English (United Kingdom)Tamil (Sri Lanka)

පුවත් සහ සිදුවීම්

ප්‍රවාහන අමාත්‍යංශය
අංක 1, ඩී.ආර්. විජේවර්ධන මාවත,
කොළඹ 10,
ශ්‍රී ලංකාව.

මුල් පිටුව ව්‍යාපෘති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

ක්‍රියාත්මක වූ සේවාවන්
නව ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල කරන ලදී.

නව ලියාපදිංචි කිරීමේ දී අවශ්‍ය වන මෝටර් වාහන පිළිබඳ අතිරේක රේගු තොරතුරු ලබාගැනීම සඳහා රේගු දෙපාර්තමේන්තුවේ පරිගණක ජාලය සමඟ සම්බන්ධතාවය ඇතිකර ගන්නා ලදී.

වාහන ලියාපදිංචි සහතිකයේ පැවරුම් දිනය සහ මුද්‍රිත දිනය සටහන් වන පරිදි පරිගණක වැඩසටහන් සකස් කරන ලදී.

වාහන ලියාපදිංචි සහතික අනුපිටපත් වල නිකුත් කළ දිනය සටහන් වන පරිදි පරිගණක වැඩසටහන් සකස් කරන ලදී.


තැපෑලේ දී අයිතිකරු වෙත භාරදිය නොහැකිව දෙපාර්තමේන්තුව වෙත නැවත ලැබෙන වාහන ලියාපදිංචි සහතික සහ රියැදුරු බලපත්‍ර පිළිබඳ තොරතුරු ඇතුලත් දත්ත ගබඩාවක් සකස් කරන ලදී.


අකුසලතා ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පරිගණක චීපයක් සහිත ස්මාර්ට් රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය පිරිනමා ඇත.

රියැදුරු බලපත්‍ර ලිඛිත පරීක්‌ෂණය සඳහා නව ප්‍රශ්නාවලි හදුන්වාදීමට කටයුතු යොදන ලදී.

පරිගණක අංශය සහකාර කොමසාරිස්වරයෙක් යටතට පත්කරන ලදී.

පරිගණකගත මෝටර් වාහන තොරතුරු ඇසුරින් මුද්‍රණය කළ හැකි වාර්ෂික ආදායම් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා පලාත් සභා සමඟ සම්බන්ධීකරණය වී ඒ සඳහා අවශ්‍ය රෙගුලාසි පැනවීම.

වාහන පරික්ෂා කිරීම් සහ බර සහතික නිකුත් කිරීමේ කටයුතු වේරහැර කාර්යාල පරිශ්‍රයේ දී සිදුකිරීමට කටයුතු යොදන ලදී.


දිස්ත්‍රික් මෝටර් වාහන පරීක්ෂක කාර්යාල තුනක් ප්‍රධාන කාර්යාලය සමඟ පරිගණක ජාලගත කරන ලදී.


දෙපාර්තමේන්තුවේ ඵලදායිතාවය වැඩිකිරීම සඳහා එක් එක් අංශවල ඵලදායිතා කව පිහිටුවා කව නායක රැස්වීම් පවත්වා, 2007 වසර සඳහා වැඩ සැලැස්මක් සකස් කරන ලදී.


අදාල අංශ හදුනා ගැනීම සඳහා නව නාමපුවරු සකස් කරන ලද අතර දෙපාර්තමේන්තුවේ සියලුම අංශ මෙන්ම භුමිය ද ශ්‍රමදානයකින් පිරිසිදු කර අනවශ්‍ය ලිපි ද්‍රව්‍ය මෙන්ම භාණ්ඩ ද ඉවත් කරන ලදී.

වාහන පන්තිය අනුව හිමිකම් පැවරීමේ කටයුතු සිදුකිරීම සඳහා වාහන පැවරීමේ අංශ පිහිටුවීමට කටයුතු යොදන ලදී.

පැවරීමේ කටයුතු වේගවත්ව සිදුකළ නිලධාරින් හට දිරි දීමනාවක් ලබාදෙන ලදී.

 

ඉදිරි පියවර
බර කිරණ තරාදියක් වේරහැර කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කිරීම.


දැනට ජාලගත නොකල සියලුම දිස්ත්‍රික් මෝටර් වාහන පරීක්ෂක කාර්යාල ප්‍රධාන කාර්යාලය සමඟ පරිගණක ජාලගත කිරීම.

ගුණාත්මක මානව සම්පතක් ඇතිකිරීම සඳහා ආකල්ප සංවර්ධන වැඩසටහන් හදුන්වා දීම සහ නිරන්තර පුහුණු සැසි පැවැත්වීම.

දැනට ක්‍රමිකව අවම කර ඇති අවිධිමත් දප්‍රසන්න වැඩ පරිසරය තවදුරටත් ප්‍රසන්න කිරීම සඳහා අපද්‍රව්‍ය බැහැර කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් සැකසීම.

සංවිධාන ව්‍යහයේ පවතින දුර්වලතා අවම කිරීම සඳහා නීති, මානව සම්පත් සංවර්ධන, සැලසුම් හා තොරතුරු වැනි නව අංශ කීපයක් ස්ථාපිත කිරීම.