දර්ශනය
රියදුරන්ගේ සෞඛ්‍ය හේතූන් මත සිදුවන අනතුරු වැලැක්වීමට සහය වීම
මෙහෙවර
වෛද්‍ය පරීක්‌ෂණ අවසානයේ තත්වයෙන් උසස් වෛද්‍ය වාර්තාවක් ලබාදීම.
සෑම පලාතකම සුදුසුකම් හා කැපවීමෙන් යුතු සේවක මණ්ඩලයක් යුතු ශාඛා විවෘත කිරීම.
රිය අනතුරු සිදුවීමට බලපානු ලබන වෛද්‍ය හේතූන් පිළිබඳව රියදුරන් දැනුවත් කිරීම.
රියදුරන්ගේ සෞඛ්‍ය හේතූන් මත සිදුවන අනතුරු සම්බන්ධයෙන් ප‍්‍රවාහන අමාත්‍යාංශය මාර්ගයෙන් රියදුරන් දැනුවත් කිරීම.
ප්‍රධාන කාර්යයන්
1997 අංක 25 දරණ ජාතික ප්රවාහන වෛද්‍ය ආයතනය පනත යටතේ ජාතික ප්රවාහන වෛද්‍ය ආයතනයේ කර්තව්‍යයන් පහත දැක්වේ.
(අ) බරවාහන ඇතුළු සියළු වර්ගවල මෝටර් වාහන පදවන හෝ ධාවනය කරන රියැදුරන්ට සහ ධාවකයන්ට වෛද්‍ය සේවා සහ ආධාර සැලසීම.
(ආ) බරවාහන ඇතුළු සියළු වර්ගවල මෝටර් වාහනවල රියැදුරන් හා ධාවකයන් පරීක්ෂා කර ඒ රියැදුරන්ට හා ධාවකයන්ට ශාරීරික හා මානසික යෝග්‍යතාව පිළිබඳ සහතික ලබා දීම.
(ඇ) බරවාහන ඇතුළු සියළු වර්ගවල වාහනවල රියැදුරන් හා ධාවකයන් වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කර, ඔවුන්ගේ සුදුසුකම සහ යෝග්‍යතාව පිළිබඳ නිර්දේශ ලබාදීම.
(ඈ) කවර හෝ වර්ගයක මෝටර් වාහනවලට අදාළ අනතුරු හා සම්බන්ධ අවස්ථාවලදී වෛද්‍ය සේවා සහ ආධාර සැලසීම.
(ඉ) සියළු විස්තරවලට අයත් මෝටර් වාහන, ශාරීරිකව හා මානසික යෝග්‍ය හා ප‍්‍රවීණ තැනැත්තන් විසින් පමණක් ධාවනය කරනු ලබන හෝ පදවනු ලබන බවට, ආයතනය විසින්ම හෝ වෙනත් නියෝජ්‍යායතන විමසා හෝ වගබලා ගැනීම.
(ඊ) ආයතනයේ කර්තව්‍ය ඉටුකිරීමේ කාර්යය සඳහා විවිධ දිස්ති‍්‍රක්කවලට හා පළාත්වලට සුදුසු වෛද්‍ය නිලධරයන්ගේ මණ්ඩලයක් පත්කිරීම.
(උ) කාර්මික ස්වස්ථතාව සහ කාර්මික අනතුරු පිළිබඳව වෛද්‍ය උපදෙස් හා නිර්දේශ ලබාදීම.
(ඌ) අනතුරු අවස්ථා සම්බන්ධයෙන් ගෙවිය යුතු වන්දි හෝ අලාභ ප‍්‍රමාණය පිළිබඳ උපදෙස්හා විශේෂ ගුරු උපදේශ ලබාදීම.
(එ) අදාළ කි‍්‍රයාත්මක කිරීමේ බලධරයන් විසින් පිළිගත යුතු හා කි‍්‍රයාත්මක කළ යුතු, ප‍්‍රවාහන වෛද්‍ය කටයුතුවල ප‍්‍රමිති සකස් කිරීම හා සීමා නියම කිරීම.
(ඒ) 1987 අංක 23 දරණ රාජ්‍ය සංස්ථා හෝ ආණ්ඩුවට අයත් ව්‍යාපාර ආයතන පොදු සමාගම් බවට පරිවර්තනය කිරීමේ පනත යටතේ පිහිටුවන ලද සමාගම්වල හෝ රාජ්‍ය සංස්ථාවල හෝ 1991 අංක 37 දරණ ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ ලියාපදිංචි වූ පෞද්ගලික බස්රථ සමාගම්වල සේවයේ නියුක්ත රියැදුරන්ට හා ධාවකයන්ට වෛද්‍ය සේවා සහ ආධාර ලබාදීම.
ජාතික ප්රවාහන වෛද්‍ය ආයතනය
170, හයිලෙවල් පාර,
නුගේගොඩ,
ශ්‍රී ලංකාව.
දුරකථන: 94 (0) 11- 2852868
ෆැක්ස්: 94 (0) 11- 2809305
ඊ-මේල් :
මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ






