

දුම්රිය මගීන්ට දෛනිකව සිදු කර ගත යුතුව තිබෙන බැංකු කටයුතු  පහසු කිරීමේ අරමුණ ඇතුව ප්‍රධාන දුම්රිය ස්ථාන 100ක මහජන බැංකු ටෙලර් යන්ත්‍ර 300 ක් සවි කිරීමට කටයුතු ආරම්භ කිරීමට අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම 2017.02.27 දින අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍යාංශයේදී සිදුවිය.
මෙම අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී .ආරියරත්න, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරී සහ සාමාන්‍යධීකාරී එන් වසන්ත කුමාර් යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ සහ මහජන බැංකුවේ නිළධාරීන් පිරිසක්ද සහභාගි වුහ.

වැඩිදුර කියවීමට
රත්මලාන ගුවන් තොටුපළෙන් ජාත්‍යන්තර වෙළඳ ගුවන් සේවා...(2017.03.10)

රත්මලාන ගුවන් තොටුපළෙන් ජාත්‍යන්තර වෙළෙඳ ගුවන් සේවා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

පසුගියදා  පැමිණි මාල දිවයින් සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය මූසා සමීර් මහතා හා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර මෙම ගුවන් සේවා ආරම්භ කිරීම පිළිබඳ මූලික සාකච්ඡාව 2017.03.07 දින රත්මලාන ගුවන් තොටුපළ පර්යන්තයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපතිනය වන සහියා සාරීර්, මාල දිවයින් ජාත්‍යන්තර ගුවන් සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂ අබ්දුල් හරීස්, ගුවන් මෙහෙයුම් ප්‍රධානි අහමඩ් ඊබ්‍රහිම්, ගුවන් තොටුපළ සමාගමේ සභාපති සමන් එදිරිවීර, විධායක අධ්‍යක්ෂ යොහාන් ජයරත්න යන මහත්වරුන්ද සහභාගි වූහ.

වැඩිදුර කියවීමට
රියදුරු පැසැල් ඇති කිරිමට රියදුරු පුහුණු උපදේශකයින් අවශ්‍යයි... (2017.03.08)

2017.03.08 දින බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති සමස්ත ලංකා රියදුරු පාසැල් හිමියන්ගේ වාර්ෂික සම්මේලනය අමතමින් ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියේ ඉදිරියේදි බලපත් ලාභී පුහුණු උපදේශකයින් යොදා ගනිමින් ගුණාත්මක භවයෙන් යුතු තාක්ෂණික හා ප්‍රයෝගික දැනුම සහිත රියදුරන් බිහි කිරීමට පියවර ගැනීම තම අපේක්ෂාව බවයි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

වැඩිදුර කියවීමට